free stats

ප්‍රාග් ප්‍රසව අවධිය යනු කුමක්ද ?

ගැබිනියක් වූ බව දැනගත් පසු ඔබගේ විශේෂ අවධානය යොමුවිය යුත්තේ ඉතාම හොඳ සෞඛ්‍යමය තත්ත්වයකින් පසු වීමටයි. ඒ සඳහා ගැබිනි ඔබට ගැලපෙන අවශ්‍යතා සපුරා ගැනීම හා වෛද්‍ය සායනය හා උපදෙස් නියම වේලාවට ලබා ගැනීමයි. මේ අයුරින් සෞඛ්‍යමය ගර්භනීභාවය රැක ගැනීමෙන් ඉතාම සුවපහසු එසේම සෞඛ්‍ය සම්පන්න දරු උපතක් ලබා ගැනීමට ඔබ වාසනාවන්ත වෙනවා.

ඔබ ගැබිනියක බව දැනගත් දා පටන්වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය වෙනවා. ඔබේ වෛද්‍යවරයා ඔබගේ වෛද්‍ය ඉතිහාසය විමර්ශනයට බඳුන් කරනු ඇති ඔබට හා ඔබගේ සිරුරට දැනෙන පූර්ව ලක්‍ෂණ මොනවාද යන්න වෛද්‍යවරයා විමසනු ඇත. වෛද්‍යවරයා හමුවන හැම අවස්ථාවකදීම ඔබගේ බර හා රුධිර පීඩනය මැන බැලීම සිදු කරනු ලබයි. එමඟින් ගර්භණී කාල පරාසය තුළදී ඔබගේ සෞඛ්‍යමය තත්ත්වය ගැන වැටහීමක් වෛද්‍යවරයාට ලබාගත හැක.

ඔබ වෛද්‍යවරයා හමුවන මුල් දිනයේදීම ඔබුගේ මුත්‍රා හා රුධිර සාම්පල ගැනීමට ඉන්පසුවත් කරනු ලබයි. මුත්‍රා පරීක්‍ෂණ වලින් බැක්ටීරියා පවතීද, සීනි තත්ත්වය මැන බැලීම (දියවැඩියා ලක්‍ෂණ) එසේම ප්‍රෝටීන් තත්ත්වය (ගර්භණී කාලයේ අධිරුධිර පීඩනයක් ඇතිවීම) මැන බැලීම කරනු ලබයි. එසේම රුධිර පරීක්‍ෂණ මඟින් රුධිර සෛල ප්‍රමාණය, රුධිර වර්ගය, අඩු යකඩ ප්‍රමාණය, (ඇනීමියා තත්ත්වය) බෝවෙන රෝග පවතීද (සිෆිලින් HIV හා හෙපටයිටිස්) යන්න පරීක්‍ෂාවට ලක් කිරීම සිදුවේ. මේ අතර වෛද්‍යවරයා හමුවන මුල් දිනයේදී

ඔබගේ ගර්භාෂයේ හැඩය හා ප්‍රමාණය පරීක්‍ෂා කිරීම සඳහා ශ්‍රෝණි පරීක්‍ෂාවක් කරනු ඇත.

ගැබිගෙල පිළිකා පිළිබඳව පරීක්‍ෂා කිරීම පැප් පරීක්‍ෂණය කරනු ඇත.
දරුවාගේ වර්ධනය හා දරුවා සිටින ආකාරය දැන ගැනීමට අල්ට්‍රා සවුන්ඞ් පරීක්‍ෂණයක් කරනු ඇත.

මේ අයුරින් මුල් හමුවීමට පසු සෑම සති 4 කට වරක් වෛදය වරයා හමුවීමත්, මාස 07 – 08 වන විට සෑම සති දෙකකට වරක් ද අවසන් මාසයේ දී දරුවා බිහිවන තුරු සතියකට වරක් වෛද්‍ය හමුවට යොමු වීම අවශ්‍ය වෙනවා.

ගර්භණී භාවය පවතින කාල සීමාව තුළ මෙම ප්‍රාග් ප්‍රසව සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. වෛද්‍යවරයා හමුවීම ඔබට ප්‍රශ්න අසා දැනුවත් විමද කළ යුතු වෙනවා.

