ගර්භණී සමයේ අවධානය යොමු කරන කාරනා අතර ගැබිනි සමයේ ආහාර රටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙනවා. “දෙන්නෙකුට ඇති වෙන්න කන්න” කියන කතාව අපි නිතරම අහලා තියෙන ඒ වගේම නිතරම ලිපිවලත් කතා කරපු මාතෘකාවක්. ආහාර ගැනීමේ දී වැඩි අවධානය යොමු කළ යුත්තේ පෝෂණයට කියන කරුණ පිළිබඳව අපි මීට පෙර ලිපි ගණනාවක කතා කළා. අද අපි කියන්න යන්නේ වෙනස්ම කතාවක්. ගැබිනි සමයේ ආහාර වලට ක-ුළු බඩු එකතු කරගන්නේ කොහොමද?
ආසියාතික රටවල ආහාර රටාව ගැන කතා කරන විට දකින්න ලැබෙන ප්‍රධාන ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා. සැරට කන්න තියෙන කැමැත්ත එයින් එකක්. නමුත් මේ කාල සීමාවේ සැරට ආහාර ගන්න හොඳයි ද කියන කාරණාව හුඟක් මව්වරුන් අතර තිබෙන ගැටළුවක්. කුළු බඩු භාවිතයේ අවශ්‍යතාව ඇතිවෙන්නේ රස නිසා විතරක්ම නෙවෙයි. ආහාර කල් තබාගැනීමට ඒ වගේම ක්‍ෂුද්‍ර ජීවී උවදුරුවලින් ආරක්‍ෂා කරගන්නත් ඉස්සර කාලේ ඉදලම කුළු බඩු භාවිත කළා. ඒ වගේම මේවායි අපිට කුඩා ප්‍රමාණයේ පෝෂණ සංඝටකත් එකතු වෙනවා. ආහාරය ගැනීමට ප්‍රියමනාප වර්ණවලින් යුක්ත වෙනවා වගේම රසයත් වැඩි කරන්න මේවාට පුළුවන්. ඒ වගේම සුවඳ වැඩිවීමත් සිදුවෙනවා. නමුත් කුළු බඩු ආහාරවලට එකතු කරගන්නේ ඉතාම කු-ඩා ප්‍රමාණවලින් නිසා ශරීර ගතවීමේ ප්‍රමාණය අඩුයි.
සියලුම කුළු බඩු නිෂ්පාදනය සඳහා යොදාගන්නේ ස්වාභාවික ශාක, ගෙඩි, පඳුරු, කොළ ආදියයි. ඒ නිසා මෙහි ආහාරයට අහිතකර කිසිවක් අඩංගු වන්නේ නැහැ. ගර්භණී කාලයේ සැරට කන එක අහිතරක නැහැ කියන්නේ ඒ නිසයි. සමහර රටවල මතයක් තියෙනවා සැරට කෑවාම ඉක්මනින් කේන්ති ගන්න දරුවන් ඉපදෙනවා කියලා. නමුත් ඒ කතාවේ ඇත්තක් නැහැ. ඒ වගේම කුළු බඩු ගණයට අයත් නොවුණත් ළුූෑණු සහ සුදු ළුූෑණු කියන්නෙත් ආහාරයට එකතු කරගත යුතු ද්‍රව්‍යයන්.
නමුත් ගැබිනි වියේ දී ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවුණොත් පමණක් සැර ආහාර ගැනීම පිළිබඳව අවධානය යොමු කල යුතුයි. ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්නේ සැර ආහාර ගැනීම නිසාවත් කෑම නොගෙන සිටීමෙන් හෝ ඇඹුල් ආහාරයට ගැනීම නිසාවත් නෙවෙයි. බැක්ටීරියා හා ක්‍ෂුද්‍ර ජීවීන් ආහාර මාර්ග බිත්තිවලට හානි කිරීම නිසයි. එයින් ආමාශයේ තුවාල ඇතිවෙනවා. ආමාශයේ ඇසිඩ් ගතියක් ඇතිවෙනවා. ඒ තත්ත්වය අවශ්‍ය වන්නේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීම සඳහායි. එවැනි අවස්ථාවල අර ඇතිවන තුවාලවලින් දැවිල්ල තත්ත්වයක් ඇතිවෙනවා. ඒ කාලෙදි සැර හෝ ඇඹුල් කෑවා කියලා මේ තත්ත්වය වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම ගර්භණි කාලේ ්‍යැ්රඑ ඊමරබ එහෙමත් නැත්නම් පපුවේ දැවිල්ල තත්ත්වයක් ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් ඇතිවීම නිසා නෙවෙයි. දරුවා වර්ධනය වන විට ගර්භාෂය විශාල වීම නිසා ඇතිවන පීඩනය හේතුවෙන් අමාශය තෙරපීමට ලක්වීම නිසයි. මේ වගේ වෙලාවට වියලි බිස්කට් එකක්, ටෝස් කරපු පාන් පෙත්තක් කන්න පුළුවන්. මේ ගැස්ට්‍රයිටිස් තත්ත්වයට කුළුබඩුවල සම්බන්ධයක් නැහැ. නමුත් අපහසු නම් අඩු කල හැකියි.
