free stats

මෙරට ජනගහනයෙන් මිලියන දෙකකට අධික පිරිසක් ස්වසන රෝගවලින් පීඩා විඳියි. ඒ අතරින් ගොදුරු වී ඇති දරුවන් ප‍්‍රමාණය 25% පමණ වේ. මෙහිදි දරුවන් අතර බහුල ලෙස දැකගත හැකි ස්වසන රෝග කිහිපයකි. ඒ අතරින් ‘‘පීනස’’ සදහා හිමිවන්නේ මුලික තැනකි. අතීතයේදි මෙම රෝගය එතරම් සුලබ නොවුණ ද

වර්තමානයේ රෝගය මෙලෙස වර්ධනය වීමට හේතුව ඇති වී තිබෙන පාරිසරික වෙනස්කම් යයි සිතිය හැකිය. පෙරට වඩා පරිසරයේ පවතින දූෂිත බව මෙන්ම වර්ෂාවේ වෙනස්කම් ද සුළග හමන ආකාරයේ සිදුවී ඇති වෙනස්කම් ආදී සියල්ල මේ සදහා සෘජුවම බලපායි.

පීනස් රෝගයට වයස් පරතරයක් නැත. මාස දෙකක් වයස දරුවෙක්ට පවා පීනස රෝගය වැළඳෙන්නට ඉඩ තිබේ. රෝගය මතුවන්නේ අපේ ස්වසන පද්ධතිය උත්තේජනවලට දක්වන අධි ක‍්‍රියාකාරිත්වය නිසාය. එය එක්තරා ආකාරයක අසාත්මිකතාවකි. පීනස. සීතල, දුමාරය, මල්වල පරාග, වායු සමීකරණ භාවිතය, සුවද විලවුන් භාවිතය, සමහර රසායන ද්‍රව්‍ය භාවිතය, කැරපොත්තන්, පරවියන්. පූසන් වැනි සතුන්ගෙ මළ, පූසන් බල්ලන් වැනි සතුන්ගේ ලොම් වලින් පීනස් රෝගය මතුවේ. නමුත් මෙවැනි උත්තේජකවලට දක්වන ප‍්‍රතිචාරය දරුවාගෙන් දරුවාට වෙනස්ය.

නාසය කැසීම, ඇස් කැසීම, උගුර කැසීම, නාසය හිරවීම, ඇස් රතු වීම, කදුළු ගැලීම, නැවතුමක් නැතුව, කිවිසුම යාම පීනස රෝගයේ

ලක්‍ෂණයි. මෙම රෝගය නිතර වැළඳෙන දරුවන් තුළ හිසරදය, අලසකම, ගද සුවද නොදැනීම වැනි රෝග ලක්‍ෂණ කල්යාමේ දි මතුවේ. දරුවන් කොටසකට මේ රෝග ලක්‍ෂණ මතුවන අතර සමහර දරුවන්ට රෝග ලක්‍ෂණ මතුවන්නේ වසරේ සමහර කාලවලදි පමණි.

මේ රෝගය අයිති වන්නේ ආසාත්මිකතා ලෙස වෙන් කරන රෝග ගණයටයි. එබැවින් ආසාත්මිකතා නිසා ඇතිවන වෙනත් රෝගත් මේ සදහා බලපායි. ඇදුම රෝගය, දද, ආහාර හෝ බෙහෙත් වර්ගවලට දක්වන ආසාත්මිකතාව ද පීනසය සමගම බැදී පවතියි.  පීනස රෝගය ඇති දරුවෙකුට එම රෝගය පමණක් තිබිය හැකි මුත් ඉහත දැක්වූ ආසාත්මිකතා නිසා මෙම රෝගී තත්ත්වයන්  ඕනම මොහොතක ඇතිවිය හැකිය. එම නිසා පීනස සුව වන විට හතිය මතුවන බවට සමාජයේ ඇති මතය මෙන්ම දද සුවකළ විට හතිය උත්සන්න වන බවට සමාජ ගතවී ඇති මතයද මිත්‍යාවකි.

