free stats

තිඹිරි ගෙයින් ඇහෙන “ඕඈ”……“ඕඈ’ හඬත් සමඟම මුලින්ම විමසන්නේ සරමක්ද? කම්බායක්ද? යන ප්‍රශ්නයයි. අතීතයේ කුතුහලයෙන් ඇසූ ඒ ප්‍රශ්නයට වර්තමානය වන විට කුසට මාස තුනෙන් සිදුකරන ස්කෑන් ප්‍රශ්නයෙන් පිළිතුරු ලැබෙන නිසා දරුවාගේ අඩුමකුඩුම රෝස පාටින් හෝ නිල් පාටින් සැකසීමට පුළුවන. නමුත් වර්ථමානය වන විට පිරිමි දරුවකු බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම ගැහුණු දරුවකු බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙනුවෙන් සූදානම් විය හැකි බව බොහෝ දෙනා දන්නේ නැත. එනිසාම “මට ඉන්නේ කොල්ලොම තුන්දෙනෙක්…. ඊළඟට දුවෙක් ලැබුණොත්” , “මුල්ම දරුවා පුතෙක් වුණොත්” වගේ යුවතියන්ගේ හීන හීනයක් බවට පත්වන්නේ නැත. ඔබ බලාපොරොත්තු වන්නේ දුවෙක් නම් අවශ්‍ය කාලයේදී දුවෙක් වෙනුවෙන් සූදානම් වීමටත්, ඔබ බලාපොරොත්තු වන්නේ පුතෙක් නම් ඒ සඳහා සූදනම් වීමටත් ආයුර්වේද වෛi විද්‍යාවේ විශ්මිත ප්‍රතිකාර තුළින් සිදු කිරීමට පුළුවන.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වඩාත් සුප්‍රකට වන්නේ රෝගයට නොව රෝග නිධානයට ප්‍රතිකාර කරන නිසයි. එසේම දරු සම්පත් බලාපොරොත්තු වෙනවා නම් ඊට අවම මාස 3 කට පෙරවත් සූදානම් වීම අවශ්‍යය. එය අවශ්‍ය ලිංගය සහිත දරුවකු ලබීමට වගේම නිරෝගී දරු උපතක් ලැබීමට හේතුවෙයි.

ඔබ බලාපොරොත්තු වෙන්නේ පුතෙකු නම්,

පිරිමි දරුවකු පතන කාන්තාවක් සහ පිරිමින් ඒ සඳහා කායිකව එක්විය යුත්තේ කාන්තාවන්ගේ ඔසප් වීම ඇති වී පළමු දිනයේ සිට සරුකාලය තුළ සැම ඉරට්ටේ දිනකය. එනම් 8, 10, 12, 14 යන දිනයන්හිදීය.

කාන්තාව සූදානම් වීම

පිරිමි දරුවකු බිහි කිරීමට බලාපොරොත්තු වන කාන්තාවන් මාස තුනකට පෙර සිට තම දකුණු පුඩුවට ඖෂධ මිශ්‍ර එළකිරි බිංදු 2 ත් 6ත් අතර ප්‍රමාණයක් ඔසප් චක්‍රයේ සරු කාලයේ උදේ වරුවේ යෙදිය යුතුය.

මෙමගින් ඇය මානසික සහ ශාරීරික වශයෙන් සූදානම් වීමත් සිදු කරනු ලබයි. එවිට ඇයගේ අන්තරාසර්ග ග්‍රන්ථි උත්තේජනය වෙයි. නුග අංකුර පිදීමට පෙර ලබාගෙන එය හොඳින් පිරිසිදු ගලක අඹරා එළකිරි සමග මිශ්‍රකර ඉන් බිංදු 08ත් 10ත් අතර ප්‍රමාණයත් දකුණු නාස් පුඩුවට දැමීම කළ යුතුය. ඊට අමතරව මෙම මිශ්‍රණයෙන් මේස හැදි 2ක් පානය කිරීමද සුදුසුය.

