තමන් ගැබිනියක් ද නැද්ද කියලා දැනගන්න වෛද්‍ය පර්යේෂණ ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් නිවසේදීම ගර්භනී භාවය පරික්ශා කර ගත හැකි ක්‍රමයක් තියෙනවා කියලත් දන්නවනේ. මේ කියන්න යන්නේ ඔය කිසිම දෙයක් නැති කාලේ තමන් ගැබිනියක් බව අඳුනගත්ත විදිය ගැනයි. ඇත්තම කියනවා නම් ඒ කාලෙදි විතරක් නෙමෙයි මේ කාලයටත් මේ කරුණු වලංගුයි.
පියයුරු වල වේදනාව
දරුවෙක් පිළිසිද ගත්තට පස්සේ අම්මගේ පියයුරු වල යම් වේදනාවක් දැනෙනවා. ඒකට හේතු වෙන්නේ ගැබ් ගැනීමත් එක්ක ඇතිවන හෝමෝන වෙනස්වීම. මේක සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන කාලසීමාවෙත් කාන්තාවන් තුළ දකින්න ලැබෙන දෙයක්. පිළිසිඳගෙන සති දෙකක් වගේ යද්දි ඊස්ට්‍රජන් හෝර්මෝන සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ටිකක් වැඩියෙන් සිරුරට ලැබෙන නිසා පියයුරු විශාල වෙන්න පටන් ගන්නවා. මේ විදියට වේදනාවක් දැනෙන්න ප්‍රධාන හේතුව ඒක තමයි.
කොන්දේ වේදනාව
පිළිසිඳ ගැනීමත් එක්ක දකින්න ලැබෙන තවත් සුලභ ලක්ෂණයක් තමයි කොන්දේ වේදනාව. ඊට කලින් කොන්දේ වේදනාවක් තිබුනෙ නැති කාන්තාවකට, එයා ගර්භණීභාවය අපේක්ෂා කරමින් සිටින කාලවකවානුවක අමුතු විදියේ කොන්දේ අමාරුවක් දැනෙනවා නම් සැලකිලිමත් උනාට කමක් නැහැ. මේ කොන්ද වේදනාවට හේතුව වෙන්නේ ඔයාගේ කලලය ගර්භාෂයට පැමිණීමත් එක්ක මුත්‍රාශයේ සිදුවන තෙරපීම.
රුධිරය පිටවීම
ගොඩක් අය මෙහෙම රුධිරය පිටවන එක තමන්ගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වුණා කියලා වරදවා වටහා ගන්නවා. ඇත්තටම ඔසප් රුධිරය එක්කෝ රෝස පාටයි එහෙම නැත්තන් ටිකක් ගුරු පැහැයට හුරුයි. නමුත් මේ රුධිර ඇත්තටම රතු පාටයි. මෙහෙම රුධිරය පිටවෙන්නේ කළලය පිළිසිඳ ගත්තට පස්සේ. හැබැයි මෙහෙම රුධිරය පිටවීම ඉක්මනින්ම අවසන් වෙනවා. ඒ කියන්නේ දවසක් වගේ ඇතුළත ඉවර වෙනවා. නමුත් ගර්භණී සමයේ පළමු කාර්තුවේ රුධිරය වැඩියෙන් පිටවනවා නම් සැලකිලිමත් වෙන්න. ඒක අනතුරුදායක තත්වයක් වෙන්න පුළුවන්.
ඇරියෝලාව තද පැහැයට වෙනස් වීම
පියයුරු වල ඉදිරියෙන් තිබෙන කළු පැහැති කොටස හෙවත් ඇරියෝලාව තද පැහැයට හැරෙනවා. එය ගර්භණී වීම පිළිබඳ සුලබව දකින්න ලැබෙන ලක්ෂණයක්. මේ විදිහට පිළිතුරු වෙනස් වෙන්නේ ගැනීමත් සමඟ සිරුරේ ඇතිවන හදිසි හෝමෝන වෙනස් කම නිසයි. මේ හෝමෝන සිරුරෙන් මෙලනින් වර්ණකයට බලපෑම් කිරීම තමයි මේ තත්ත්වයට හේතු වෙන්නේ.
කලන්තය සහ වමනය ඇතිවීම
මෙය ගර්භනී සමයේ ඉතාම සුලබ තත්ත්වයක්. මොන තරම් සුලබ ද කියනවා නම් සමහර අය තමන්ට වමනේ ගියේ නැත්නම් ඒ පිළිබඳව සෑහෙන්න බය වෙනවා. ඒ කියන්නේ හරියට ගැබ් ගැනීම සහ වමනය යාම අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා වගේ. නමුත් සමහර අයට කලන්තය සහ වමනය යෑම කියන ලක්ෂණ දෙකම දකින්නට ලැබෙන්නේ නෑ. ඒක ඉතාම සාමාන්‍ය තත්වයක්.
ආහාර රුචියේ ඇතිවන වෙනස්කම්
සමහර අයට ආහාර රුචිය වැඩිවෙනවා. සමහර අයට නම් කෑම කන්න බැරුව යනවා. ගොඩක් වෙලාවට ආහාර වෙච්ච වැඩිවෙන්න ඇඔුල් ආහාර කන්න හිතෙන එකත් එක්ක. ඉස්සර කාලේ කවුරුහරි කාන්තාවක් ඇඔුල් ආහාර වැඩි පුර කනවා නම් ඈ ගැබ්ගෙන ඇති කියල අනිත් අය අනුමාන කරලා තියෙනවා. ඒ වගේම වමනය සහ කලන්තය එක්ක ඇතිවෙන ආහාර අරුචියත් මේ කාලෙදි දකින්න පුළුවන් සුලභ ලක්ෂණයක්.
මල බද්ධය
මලබද්ධය ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ ගැබ් ගැනීමත් සමඟ සිරුරේ සිදුවන හෝර්මෝන වෙනස්වීමයි. මේ තත්ත්වය නිසා බොහෝ කාන්තාවන් පලවෙනි මාස 3 දී දැඩි ලෙස අපහසුතාවයට පත්වෙනවා. පලවෙනි මාස තුන අවසානයේදී ගොඩක් දෙනෙකුට මේ තත්ත්වය මගහැරී යනවා දකින්න පුළුවන්.
මේ ලිපියෙන් අපි කතා කලේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණ හතක් ගැන විතරයි. තවත් ලක්ෂණ බොහොමයක් තියනවා. නමුත් ඒවා සුලබ ව දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම මේ ලක්ෂණ වුණත් එක එක අම්මලාට දැනෙන විදිය වෙනස්. සමහර අම්මා කෙනෙකුට මේ ලක්ෂණ ඔක්කොම තියෙන්න පුළුවන්. තවත් අම්මා කෙනෙකුට මේ කිසිම ලක්ෂණයක් නැති වෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මේ ලක්ෂණ එකක් දෙකක් තියෙන්න ත් පුළුවන්.
ඒ නිසා මේ ගැන අවධානය අවබෝධය ලබාගන්න ඕන මිසක කලබල වෙන්න අවශ්‍ය නැහැ.