ගැබිනි කාලය තුළදී මගේ බර කෙතරම් විය යුතුද වෛද්‍යවරයාගෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම කළ යුතු වෙනවා. එකිනෙකාගේත් එකිනෙකට බර ප්‍රමාණය වෙනස් වෙනවා. එනමුත් බොහෝ කාන්තාවන් රාත්තල් 25 ත් 30 ත් අතර බර ප්‍රමාණයක් ලබාගත යුතු බව වෛද්‍ය මතයයි. ගැබිනි බවට පත් වු බ අඩු බරකින් යුක්ත නම් එය වැඩි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඔබ වැඩි බරකින් යුක්ත නම් එය අඩුකර ගැනීමද කළ යුතු වනවා.

මා ආහාරයට ගත යුත්තේ මොනවාද ?

ඔබටත් ඔබගේ කුසේ සිටින දරු සිගිත්තා වෙනුවෙන් සමබර ආහාර වේලක් ගැනීමට ඉතාම සුදුසුයි. එහෙත් ගැබිනි කාලය තුළදී පහත දැක්වෙන ආහාර ගනිමින් වැළකී සිටීම විශේෂයි.

මස්, බිත්තර, මාළු හරි හැටි නොපැසුනු ආහාර ගැනීමෙන් ඔබට දරුවාටත් හානිකර විය හැකියි. සතියකට මාළු (ටින් මාළු ඇතුළුව) දෙවරකට හෝ තෙවරකට නොගත යුතුයි. මෝරා, තලපත්, මෑකරල්, ටයිල් ෆිෂ් යන මතස්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වැළකිය යුත්තේ එම මාළු වල පවතින රසදිය දරුවාට හානිකර විය හැකි නිසාය. කෙළවල්ලා, බලය වැනි ටූනා මතස්‍යයින් අහාරයට ගන්නේ නම් අඩු උෂ්ණත්වය දක්වන මතස්‍ය වර්ගය සතියකට අවුන්ස 6 කට වඩා වැඩි නොවන ලෙස වග බලා ගන්න

පළතුරු හා එළවළු මේවා ආහාරයට ගැනීමට පෙර හොඳින් සේදු පිරිසිදු කරගන්න. ඒවා කැපීමට ගන්නා උපකරණද හොඳින් පිරිසිදු කර ගන්න.

කිරි ආහාර දිනකට කිරි ආහාර 4 වරක් හෝ ඊට වඩා ප්‍රමාණයක් ගත හැකියි. එමඟින් ඔබටත් දරුවාටත් අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගත හැකි වෙනවා. ජීවානුහරනය නොකළ කිරි හෝ කි්රි අහාර ගැනීමෙන් වළකින්න. එමගින් බෝවෙන රෝග වැළදෙන බැක්ටීරියා සිරුරට ඇතුළු විය හැකියි.

සීනි ආදේශක කෘතිම ආදේශය මධ්‍යම ප්‍රමාණයකින් ගත්තාට කමක් නැත.

කෝපි කැෆේන් සහිත පානයකදී එක් වරක් හෝ දෙවරකට වඩා නොගත යුතුය.

මට බෙහෙත් ගැනීම කළ හැකිද?

යම් අවශ්‍ය තාවයක් සඳහා බෙහෙත් ගැනීම අවශ්‍ය නම් වෛද්‍යවරයා ඒ ගැන පවසන්න. ඇතැම් වේදනා නාශක, පහුවෙන් මිළදී ගත හැකි ඖෂධ විකෘති උපත් ඇති කිරීමට හේතු වෙනවා. විශේෂයෙන් ගර්භණී භාවයෙන් පළමු 3 මාසය තුළදී මේ පිළිබඳව සැළකිලිමත් වන්න.

විටමින් ගත්තාට කමක් නැද්ද ?

