ලිංගිකත්වය කියන්නේ ඉතාම සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතාවයක්. වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් තිබෙන හොඳම ක්‍රමය වෙන්නේ වර්ගයා බෝ කිරීම. ඒ සඳහා සොබා දහම අපිට ලබාදීලා තියෙන්නේ ලිංගික එක්වීමකින් දරුවන් බිහිකිරීමේ ක්‍රමය.
නමුත් මේ තරම් දියුණු සමාජ වටපිටාවක වුණත් ලිංගික ජීවිතය වරදකාරි එකක් කියලා හිතන යම් අදහසක් සමහර අයගේ හිත ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ විවාහ ජීවිතය ඇතුලේ වුණත් සමහර වෙලාවට ලිංගිකව හැසිරීම වරදක් කියලා හිතන අය ඉන්න පුළුවන්. මේකට වැඩියෙන්ම බලපාන්නේ ආසියානු රටවල සමහර සංස්කෘතික කාරණා වෙන්නත් පුළුවන්.
අපි හැමවිටම හිතනවා කාන්තාවකට මෙවැනි හැඟීමක් මුලින් ඇතිවීම වරදක් කියලා. අම්මා නෙවෙයි තාත්තා තමයි දරුවෙක් හදන්න පළමු පියවර තියන්න ඕන කියලා අපි හිතනවා. ඒ නිසා වෙන්නේ හුඟක් කාන්තාවන්ගේ ලිංගික කැමැත්ත යටපත් වීමයි. මෙන්න මේ සුළු ප්රශ්නය මහා ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා ලිංගික එක්වීම ප්රතික්ෂෙප කරන තැනට පත්වෙනවා. එය තමයි තවත් අවස්ථාවක දී විවාහය පවා අසාර්ථක වෙන්න හේතුවක් වෙන්නේ.
ඒ වගේම සමහර කාන්තාවන් පිරිසක් කිසිම හේතුවක් නැතුව වුණත් ලිංගික සබධතා ප්රතික්ෂෙප කරනවා. ඒ වගේම කවදාවත් ලිංගික සම්බන්ධතාවයකට යන්න බැරි අයත් ඉන්නවා. මේ කියන කාරණාවෙදි විශාල පරාසයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මානසිකව සූදානම් නොවීම. ඒ නිසා සමහර විට හැඟීම් උද්දීපනය වෙනුවෙන් වෙහෙසීමක් වත් නොකරන ඉඩ නොදෙන අවස්ථා තියෙනවා. ලිංගික හැඟීම් එන්නේ කායික හා මානසික දෙයාකාරයේ ම සම්මිශ්‍රණයක් විදියට.
සමහර කාන්තාවන් පිරිමි හෝර්මෝනවලට සංවේදි නැහැ. එයාලා කාන්තාවන් වුණත් ජානමය වශයෙන් තියෙන්නේ පිරිමි ගති ලක්ෂණ. යෝනි මාර්ගයක් තිබුණත් එය නිසි පරිදි පිහිටලා නැහැ. ඒ වගේම කිසිම දවසක ඔසප් වෙන්නේ නැහැ. ඒ නිසා ගැබ් ගන්නත් අපහසුයි. නමුත් මේ කාන්තාවන් පිටතින් ඉතාමත් සුන්දරයි, ඒ වගේම ආකර්ශණීයයි. ඔවුන්ට දරු සම්පත් ලබන්න බැහැ. නමුත් අවශ්‍ය නම් යෝනි මාර්ගය සකස් කරන්න පුළුවන්.
