free stats
  1. දුෂ් පෝෂණය කියලා හඳුන්වන්නේ මොනවගේ තත්ත්වයක්ද?

දුෂ් පෝෂණය කියන්නේ ඉතාම නරක විදියට සිරුරට පෝෂණය ලබාගැනීම හෝ අවශ්‍ය ප්‍රමාණයට සිරුරට පෝෂණය ලබා නොගැනීම. සෑම කාන්තාවක්ම ගර්භණි වීමට පෙර තමන්ගේ උසට සරිලන බර පිළිබඳව සැලකිලිමත්විය යුතු වන්නේ මේ නිසායි. පෝෂණය අඩු වැඩි කැලරි ප්‍රමාණයක් සහිත ආහාර ප්‍රමාණයක් ගැනීම නිසා එන මහත් වීමේ තත්ත්වයත්, අඩු පෝෂණ ප්‍රමාණයක් ගැනීම නිසා එන මන්ද පෝෂණ තත්ත්වයත් සෞඛ්‍යයට ඉතාම අහිතකරයි.

  1. ගර්භණී සමයට ආවේණිකව දුෂ් පෝෂණය ඇති වෙනවාද?

නැහැ. ඒ කාලෙදි එහෙම විශේෂ තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. නමුත් දුෂ් පෝෂණය සහිත කාන්තාවක් ගර්භණී වෙන්න පුළුවන්. එවිට සමහර අවස්ථාවලදී මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ගර්භණී වීමට ප්‍රථම තමන්ගේ පෝෂණ තත්ත්වයන් පිළිබඳව අවබෝධය ලබාගත යුත්තේ අන්න ඒ නිසායි.

  1. ඒ කාලයේ ඇතිවන ආහාර අරුචිය හෝ ආහාර ගැනීමට ඇතිවන අධික ආශාව මේ තත්ත්වයට බලපානවාද?

ආහාර අරුචිය දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. ඒ තත්ත්වය මුල් මාස කිහිපයේදී ඇතිවෙලා මඟහැරිලා යනවා. නමුත් අහිතකර ආහාර රුචියක් ආවොත් ඒ තත්ත්වය මවට බලපෑම් එල්ල කරන්න හේතුවෙන්න පුළුවන්. පෝෂණයෙන් අඩු කෘතිම අහාර මේ අතරින් වඩාත් අහිතකර ආහාර විදියට හඳුනාගැනෙනවා.

  1. මේ තත්ත්වය දරුවාට බලපාන්නේ කෙසේද?

පළමු සති ගණන තුළ දරුවාගේ වර්ධනය සිදුවෙනවා. ඒ කාලයේ තමයි අවයව නිර්මාණය වෙන්නේ. නිසි පෝෂණය අවශ්‍ය වන්නේ මේ වර්ධනය සඳහායි. විශේෂයෙන්ම දරුවා කුස තුළ වර්ධනය වෙන්නේ අම්මාගේ ආහාර මගින් ලැබෙන පෝෂණයෙන්. මේ නිසා නිසි පෝෂණය නොලැබීම දරුවාගේ වර්ධනයට බලපානවා.

  1. ආහාර අරුචිය දිගින් දිගටම පවතිනම් කුමක් කළ යුතුද?

ආමාශයේ ඇති ගැටළුවක් නිසා හෝ වෙනත් අභ්‍යන්තර තත්ත්වයක් නිසා හැරෙන්නට ආහාර අරුචිය දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. එවැනි අවස්ථාවක ආහාර රුචිය වර්ධනය කරවීමට විවිධ උපක්‍රම භාවිත කිරීම සුදුසු නැහැ. ආහාර රුචිය වර්ධනය සඳහා වෙළඳපලේ තිබෙන සමහර ආහාර වර්ග නිසා දරු ගැබට හානි වෙන්න පුළුවන්. මේ නිසා වඩාත් සුදුසු වෙන්නේ වෛiවරයෙක් මුණගැසීමයි.

  1. උපතින් පසු දරුවාට මේ තත්ත්වය බලපාන්නේ කොහොමද?

බබාගේ බුද්ධි වර්ධනයට හා මානසික වර්ධනයට මෙය අනිසි විදියට බලපාන්න පුළුවන්. අඩු බර තත්ත්වය දරුවාට ඇතිවුණොත් බෝ නොවන රෝග ඇතිවෙනවා. ඒ වගේම මවගේ අධික කැලරි පරිබෝජනය නිසා දරුවා ස්ථූල බවට පත්වෙන්නත් පුළුවන්. එය දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇතිවීමට තවත් ප්‍රධාන හේතුවක් වනවා. ගැහැණු දරුවෙක් නම් එයා කුසයේ සිටිද්දි ඇතිවන පෝෂණ ඌණතා ඩිම්බ වර්ධනයට බලපානවා. මෙය අනාගත පරපුර කෙරෙහි සෘජුවම බලපාන්න පුළුවන්.