ගර්භණී කාන්තාවන් අඩුමගානේ දිනපතා ෆෝලික් අම්ලය මයික්‍රෝග්‍රෑම් 400 පමණ ගත යුතු වෙනවා. එමගින් මොළයේ හා සුෂුම්නාවේ ප්‍රශ්න ඇතිවීම වලකිනවා. මයික්‍රෝග්‍රෑම් 400 ට වඩා අවශ්‍යදැයි වෛද්‍යවරයාගෙන් අටුවා දැනගන්න. එසේම ගර්භණී. භාවයට පත්වීමට පෙර වුවත් ෆෝලික් අම්ලය ගැනීම සුදුසු වෙනවා. විටමින් හා වෙනත් ආදේශක ගැනීමට පෙර වෛද්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සුදුසු වේ.

මට රැකියාව කෙතරම් කල් කළ හැකිද ?

ගර්භණී භාවයේ තත්ත්වය එකිනෙකාට වෙනස් අන්මටයි බලපාන්නේ. ඔබගේ රැකියාවත් රැකියාව කරන පරිසරයත් මෙහිදී බෙහෙවින් බලපානවා. විකිරණය, ඊයම්, තඹ, රසදිය වැනි ද්‍රව්‍යයන් ඔබේ දරුවාට හානි කරයි. ඔබගේ රැකියාව වේගය හා සම්බන්ධ නම් ඔබට දරුවා ලැබීමේ ආසන්නය තෙක් සේවය කරන්නට නොහැකි වෙනවා. මේසයක් අසල කරන කටයුතු සම්බන්ධනම් ඔබේ දරුවාට හානියක් නොවනු ඇත. විශේෂයෙන්ම පරිගනකයක් ඔබගේ ආමාශය හෝ ගර්භාෂය මත තබා ගැනීමෙන් වැළකීම හොඳයි. ඔබේ සෞඛ්‍ය තත්ත්වයත් බොහෝ කාලයක් සේවය කිරීම කෙරේ බලපානවා. එහෙත් යම් යම් සංකීර්ණ ප්‍රශ්න තිබේනම් සයනට වී විවේක ගැනීම වඩා සුදුසුයි.

ව්‍යායාම ගැන කිවයුත්තේ කුමක්ද ?

ගර්භණී භාවය ලැබීමෙන් පසු ව්‍යාකුළතා නොමැති නම් ව්‍යායාම ගැනීමට කළ හැකියි. ව්‍යායාම මඟින් සෞභාග්‍යසම්පන්න ජීවන රටාවක් ඇති කරගත හැකි මෙන්ම ශාරීරික හා මානසික අපහසුතාවයන්ද මඟහරවා ගැනීමට පුළුවනි. දිනකට පැය භාගයක පමණ කාලයක් ව්‍යායාමයේ යෙදෙන්න ව්‍යායාම කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වෛද්‍යවරයා උපදෙස් ගන්න.

ගර්භණී භාවය පවතින කාල සීමාවේදී ව්‍යායාම කිරීමෙන් දරුවා බිහිකිරීමට පහසුවෙන බව ඇතැම් කාන්තාවන් පසවනවා. ඇවිදීම පිහිනීම මෙහිදී ඉතාම ගැලපෙන ව්‍යායාම වෙනවා. ගර්භණී භාවය ලැබීමට පෙර ක්‍රියාකාරි අයෙකු නොවේ නම් ව්‍යායාම ගැනීම ඉතා හෙමින් පටන් ගන්න. ශරීරය පවසන දේ ගැන සවන් දෙන්න. වැඩිපුර ව්‍යායාම කිරීමෙන් වළකින්න. ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම හෝ විජලනය ඇතිවීම වළක්වා ගැනීමට ජලය වැඩිපුර පානය කරන්න. වැටීම් සිදුවන ක්‍රීඩා එන්ම ජලය මත ලිස්සා යාම, කඳු නැගීම, පාපන්දු, පැසිපන්දු වැනි ක්‍රීඩා වලට සාභාගි වීමෙන් වළකින්න. මෙහිදී යම් ප්‍රශ්නයක් හෝ ව්‍යාකූල භාවයක් ඇත්නම් සැමවිටම වෛද්‍යවරයා උපදෙස් ලබා ගන්න. විශේෂයෙන්ම ව්‍යායාම කිරීමේදී බෙඳවූ දර්ශනයක් ඇති වීම, කරකැවිල්ල, පපුවේ වේදනාව, ආමාශයේ වේදනාව, වැනි සංකූලතා ඇති වුවහොත් වහාම වෛද්‍යවරයා හමුවන්න.

