free stats

ඔබට මේ කියන්න යන්නේ අලුත් කතාවක් නෙවෙයි. අපි දිනකට වතුර ලීටර් තුනකට වඩා පානය කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒක අමුත්තක් නෙවෙයි. නමුත් ගර්භණී සමයේ ඔබ ගත කරන්නේ තරමක් වෙනස් කාල පරිඡේදයක්. බය වෙන්න උවමනා නැහැ. ඔබට සාමාන්‍ය පරිදි සාමාන්‍ය කාන්තාවක් ලෙස කාලය ගතකරන්න පුළුවන්. නමුත් ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා අද අපි ඔබට කතා කරන්න යන්නේ ඔබේ වතුර පානය කිරීමේ කලාව ගැනයි. මේ කියන කාරණා බොහොම සරල වුණත් එයින් ඔබට යම් අදහසක් ගන්න පුළුවන් කියලා අපි හිතනවා. අන්න ඒ අදහස අරගෙන ඔබේ මීළඟ වෛi හමුව සිදුවෙන දවසට ගිහින් වෛiවරයා එක්කත් කතා කරලා වතුර පානය කිරීමේ කලාව ඔබට සුදුසු ආකාරයට අලුත් කරගන්න. ඒ වෙනුවෙන් අපි ඔබට දෙන්නේ පුංචි ඉඟි කිහිපයක්.

දිනකට වතුර ලීටර් 8 ක්

ගර්භණී සමයේ වතුර පානය කිරීම අනෙක් හැමදේටම වඩා වැදගත්. මළ බද්ධය, නිසි ලෙස මුත්‍රා පිට නොවීම, මුත්‍රා දැවිල්ල වගේ දහසක් ප්‍රශ්න මේ කාලේ මතුවන නිසා හොඳට වතුර බොන එක කළ හැකි පහසු ඉහළම ප්‍රතිකාරයක්. නමුත් එක දිගට වතුර බෝතල් කිහිපයක් බොන්න ගර්භණී මවකට අමාරුයි. බඩ පුරවා දැමීම වගේ ආබාධ එන්නත් ඉඩ තියෙනවා. මේ නිසා දිනකට වතුර වීදුරු 8 ක් බීම කළ හැකියි. මෙය ප්‍රයෝගිකව පානය කළ හැකි ප්‍රමාණයක්. තාම කාර්යාලයට යනවා නම්, ගෙදර උයන පිහන කටයුතු එක්ක සාමාන්‍ය පරිදි කාලය ගෙවනවා නම් වතුර බෝතලයක් එක්ක වීදුරුවක් තියාගන්න පුළුවන්.

නින්දට කලින් වතුර ටිකක් බොන්න

නින්දට යන්න කලින් කරන්න කාර්යයන් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ඇග සෝදා ගැනීම, පිරිසුදු ඇදුමක් ඇඟ ලා ගැනීම වගේ කාරණා ප්‍රධානයි. මොකද නින්ද නැවුම් වෙන්න නම් සිරුරත් නැවුම් වෙන්න උවමනායි. ඉතින් මෙන්න මේ සියලු කටයුතු ඉවර කරලා ඇදට ආවාට පස්සේ නිදහසේ නින්දට සූදානම් වෙන ගමන් වතුර වීදුරුවක් අතට ගන්න. ඉක්මනින් බීලා ඉවර කරන්න ඕන නැහැ. සෙමින් සෙමින් තොල ගාමින් වතුර පානය කරන්න. රස විදින්න. අර ඔබට මුලින් කිව්ව වතුර වීදුරු අටෙන් අටවෙනි වතුර වීදුරුව මෙන්න මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්.

වතුර බොන්න තිබහ එනකල්ම ඉන්න එපා.

තාමත් අපිට වතුර බොන්න සීමා පණවලා නැති නිසා ඔබට අපහසුවක් නැත්නම් ඇති පමණට බොන්න පිරිසුදු වතුර තිබෙනවා. ඒ නිසා වතුර බොන්න තිබහ එනකල්ම ඉන්න එපා. ඔබට පිපාසයක් එන්නේ අධික වතුර අවශ්‍යතාවය නිසා. එතරම් වෙලාවක් වතුර ඉල්ලමින් සිරුර වෙහෙසට පත් කරන්න එපා. මොකද ඔබ ඉන්නේ ගර්භණී සමයේ. ඒ නිසා බඩගින්න වතුර පිපාසය වගේ දේවල් අමාරුවෙන් දරාගෙන ඉන්න එක ඔබට සුදුසු නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් වතුර නිතර පානය කිරීම වරදක් නැහැ. නමුත් ටිකෙන් ටික වතුර බොන්න. එක පාර වතතුර ගොඩක් බොන්න ඕන නැහැ.

සුදුසුම උශ්ණත්වය

වතුර බොන්න ඕන උණු කරලා කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම අපි මේ කටයුත්තට උනන්දුයි. නමුත් ගර්භණී සමයේ උණු වතුර බොන්න ඕන උශ්ණත්වය සාමාන්‍ය කාන්තාවකට වඩා වෙනස් බව ඔබ මතක තබාගත යුතුයි. මේ ප්‍රමාණය හරියටම දන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරුන් පමණයි. ඒ නිසා මෙන්න මේ ප්‍රමාණ ගැන වෛද්‍යවරයෙකුගෙන් අහලා දැනගන්න. මතක තබාගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ ඔබට තාම උදෑසන අපහසුකම් තියෙනවා නම් උවමනාවට වඩා සීතල හෝ උවමනාවට වඩා රස්නයෙන්
වතුර බොන්න එපා. ඒක උදරයට හොඳ නැහැ.

සුදුසුම ආහාර

වතුර බොන අතරේ වතුර වැඩිපුර අඩංගු ආහාර ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. දොඩම්, දෙහි, නිවිති, බ්‍රොකලි වගේ දේවල් නිතර ආහාරයට ගන්න පුළුවන්. මෙයින් ඔබේ සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය අතිරේකව ලැබෙනවා. එය සිරුරට වඩාත් සුදුසුයි.

සටහන චාපා හංසිනි ආටිගල