පීනස රෝගය උත්සන්න වී ඇති දරුවෙකුට එය පාලනය කිරීම මගින් අනෙකුත් ක‍්‍රියාකාරකම් සහ අධ්‍යාපන කටයුතුවලට රෝගයෙන් මතුවන බලපෑම අවම වේ. ඒ සදහා බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන්නේ antihistamine කාණ්ඩයේ ඖෂධයි. එම කාණඩයට අයත් බොහෝ ඖෂධ වර්ග ඇති අතර වෛද්‍යවරයා විසින් එම දරුවාට ගැළපෙන (දරුවාගේ වයසට හා රෝගය පවතින ආකාරය අනුව) ඖෂධ තීරණය කරනු ඇත. loratadine,piriton, cetirizine එවැනි ඖෂධ කිහිපයකි. මෙයට අමතරව නාස් කුහරයට දමන ඖෂධ සහ ඇසට දමන ඖෂධ දරුවාට ඇති රෝගයේ ස්වරූපය අනුව වෛද්‍යවරයා විසින් නියම කරනු ලැබේ.

නමුත් පීනස රෝගය පාලනය කළ හැකි අතර නිට්ටාවට සුව කළ නොහැකිය. සමහර විට කුඩා අවධියේ දි ඇති වන පීනස දරුවා වැඩිහිටියෙකු වූ පසුව සුව වන්නට ඉඩ තිබේ. එහෙත් සමහර අවස්ථාවලදී මේ තත්ත්වය වෙනස් වන අතර වැඩිහිටි අවදියේත් රෝගය පවතියි. නමුත් රෝගය වැඩිකරන උත්තේජක පාලනය වේ නම් පමණක් ඖෂධ මගින් සුවපත් කළ හැකියි.

දරුවා ජීවත් වන පරිසරය දුහුවිලි අවම ස්ථානයක් බවට පත්කිරීම මේ සදහා ඇති මූලිකම විස`දුමයි. තිර රෙදි ගෘහ භාණ්ඩ අවම පරිසරයක් නිර්මාණය කිරීම පහසු කාර්යයකි. එම`ගින් හොද පිරිසිදු වාතාශ‍්‍රයක් ලැබෙන අතරම දුහුවිලි නිවස පුරා රැුඳෙන්නෙත් නැත.

ගේ පුරා ගොඩ ගසා තිබෙන පරණ රෙදි පොත් කැඩුණු බිදුණු බඩු භාණ්ඩ ගොඩ ගසා ඇත්නම් එය දරුවා

රෝගියෙකු කිරීමට හේතුවේ. තිර රෙඳි ඇද ඇතිරිලි නිතරම සේදීම බිම ඇමදීම වෙනුවට මොබ් කිරීම සොෆ්ට් ටෝයිස් භාවිතය අවම කිරීම සුරතල් සතුන් ළං කරගැනීමෙන් වැළකීම ඉතා වැදගත් ය.

නිවස අලූත්වැඩියා කිරීමේදී බිත්ති මැදීම, ලී යතු ගෑම, මකුළු දැල් කැඞීමේදි දරුවා දුහුවිල්ලට නිරාවරණය වීමෙන් වලක්වාගත යුතුයි.

සුන්දර නිරෝගී ක‍්‍රියාකාරි දරුවෙක් නිර්මාණය කරගැනීම සඳහා විනෝදකාමී ළමා දිවියක් අවශ්‍ය වේ. දරුවාට පීනස ඇතැයි කියා දරුවන්ගේ සතුට සීමා කොට ඔවුන් පි‍්‍රය කරන සෙල්ලම් කිරීම, පිහිනීම වැනි කි‍්‍රයාකරකම් ද අයිස් ක‍්‍රීම් වැනි ආහාර ද දරුවාට අහිමි නොකළ යුතුය. ඒ සඳහා සුදුසු වේලාව හා ආකාරය තීරණය කළ යුත්තේ දෙමව්පියන් ය.

සටහන – අරුණි ජයසේකර