කායික වශයෙන් එක්විය හැකි ද ?

ගර්භණී භාවය පවතින විට කායික වශයෙන් එක්වීම හානිකර හැක. එහෙත් යම් සංකූලතා හෝ ප්‍රශ්න ඇත්නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වේ. ගර්භණී භාවයත් සමඟ ඇතැම් කාන්තාවන්ට කායික එක් වීම ගැන වැඩි ආශාවක් නැතිවෙනවා.

මේ අතර ගර්භණි භාවයත් සමඟ ඔබගේ දෛනික වැඩ කටයුතු කෙරේ යම් යම් බාධක ඇතිවිය හැකියි.

ඔක්කාරය හා වමනය.

දිනයේ ඕනෑම වේලාවක වමනය කිරීමට හෝ ඔක්කාර ඇතිවිය හැකියි. මෙහිදී සුළු ආහාර නිතර නිතර ගැනීම සුදුසු වේ. එසේම තෙල් සහිත දැවිල්ල සහිත එසේම ආම්ලික ආහාර ගැනීමෙන් වළකින්න ආමාශය හිස්ව පවතින විට ඇතැම් කාන්තාවන්ට මෙම ඔක්කාර ගතිය ඇතිවිය හැකි නිසා නිතර බිස්කයට් වැනි සුළු ආහාරයක් ළඟ තාබා ගැනීම මැනවි. මෙම වමනය හා ඔක්කාරය නිසා බර අඩුවේ නම් හෝ තුන් මාසයට පසුවත් පැවතුනහොත් වෛද්‍ය උපදෙස් ගැනීම වඩා සුදුසුවේ.

විඩාව

ගර්භණී භාවයත් සමඟ විඩාගතියක් දැනීම සාමාන්‍ය තත්ත්වයකි. යම් ප්‍රමාණයක් විවේකයක් ගැනීම, සුළු නින්දකට යාම සුදුසු වෙනවා. එසේම විඩාව වැඩිපුර පවතී නම් ඇනිමියා තත්ත්වයක් පැවැතිය හැකි. එබැවින් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වේ.

පාදවල මස් පිඩු පෙරළීම

ක්‍රියාකාරී ලෙස හැසිරීමෙන් මස්පිඩු පෙරළීම වළක්වා ගත හැකියි. පාදය දනහිස දක්වා නැවීමෙන් මස්පිඩු පෙරළීම වළක්වා ගත හැකිය.

පපුවේ දැවිල්ල

සුළු ආහාර නිතර නිතර ගැනීමත් දැවිල්ල සහිත, තෙල් සහිත, ආම්ලික ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගත් විගස සයනයේ ඇලවෙන්න එපා.

ලේ ගලන දත් මුල්

නිතර දත් මැදීම කළයුතු අතර දත් ශුද්ධ කර ගැනීම සඳහා දන්ත වෛiවරයා හමුවන්න ඔබ ගර්භණී භාවයෙන් සිටින බව දන්ත වෛද්‍යවරයාට පවසන්න.

චර්මයේ වෙනස්කම්

ඔබගේ සිරුරේ චර්මය ඇදීම නිසා රතුපැහැති ලප ඇතිවිය හැකියි. වෙඩරු මිශ්‍ර දියරයක් ගෑමෙන් සමේ තෙතමනය පවත්වාව ගැනීමටත් හැකිවෙනවා. චර්මය දිග ඇදීම වැලැක්විය හැක්කක් නොවේ. ගර්භණී භාවය අවසන් වූ පසු එම තත්ත්වය නැතිවී යා හැකියි. කෙසේ වෙතත් ගර්භණී කාන්තාවන් දුම් බීම නොකල යුතුයි. එමගින් ගබ්සා වීම, දරුවා බිහි වීම දරුවා අඩු බරකින් යුක්ත වීම ආදී සංකූලතා ඇතිවිය හැකිය.