  1. දරු ප්‍රසූතියෙන් පසුව පෝෂණ ඌණතා තත්ත්වය මඟහැරෙන්න පුළුවන්ද?

ඒක පදනම් වෙන්නේ තමන් ගන්නා පෝෂණය මත. මුදලට සරිලන පෝෂණයක් ලබාගැනීම මෙතනදී ඉතාම වැදගත් වෙනවා. සීනි, පිටි, කැලරි තිබෙන ආහාර සඳහා වැඩි මුදලක් වියදම් කරනවාට වඩා බිත්තර, පරිප්පු, කුඩා මාළු වගේ දෙයක් අඩු මිලට අරගෙන වැඩි පෝෂණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම වැඩි පෝෂණය සඳහා තෝර මාළු, කිරි මාළු කන එක හොඳයි. නමුත් එවැනි දෙයක් මිලට ගන්න බැරි කෙනෙක් සරල මුදලකින් වැඩි පෝෂණයක් ලබාගැනීම වඩාත් සුදුසුයි.

  1. දුෂ් පෝෂණය ශක්තිය හීන වීමක් සිදුවෙනවාද?

අවම පෝෂණයක් ලැබීම ශක්තිය හීන වීමට බලපාන්න පුළුවන්. මවට දරුවා දරාගැනීමට මෙන්ම බිහි කිරීමටත් ශක්තිය අවශ්‍ය වනවා. ඒ සඳහා ශක්තිය වර්ධනය වන හොඳ ආහාර වේලක් ගත යුතුයි. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව දැනුවත් වීම හා එවම පෝෂණය පහසුවෙන් ලබාගත හැකි ආහාර කාණ්ඩ ගැන දැනුවත් වීම වැදගත් වන්නෙත් ඒ නිසයි. දිනකට සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණය, සීනි ප්‍රමාණය ඇතුළුව තමාට සිරුරේ බර අනුව ලබාගත යුතු පෝෂණ ප්‍රමාණය හා ආහාර ප්‍රමාණය පිළිබඳව මවක් සායනවලදි දැනුවත් වීම ඉතාම වැදගත්.

  1. දුෂ් පෝෂනය වලක්වා ගැනීමට ගර්භණී වීමට පෙර සිටම සුදානම් වන්නේ කොහොමද?

විවාහයට පෙර පෝෂණ ගැටළු හඳුනාගෙන ෙෙවද්‍ය උපදෙස් මත ඒවා සකස් කරගැනීම වැදගත් වෙනවා. මන්ද පෝෂණය වගේම අධි පෝෂණය කියන අන්ත දෙකම වළක්වා ගත යුතුයි. පළා වර්ග, කොළ පාට එළවළු, කහ පාට එළවළු සහ පළතුරු වර්ග, බිත්තර, කුඩා මාළු, හාල් මැස්සෝ නිතර ආහාරයට ගැනීම ඉතාම වැදගත් වෙනවා. ආර්ථිකයට සරිලන විදියට හොඳ පෝෂණයක් ලබා ගැනීම ඉතාම වැදගත්.

  1. දුෂ් පෝෂණයටම අදාල වන අධි පෝෂණය වළක්වා ගැනීමට ව්‍යායාම සුදුසු ද?

ව්‍යායාම සුදුසු වුවත් සාමාන්‍ය කාන්තාවන් මෙන් ගර්භණී කාන්තාවන්ට හිතුමතේ ව්‍යායාම කරන්නට බැහැ. අනෙක් අතට ආහාර පාලනයක් මේ කාලයේ සුදුසු නැහැ. එයින් නිසි පෝෂනය නොලැබී යන්නට පුළුවන්. එය දරුවාටත් මවටත් අනිසි බලපෑම් ඇතිවීමට හේතු වනවා. මේ නිසා වඩාත් වැදගත් වන්නේ නිසි පරිදි සායනවලට සහභාගි වී උස බර මැන බලා සුදුසු පරිදි වෛi උපදෙස් මත අදාල කාරණා සඳහා යොමුවීමයි.

විෙශ්ෂඥ වෛද්‍ය
අශෝක කරුණානන්ද

සටහන චාපා හංසිනි ආටිගල