free stats

ඔය කාලෙ ට කෑම කන්න බැරිවෙන එක සාමාන්‍ය දෙයක්. කන්න කැමති දෙයක් තියෙනවා නම් කියන්නකෝ. හදලා දෙන්න පුලුවන්.”

අහල පහල කෙනෙක් හරි පවුලේ කෙනෙක් හරි ගැබ් ගත්තා කියලා දැනගත්තට පස්සේ අපේ කාන්තාවන්ගේ කටින් පිටවෙන හුරුපුරුදු කතාවක් තමයි මේ. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට කෑම ටිකක් දෙන එක බොහොම වැදගත් කාර්යයක් විදියට තමයි අපේ අය සලකන්නේ. ඒ නිසාම බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දා ඉදලම ඒ අම්මට කෑම බීම වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ.

හැබැයි ඉතින් අපේ අය අතරේ කන්න හොඳ කෑම කන්න හොඳ නැති කෑම කියලා පුංචි වර්ග කිරිමක් තියෙනවා. මේක සාමාන්‍ය අයටත් අදාලයි. උශ්ණ කෑම සීතල කෑම කියලා වර්ග කරන්නෙත් මේ ආහාර වර්ගම තමයි.

මීට අමතරව අපේ වැඩිහිටියෝ කන්න එපා කියලා තහනම් කරන ආහාර වර්ගත් තියෙනවා. සමහර ආහාර වර්ග ගත්තාම කලලයට හානි වෙනවා කියලා අපේ වැඩිහිටියන්ගේ විශ්වාසයක් තියෙනවා. ගස්ලබු මේ අතරින් එක් ප්‍රධාන පළතුරක්. ගස්ලබුවල තියෙන පැපේන් කියන එන්සයිමය නිසා අපේ හෝර්මෝන පද්ධතියේ අඩුවැඩි වීම් සිදුවෙන්න පුලුවන්. ඉතින් ගැබිණි මවක් අමු හෝ භාගෙට ඉදුනු ගස්ලබු ආහාරයට ගත්තාම මේ එන්සයිමය ශරිරගතවෙලා හෝර්මෝන මට්ටමේ අඩුවීමක් වෙලා කලලයට හානි වෙන්න ඉඩ තියෙනවා. හොදින් ඉදුනු ගස්ලබුවල මේ එන්සයිමය නැතත් ඒවා වුණත් වැඩියෙන් කන එක ඒ තරම් සුදුසු නැහැ කියලා සමහරු හිතනවා.

අන්නාසි මේ කාණ්ඩයේ ජනප්‍රිය පළතුරක්. බොහෝ දෙනෙක් ගර්භනි සමයේ අන්නාසි ආහාරයට ගන්න හරිම බයයි. අමු සහ බාගෙට ඉදුණු අන්නාසිවලින් ශ්‍රාවය වන ප්‍රොස්ටග්ලැඩිනර් කියන එන්සයිමය නිසා ගර්භාෂය සංකෝචනය වෙනවා. ඒ නිසා ගබ්සා වන්නට පුලුවන්. පළතුරු එළවලු විතරක්ම නෙවෙයි මාලු වර්ග ඉස්සෝ දැල්ලෝ වගේ ආහාරත් ගර්භනි සමයේ දි ආහාරයට ගැනීම අවදානම් වන්නට ඉඩ තිබෙනවා. මොකද ඉස්සෝ, දැල්ලෝ වගේ ආහාරවල අසාමාන්‍ය ප්‍රෝටීන වර්ග බහුල බව සොයාගෙන තිබෙනවා. මේ නිසා සමහර කෙනෙකුට ආසාත්මික වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. බල මාලුවල හිස්ටමින් සංයෝගය අධිකව අඩංගුයි. මේ නිසා බල මාලු ආහාරයට ගත්තාම කැසීම් පලු දැමීම් ඇතිවෙන්න පුලුවන්.

අර්තාපල් හැරුණු විට දේශියව දක්නට ලැබෙන සමහර අල වර්ගත් ගැබිණි සමයේ ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. එවැනි අල වර්ග මඟින් ආසාදන ඇතිවන්නට පුලුවන්. කැසීම්, පලු දැමීම්, හුස්ම ගැනිමේ අපහසුව ආසාත්මිකතාවල ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර මේවා ගැබිණි සමයේ ඇතීවීම සුදුසු නැහැ. ඒ වගේම දෙහි දොඩම් වැනි සෙම් බහුල කරවන ආහාරත් මේ කාලෙදි කන්න සුදුසු නැහැ කියලා මතයක් තිබෙනවා. සෙම් රෝග ඇතිවීමෙන් ගැබිණි මව අපහසුතාවයට පත්වෙන්න ඉඩ තියෙනවා.

මේ විදියට ආහාර වර්ග කලත් නොකලත් ඇත්තටම ගැබිණි සමයේ ආහාර පානවලින් පරිස්සම් වෙන එක නම් හුගක් හොඳයි. විශේෂයෙන්ම තමන්ට ආසාත්මිකයි කියලා දන්න ඒ වගේම ආසාත්මික වෙයි කියලා සැක හිතෙන ආහාර වර්ග තියෙනවා නම් ගර්භනි සමයේ සහ පැටියාට කිරි දෙන මාස කිහිපයේ එවැනි ආහාරවලින් ඈත්වෙලා ඉන්න. කෘතිම රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර, තෙම්පරාදු කරන ලද බැදපු ආහාර, රසකාරක වර්ණකාරක යෙදු ආහාරත් ගැබිණි සමයේ ආහාරයට ගන්න සුදුසු නැහැ. එවැනි ආහාර වර්ගවලින් ඈත්වෙලා ගුණාත්මක එළවලු පළතුරු සහ පලාවර්ග ආහාරයට ගන්නවා නම් පුංචි පැටියාගේ ආරක්ෂාව ගැන බයවෙන්න ඕන නැහැ.