විවාපත් නව යුවලකගේ මීලග බලාපොරොත්තුව වෙන්නේ පුංචි පැටියෙක්. ඉතින් මේ බලාපොරොත්තුව සඵල කරමින් කුසට වටින පැටියා ආරක්ෂා කරගන්න ඒක ලොකු වගකීමක් වෙනවා.
මේ කාලයේදී තමන් ගැන වගේම කුස තුළ වැඩෙන කළලය පිළිබඳවත් වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ කොහොම වුණත් අපි අහලා තියෙනවා විවිධ සංකූලතා හේතුවෙන් වගේම විවිධ හේතු නිසා අඩු බර සහ වැඩි බර සහිත දරුවන් ලැබෙන අවස්ථාවන් පිළිබඳව. මේ කාරණාවන අද බොහෝ මවුවරුන්ගෙන් අසන්නට ලැබෙන කරුණක්. මේ නිසාම අපි අද පුංචි පැටවුන්ගේ උපත් බර පිළිබඳව අවධානය යොමු කරන්න හිතුවා.
කුස තුළ වැඩෙන කළලය සාමාන්‍ය බර මට්ටමට පැමිණෙන්නේ සති 37-40 කාල වකවානුව තුළයි. මේ කාලයේ දී උපත ලබන බබෙක් තමයි සාමාන්‍ය බරක් සහිත බබෙක් විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊට අඩු කාලසීමාවකදී ලැබෙන බබාලා අපි හඳුන්වන්නේ අඩු උපත් බරක් සහිත ළදරුවන් ලෙසයි. සාමාන්‍යයෙන් ළදරුවකුගේ උපත් බර ප්‍රමාණය වෙන්නේ 2.7 සිට 3.5 කියන බර ප්‍රමාණයයි. ඉහතින් දක්වන ලද බර සීමාවට අඩුවෙන් හරි වැඩියෙන් හරි පුංචි පැටියෙක් ඉපදෙනවා නම් එවැනි බබාලා නියමිත බර මට්ටමෙහි නැති අය විදිහටයි අපි හඳුන්වන්නේ. යම් විදියකින් පුංචි දරුවෙකුගේ උපත් බර 2kg වඩා අඩු නම් එවැනි බබාලා අවම බරක් සහිත බබාලා විදියට ගණයට අයත් වෙනවා. පුංචි පැටියෙක් බර අඩු හෝ වැඩිවීම සඳහා පහ බොහෝමයක් සාධක බලපාන්න පුලුවන්.
ඒ අනුව පුංචි පැටියෙක් බර අඩුඅවෙන් ඉපදීම සඳහා බලපාන කරුණු පිළිබඳව මුලින්ම අපි අවධානය යොමු කරමු. පුංචි බබෙක් සති 37 ට පෙර යම් ළදරුවෙක් උපත ලැබුවොත් එනම් මව්කුස තුළ නියමිත වර්ධනය වීමට පෙර එවැනි දරුවකුගේ අවයව නිවැරදි ආකාරයෙන් වර්ධනය වෙලා නෑ. එහෙම බබෙක් බොහෝ විට බර අඩු තත්වෙන් තමයි ඉපදෙන්නේ. මේ විදිහට කලින් ඉපදෙන බබෙක් බොහෝවිට ළදරු කාමරය තුළ ටික දවසක් තියලා තමයි සාමාන්‍ය පරිසරයට හුරු කරන්නට වෛද්‍යවරු කටයුතු කරන්නේ. ඒ කියන්නේ මේ වගේ අඩු බරක් සහිත දරුවෙක් ඉපදුණොත් එයාව බාහිර පරිසරයෙන් ප්රශස්ත මට්ටමකට අරගෙන තමයි දෙමාපියන්ට බාරදෙන්නේ නමුත් එවැනි දරුවන් බොහෝවිට පසු කාලෙදි වර්ධනයත් එක්කම බර සාමාන්‍ය මට්ටමකට පත් වෙනවා. ඒවගේමයි මව්වරුන්ගේ බොහොමයක් ප්‍රශ්නත් අඩු බර දරුවන් බිහිවීම කෙරෙහි බලපාන්න පුළුවන්. සමහර මවුවරුන් ඉන්නවා දියවැඩියාව මන්දපෝෂණය අධික රුධිර පීඩනය නිරක්තිය වගේ රෝගවලින් පෙළෙන අය. මේ වගේ මව්වරුන්ගේ බබාලා බර අඩුවෙන්න පුළුවන්.
මවගේ පෝෂණ තත්ත්වය අවම වීමත් බර අඩු දරුවන් ඉපදීම කෙරෙහි බලපානවා. ගර්භනී සමය කියන්නේ තමන්ගේ පෝෂණය පිළිබඳ වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක්. ඉතින් මවට නියමිත ආහාර සහ පෝෂණය කොටස් නිවැරදි ලැබෙන්නේ නැත්නම් මව දුර්වල වෙන්න පුළුවන්. මේ හේතුව නිසා වගේම අම්මට නිරක්තිය තියෙනවා නම් බොහෝ විට බබාගෙ වර්ධනය අඩු වෙලා බබා බර අඩුවෙන්න ඉඩ තියෙනවා ඊළඟ කාරණය විදියට මවට වැළඳෙන ඇතැම් ආසාදන හේතුකොටගෙන බබාගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. රුබෙල්ලා වගේ රෝග උදාහරණ විදියට අපට හඳුන්වන්න පුළුවන්. කුසතුල වැඩෙන බබාගේ ප්‍රශ්න මූලික කරගෙනත් පුංචි පැටියාගේ උපත් බර අඩු වෙන්න පුළුවන්. ඒ අනුව වකුගඩුවල ප්‍රශ්න, පෙනහලුවල ප්‍රශ්න, හෘදවස්තුවේ ප්‍රශ්න යන කරුණු වගේම ජානමය ප්‍රශ්නත් එවැනි සාධක වෙනවා.