මුලින් කිව්වා වගේ ආහාර රුචිය වැඩි කරවන්නත් කුළු බඩු පාවිච්චි කරන නිසා කන්න බැරි කෙනෙකුට ආහාර රුචිය වර්ධනය කරවන්නත් අවස්ථාව තිබෙනවා. නමුත් ගර්භණී කාලයේ ඇතිවන විවිධ ගැටලු නිසා කුළු බඩු එක්ක කල ආහාර පෙර පරිදිම ආහාරයට ගන්න බැරි වෙන්න පුළුවන්. මේ නිසා සමහර කෙනෙකුට හොඳට සැර කෑම කන්න පුළුවන් වෙනවා වගේම සමහර කෙනෙකුට සැර කෑම කටේ තියන්න බැරි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් සැර කෑම කාලා පුරුදු නැත්නම් මේ කාලේ නොකා හිටියට කමක් නැහැ. ගැබිනි කාලේ තමන්ට පුරුදු හොඳම විදියට ආහාර ගන්න. නුපුරුදු දේවල් අත්හදා බලන්න ගර්භණි සමය හොඳ කාලයක් නෙවෙයි. මොකද අලුත් ආහාර පුරුදු නිසා අලුත් ගැටළු ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම අපේ සමාජයේ උෂ්ණ ආහාර හා සීත ආහාර කියලා කාණ්ඩ දෙකක් තිබෙනවා. මේ අතරින් කුළු බඩු අයිති වෙන්නේ උෂ්ණ කාණ්ඩයට. ඒ පිළිබඳ ලිපියක් අපි මෙයට පෙර ආදරණීය අම්මි සඟරාවෙන් කතා කළා. මේ තත්ත්වය ඇතිවෙන්නේ ආසාත්මිකතා නිසයි. යම් කෙනෙක් අදාල ආහාරයට දක්වන ආසාත්මිකතාවය අනුව සිදුවෙන දෙයක් මිස ආහාරවල එවැනි බෙදීමක් නැහැ.
උදාහරණයක් විදියට කුරුඳු කියන්නේ හොඳ ආහාර රසකාරකයක්. හැබැයි කුරුඳු ටිකක් සැර රසයෙන් යුක්තයි. නමුත් කුරුඳුවල අඩංගු රසායන එකපාරින් රුධිරයට යන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය විතරක් උරාගෙන ඉතිරිය ඉවත් කරනවා. ඒ නිසා උණුසුම් හෝ සීත කතාවක් මෙයට අදාල වෙන්නේ නැහැ. ගම්මිරිස් වුණත් එහෙමයි. මේ හැම ආහාර රසකාරකයක්ම ශාක සාරමය ගුණයෙන් යුක්ත නිසා සිරුරට අහිතරක වෙන්නේ නැහැ. ඇගේ රස්නය ගතිය වැඩි කිරීමේ ගුණයක් තිබෙනවා. ඒ නිසා සුප් එකක් බොනවා නම් එකතු කර ගත්තාට කමක් නැහැ. බිත්තරයක් බඳින විට රසවත් කිරීමට හා අපුල ගතිය අඩුකරගන්න ගම්මිරිස් වඩාත් සුදුසුයි. නමුත් නිතර නිතර ආහාරයට නොගත්තාට කමක් නැහැ.
ගැබිනි සමයේ මෙතෙක් ආහාරයට නොගත් හෝ ආසාත්මිකතා පෙන්වු ආහාර කිසිවක් ආහාරයට ගන්න එපා. එය සුදුසු නැහැ. ඒ වගේම වෙෙද්‍ය අනුමැතියකින් තොරව විවිධ ආහාර වර්ග අත්හදා බලන්න උත්සහ කිරීමත් සුදුසු නැහැ. ගර්භණි සමයේ දී ඔබ මුණගැසෙන වෙෙද්‍යවරයා හෝ පෝෂණවේදියෙක් හරහා ආහාර පුරුදු පිළිබඳව උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි. එයින් අසාත්මිකතා, ආහාර නිසා ඇතිවන බහිස්‍රාවීය ගැටළු වැනි දේ පාලනය කරගැනීම හෝ වළක්වාගැනීම කරන්න පුළුවන්. අනෙක් අයගෙන් උපදෙස් ගැනීම හෝ වෙනත් මව්වරුන්ගේ ආහාර පුරුදු සමඟ තම ආහාර පුරුදු සසඳා බලා තීරණ ගැනීම නුවණට හුරු නැහැ. ඒ නිසා සෑම විටම විද්‍යානුකූල උපදෙස් ලබාගන්න පුරුදු වෙන්න.
මහාචාර්ය රේණුක සිල්වා
සටහන චාපා හංසිනි ආටිගල