හාතවාරිය, බැබිල සමසේ එක් කරගෙන තම්බා නිතර,නිතර පානය කිරීම හොඳය. මෙම ප්‍රතිකාර තුලින් කාන්තාව තුළ සරු බීජ නිපදවේ.

කාන්තාව සිය යෝනි මාර්ගයේ සහ එහි ශ්‍රාවයන් නිරෝගීව පවත්වා ගත යුතුය. රෝග පැවතියහොත් පුරුෂයාගේ ශුක්‍රාණු තුළ ඇති පිරිමි දරුවකු බිහි කිරීමට බලපාන “ශ” ජානය විනාශ වේ.

පුතෙකු ලැබීමට පුරුෂයා සූදානම් වීම

පුතෙකු ලැබීම සඳහා පුරුෂයාගේ ශුක්‍රාණුවල “ශ” ජානය සක්‍රිය තිබිය යුතුය. ඒ සඳහා වැල් පෙනේල, වියලි මිදි, රට කජු, ගිතෙල් මිශ්‍ර ආහාර, රට ඉඳි, කුකුළුමස්, වටුමස්, සුදු මාළු වැනි ආහාර නිතර නිතර ආහාරයට ගත යුතුය.

වැල්පෙනල, ගිතෙල් මිශ්‍රකර සුප් සහ කැද ලෙස ආහාරයට ගැනීම, මුං ඇට, පැළ කල මුං ඇට, උඳු, ඇල් හාල් සහ පෝෂණයෙන් අධික සහල් වර්ග නිතර නිතර ආහාරයට ගත යුතුය. අමුක්කර චූර්ණය, බිංතෙල් චූර්ණය, ඉරමුසු වැනි ඖෂධ කැඳ වශයෙන් පානය කිරීම ගුණදායකය.

පිරිමි දරුවකු ප්‍රාර්ථනා කරන අඹු සැමියන් කායික සම්බන්ධතා පැවැත්වීම සඳහා නිදි යහනට ගොඩවීම සහ බැසීම කළ යුත්තේ දකුණු පැත්තෙනි.

ගැහැණු දරුවකු බිහි කර ගැනීම

ගැහැණු දරුවකු ප්‍රාර්ථනා කරන අඹු සැමියන් කායික සබධතා පැවැත්විය යුත්තේ කාන්තාවගේ ඔසප් ඇතිවී පළමු දිනයේ සිට සරු කාලයේදී සෑම ඔත්තේ දිනයකමය. එනම් 9,11,13,15 යන දිනයන්හිදීය.

කාන්තාව සූදානම්වීම

මෙහිදී කාන්තාව අනුගමනය කළ යුත්තේ පිරිමි දරුවකු සඳහා අනුගමනය කරන අප මුලින් සඳහන් කළ ඖෂධ මිශ්‍රණය නාසයේ වම්පසට එක් කිරීමෙනි.

පුරුෂයා සූදානම් වීම

ගැහැණු දරුවකු සඳහා පුරුෂයාගේ ශුක්‍රාණුවල “ඞ” ජානය සක්‍රියව තිබිය යුතුය. ඒ සඳහා හාතවාරිය අඩංගු ඖෂධ වගේම ගොටුකොළ, ඉරමුසු වැනි පාන වර්ග ගැනීම වැදගත්ය.

උෂ්ණ කෑම වර්ගවලින් සැම විටම වැළකිය යුතුය. ශීත ගුණයෙන් යුත් මධුර ආහාරපාන බහුලව ගත යුතුය. මෙලෙස ප්‍රතිකාර ගනු ලබන නමුත් බලාපොරොත්තු වන දරු සම්පත කෙරෙහි සැමියාත් බිරිඳත් දෙදෙනාම එක සිත්ව සිටිය යුතුය. ඒ පිළිබඳව නිතර නිතර සිහිපත් කිරීම අත්‍යාවශ්‍යය. එවිට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

ප්‍රසව හා නාරිවේද විශේශඥ
ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන

සටහන විශ්මි ජයනිකා