පුංචි පැටියෙක් සහ මව අතර සම්බන්ධය පවතින්නේ වැදෑමහ මගින්. අම්මගේ පෝෂ්‍යපදාර්ථ දරුවා වෙත ගමන් කරන්නේ මේ වැදෑමහ මගිනුයි ඉතින් මේ වැදෑමහ නිවැරදි ආකාරයෙන් නොපවතිනවා නම් වැදෑමහේ විවිධ ගැටලු පවතිනවා නම් එය බබාගේ බර අඩු වෙන්න ප්‍රධාන කාරණාවක් වෙනවා. මේ විදියට ඉහතින් සදහන් කරපු කරුණු පුංචි පැටියෙක්ගෙ උපත් බර අඩුවෙන්න සෘජුවම බලපෑම් කරන සාධක විදියට හඳුන්වන්න පුළුවන්. අපි මෙහිදී සඳහන් කළ යුතු සුවිශේෂී කරුණක් වෙන්නේ ඇතැම් දරුවන් බර අඩු බබෙක් විදියට ඉපදුනත් බොහෝ වෙලාවට මේ වගේ බර අඩුවෙන් ඉපදුන බබාලා නිරෝගී දරුවන් වෙනවා. ඉතාම කලාතුරකින් තමයි රෝගී දරුවන් හමුවන්නේ.
අපි දැකලා තියෙනවා බර අඩු දරුවන් වගේම බර වැඩි දරුවනුත් ඉපදෙන අවස්ථාවන්. අපේ අම්මලා තාත්තලා තමන්ගේ පුංචි පැටියා හොඳ පෙනුම තියෙන බබෙක් විදියට ඉපදුනොත් එයාව දැක්කම ගොඩක් සතුටු වෙනවා. නමුත් බර අඩුවීම වගේම වැඩිවීම කියන්නෙත් ඇතැම් අවස්ථාවන්වලදී යම් යම් ගැටලු ඇති වෙන්න ඉඩ තියෙන කරුණක්. විශේෂයෙන්ම මේ වගේ දරුවන් ඉපදෙන්න බලපාන කාරණයක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මව සහ පියා යන දෙදෙනාම උස බර අතින් ඉහළ මට්ටමක සිටීමයි. දෙවැනි කාරණාව විදියට හඳුන්වන්න පුලුවන් මවට පවතින දියවැඩියා රෝගී තත්වය. මේ දියවැඩියාව පිළිබඳ කතා කිරීමේදී ගර්භණී කාලය තුළදී පවතින දියවැඩියාව වගේම දිගින් දිගටම පැවැත්වුණු දියවැඩියාව ලෙසිනුත් කොටස් දෙකකින් හඳුන්වන්න පුළුවන්.
ඉතින් මේ නිසා ගර්භණී සමයේ දී රුධිර සීනි මට්ටම නිවැරදි ආකාරයෙන් පවතින්නේ නැත්නම් එවැනි මවකට ලැබෙන දරුවන් ගොඩක් වෙලාවට උපත් බර වැඩි දරුවන්ට වීමේ සම්භාවිතාව වැඩියි. දැන් අපි බලමු බර වැඩි නිසා එවැනි බබෙක්ට පසු කාලෙදි ඇති වෙන්න පුළුවන් ගැටලුකාරී තත්වයන් මොනවාද කියලා. බරවැඩි බබෙක් ඉපදුනායින් පස්සෙ වගේම කුස තුළදී ප්‍රශ්න ඇති වීමේ අවස්ථා තියෙනවා. බබා ඉපදීමේදී බබා හිර වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. ඒ වගේම බර වැඩි බබෙක් ඉපදුනාම එයාගෙ ලවණ මට්ටම වැඩි වෙලා ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩ තියෙනවා.
ඒ වගේමයි පසුකාලීනව දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ නිසාම බර අඩු දරුවෙක් වගේම බර වැඩි දරුවනුත් පරීක්ෂාවට ලක් කරලා තමයි රෝහලින් පිට කිරීමක් සිදුකරන්නේ. අපි දන්නවා ගර්භනී සමයේ පැවැත්වෙන සායනවලට සහභාගි වීම මගින් ඒ කාන්තාවන්ට අවශ්‍ය සියලු පර්යේෂණ සිදු කරනු ලබනවා. ඒ අතර ස්කෑන් පර්යේෂණ ගර්භාෂය වර්ධනයේ ස්වභාවය යනාදිය හඳුන්වන්න පුළුවන්. මේ නිසා එම සායන සදහා ගර්භනී කාන්තාවන් නිවැරදි ආකාරයෙන් සහභාගීවිය යුතුයි. එමගින් කුස තුල වැඩෙන දරුවාගේ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතී නම් උස බර වැඩි හෝ අඩු මට්ටමක පවතී නම් ඒ බව වෛද්‍යවරුන් විසින් හඳුනා ගන්නවා. ඊට අදාලව කටයුතු පියවර සහ ප්‍රතිකාර ඔවුන් වෙතින් ඔබ වෙත ලබාදීම සිදු කරනවා. මේ හේතුවෙන් අනිවාර්යයෙන් මෙම සායනවලට සහභාගි වීම අත්‍යවශ්‍ය කරුණක්. එවිට ඔබ තුළ වැඩෙන දරුවාගේ තත්ත්වය මැනැවින් හඳුනා ගනිමින් නිරෝගි දරු උපතකට සූදානම් වීම සඳහා ඔබට හැකියාව ලැබෙනු ඇත.
නදීශා ගයානි ගුණතිලක