free stats

අපේ සිරුරේ මාංශ හා පටකවල ආරක්ශාවට පිටතින් පිහිටා තියෙන්නේ සම එහෙමත් නැත්නම් චර්මය. එය භාහිර සහ අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මෙයින් භාහිර කොටස හැදින්වෙන්නේ අපිචර්මය කියලා. එහි ඇතිවන ඕනම වෙනස්කමක් පිටතට පේනවා. සම ඇදීමකට ලක්වුණොත් සියුම් වෙනස්කම් සිදුවෙන්න පුලු‍වන්. ස්ටේ‍රච් මාර්ක් කියන්නේ අන්න එහෙම තත්ත්වයක්. මේ තත්ත්වය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එක විදියට බලපානවා. නමුත් වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ කාන්තාවන් අතරයි.

එයින් එක් හේතුවක් වන ගර්භණි බව නිසා උදරය විශාල වීමෙන් සම ඇදීමට ලක්වෙන බැවින් මේ කාලෙදි උදර ප්‍රදේශයේ ස්ටේ‍රච් මාර්ක් දකින්න ලැබෙනවා. මේවා සම ඉරාගෙන ගිය ආකාරයකින් දිස් වෙනවා වගේම කැසීම් වැනි ලකුනුවලින් සමන්විතයි. උදරයේ යටි පැත්තට වෙන්න මේ ලක්ශණ තිබෙනවා නම් ඒ ස්ටේ‍රච් මාර්ක් බව හදුනගන්නවා. සම ඇදීමෙන් වෙන්නේ සම තුවාල වීමක්. අන්න ඒ නිසා තමයි මේ විදියට ඇදීම් සහිත සලකුණු ඇති වෙන්නේ. මේ ඉරි සුදු පැහැයෙන් යුක්තයි. ඒ වගේම දිග අතට උදරයේ දකින්න ලැබෙනවා.

මීට අමතරව කාන්තාවන්ගේ පියයුරුවලත් මේවා දකින්න ලැබෙනවා. ගර්භනී වීමත් සමග පියයුරු ප්‍රමාණයෙන් විශාල වීම සාමාන්‍ය දෙයක්. එතැනදි වෙන්නේ එහි මේද අංශු තැම්පත් වීම. මේ නිසා පියයුරේ සම ඇදීමක් සිද්ද වෙනවා. එවිට ඇදෙන සම තුවාල වීම නිසයි ස්ටේ‍රච් මාර්ක් ඇතිවෙන්නේ. වැඩි වශයෙන් පියයුරුවල යටි පැත්තේ දකින්න පුලුවන්. ගර්භණි සමයෙන් පසුව මේ තත්ත්වය කාලයත් සමග මගහැරිලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා බයවෙන්න අවශ්‍ය නැහැ.

සිරුරේ ස්ටේ‍රචි මාර්ක් ඇතිවෙන තවත් තැන් කිහිපයක්ම තියෙනවා. ඒ කලවා, බඩ, ඉණ, දෙපය, උරහිස පහල සහ තට්ටම් ප්‍රදේශවලත් මේවා දකින්න පුලුවන්. ඒ හැම ප්‍රදේශයකම සිරුරේ තෙල් තැම්පත් වන ප්‍රදේශයි. තෙල් තැම්පත් වීමත් සමගම එම ප්‍රදේශ මහත් වෙන නිසා මෙම තත්ත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා.

ස්ටේ‍රචි මාර්ක් කියන්නේ භයානක තත්ත්වයක් නෙවෙයි. මේවා නිසා සිරුරට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒවගේම අනවශ්‍ය බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ. වෙනත් රෝගවලට හේතුවනවා යයි සිතිය යුතු නැහැ. යම් කැසිමක් හෝ දැවිල්ලක් ඇතිවෙන්න පුලුවන්. නමුත් එය බය වෙන්න තරම් හේතුවක් නෙවෙයි. කසන විට කැසීම සුදුසු නැති අතර වෛi උපදෙස් මත සුදුසු ඖෂධයක් භාව්තා කිරිම වඩාත් හොදම ක්‍රමය වනවා.

මේ තත්ත්වය ඈත අතිතයේ ඉදලම කාන්තාවන් අතර පවතින ගැටලුවක්. ග්‍රික රෝම යුගවල ජිවත් වුණු ගැහැණු අය මේ සඳහා ඔලිව් තෙල් ප්‍රතිකාරය භාවිත කලා. දැන් වුණත් ප්‍රතිකාරයක් වශයෙන් ඔලිව් තෙල් භාවිත කරන්න පුලුවන්. නමුත් ප්‍රතිකාර සොයමින් පසුතැවෙන්න අවශ්‍ය නැහැ. කාලයත් සමඟම මේ තත්ත්වය අඩුවෙනවා.

මේ සියල්ල හැරුණු විට ස්ටේ‍රච් මාර්ක් ඇතිවන රෝගි තත්ත්වයක් තිබෙනවා. එය හඳුන්වන්නේ මාෆන් සින්ඩ්‍රෝම් ලෙසයි. මෙම තත්ත්වය ඇතිවන්නේ සමේ ඇදෙන ගතිය රදවා තබාගෙන සිටින ඉලාස්ටික් නම් ප්‍රෝටීනය අඩුවීම නිසායි. මීට අමතරව එන කුෂින් සින්ඩ්‍රෝම් නැමති අවස්ථාවේ දි සිදුවන්නේ හෝර්මෝනවල එන ගැටලුවක් නිසා ස්ටේ‍රච් මාර්ක් මතුවීමයි. සමහර ආලේපණ වර්ග දීර්ඝ කාලයක් භාවිත කිරිමද මෙය ට තවත් ප්‍රධාන හේතුවක්. මෙම අවස්ථා සියල්ලේ දිම කාලයක් ගත වීමත් සමඟ ස්ටේ‍රච් මාර්ක් අඩුවනවා දැකගන්නට පුලුවන්. මේ නිසා කලබල වන්නට අවශ්‍ය නැහැ.

ස්ටේ‍රච් මාර්ක් සියයට සියක්ම ඉවත් කරන්න අමාරුයි. ලේසර් ටී්‍රට්මන්ට් මගින් නම් සම්පුර්ණයෙන්ම සුවකරගන්න පුලුවන්. නමුත් වඩාත්ම හොද ක්‍රමය වන්නේ මේවා ඇතිවීම වලක්වාගැනීමයි. ආහාර පුරුදු සහ ව්‍යායාම මේ සදහා වඩාත් සුදුසුයි. වැඩිපුර තෙල් වර්ග ආහාරයට ගැනීම වෙනුවට සමබල ආහාර වේලකට හුරුවීම මගින් අධික තරබාරුව වලක්වාගන්න පුලුවන්. මේ මඟින් ද ස්ටේ‍රච් මාර්ක් ඇතිවිමේ ගැටලුවට විසදුම් ලැබෙනවා.

වෛද්‍ය
ඉන්දික සේනාරත්න
මුලික රෝහල
දඹුල්ල.

චාපා හංසිනි ආටිගල