මානසික ගැටළු
සමහර කාන්තාවන් යෝනි මාර්ගය කුඩා නිසා ලිංගිකව එක්වීම අසීරුයි කියලා හිතලා බියට පත්වෙනවා. ලිංගික කාර්යය ප්රතික්ෂෙප කරන්නේ ඒ නිසයි. නමුත් යෝනි විවරය සකස් වෙලා තියෙන්නේ ඇඳීමට ලක්වෙන ආකාරයෙන්. බිය වෙන්න අවශ්‍ය නැහැ. මොකද දරුවෙක් ස්වභාවිකව බිහි කරන්න පුළුවන් තරමටම යෝනි මාර්ගයේ මස්පිඬු ඇඳීමට ලක්වෙනවා. ස්වයං වින්දනයගැහැණු ළමයෙක් ස්වයං වින්දනය කරන අවස්ථාවක් මව හෝ පියා දැකලා ඒ දරුවට බැනලා හෝ දඬුවම් කරලා තියෙනවා නම්, ප්‍රේම සම්බන්ධයක් නිසා ඇතිවුණු ගැටළුවක් මනසට බලපාලා තියෙනවා නම් එයි ඇතිවුණු බය නිසා ලිංගික එක්වීම ප්රතික්ෂෙප කරන අවස්ථා තිබෙනවා.
ලිංගික අතවර සිදුවීම නිසා මෙවැනි කාන්තාවන්ට පිරිමි පාර්ශවය පිළිබඳව පැහැදීමක් නැහැ. සමහර විට වෛරයක් වගේ හැඟීමක් හිතේ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගැහැණු දරුවන් පිරිමි ඥාතීන් සමඟ දාලා යන්න එපා. වෙනත් අයට දරුවන්ගේ වගකීම් පවරන්නත් එපා. විවිධ තැති ගැනීම්වලට ලක්වුණු අය වෙනත් අයගේ ලිංගික අත්දැකීම් ගැන දැනුවත් වෙලා එයින් බයට පත්වෙන පිරිසක් ඉන්නවා. ඒ ඒ අය තමන්ගේ පුද්ගලික අත්දැකීම් පිළිබඳව කියන දේවල් නිසා තැති ගන්නවා වගේම එයින් ලිංගික හැඟීම් වියැකිලා යනවා. සමලිංගික බව ප්‍රතිකාර ලබාදීම මේ තත්ත්වයට ප්‍රතිකාර ලබාදීමේ දී මානසික රෝග හා කායික රෝග කියන දෙයාකාරයේ ම සම්බන්ධතාවයෙන් ප්‍රතිකාර ලබාදීම වැදගත්.
බොහෝ කාන්තාවන්ට ලිංගික එක්වීමකට කැමැත්ත තිබුණත් පුරුදු නැති නිසා, නිසි උත්තේජනය නොලැබීම නිසා ඒ පිළිබඳ සෘණ මානසිකත්වයක් ඇතිවෙනවා. ඒ මානසිකත්වය හදාන්න ඕන මානසික වෛද්‍යවරයෙක්. නමුත් එයින් තමන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා අදහස් වෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි වෛද්‍යවරුන් වෙත යන හැමෝම මානසික ගැටළු තියෙන අයත් නෙවෙයි. උපදේශණය අවශ්‍ය අයව යොමු කරන්නෙත් ඔවුන් වෙතයි.
ඒ වගේම පිරිමි පාර්ශවයේත් ගැටළු තිබෙනවා. ඒවාත් විසඳාගත යුතුයි. සමහර පිරිමි අය වෙනත් අත්දැකීම් ලබලා හෝ වීඩියෝ නරඹලා තම බිරිඳගෙන් පළමු දිනයේ ම එවැනි හැසිරීම් බලාපොරොත්තු වෙනවා. එයින් කාන්තාව අපහසුතාවයට පත්වීමයි සිදුවෙන්නේ. ඒවගේම තවත් පිරිසක් තමන්ගේ පුද්ගලික ලිංගික හැසිරීම් ගැන යාළුවන්ට කියනවා. ඔවුන් ඒවාට විවිධ පිළිතුරු දෙනවා, තවත් අය සමඟ සසඳනවා. මෙයින් ඔබේ පවුල් ජීවිතය පවා අවධානමකට ලක්වෙන්න පුළුවන්.
කායික වශයෙන් ඇතිවන ගැටළු සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. සැත්කම් මඟින් අවශ්‍ය පරිදි සැකසීම් ද කළ හැකියි. ඒ නිසා වඩාත් සුදුසු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
වෛද්‍ය අශෝක කරුණානන්ද මහතා