දරුවෙකුගේ අව්‍යාජ සිනහව දැකීමට ඕනෑම අම්මෙකුට තාත්තෙකුට සතුට ගෙන දෙන්නකි. පුංචි දරුවෝ ඕනෑම දේකට සිනාහවෙති. ඔවුන්ට සීමා මායිම් පැනවීමට දෙමාපියන්ට වැඩිහිටියන්ට නොහැකිය. ඔවුන් කුඩා වුවද සිනාසිමට හේතුවක්වක් තිබිය යුතුය. දරුවෙකුට පමණක් නොව වැඩිහිටියන්ට පවා සිනාසීමට කිසියම් හේතුවක් තිබිය යුතුය. එය කෙනෙකුට බාහිර හෝ අභ්‍යන්තරව සතුට හෝ හැගීම් සමග සම්බන්ධකම් තිබිය යුතුය. එහෙත් එසේ කිසිදු සම්බන්ධකමකින් තොරව දරුවෙකු හේතුවක් නොමැතිව නිතර නිතර සිනා සෙන්නේ නම් එම දරුවා ඇතැම් විට “සිනාසීම අඩංගු වලිප්පුව” සහිත අපස්මාර තත්ත්වයෙන් පීඩාවිදිනවා විය හැකිය. කෙනෙකුගේ සිනහව පාලනය කරන්නේ මොළය මගිනි. සිනහවිය යුතු අවස්ථාවක් පැන නැගුණහොත් ඒ බව මොළයට පණිවිඩය ලැබේ. එවිට මොළය මගින් සිනහ විය යුතුබවට අදාළ විධානය ලබා දීමෙන් අනතුරුව සිනාහවීම සිදුවේ. එහෙත් “සිනාසීම අඩංගු වලිප්පුව” නැමැති රෝගයෙන් පීඩා විදින දරුවන් එසේ පණිවිඩ හුවමාරුවක් සිදුනොවේ.
මොලයේ කිසියම අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. විශේෂයෙන් මොළයේ කුඩා ගෙඩියක් තිබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. ඵඍෂ පරීක්ෂණයන් මගින් මොලයේ හටගෙන ඇති ගෙඩි හදුනා ගත හැකිය. මොළයේ ඉදිරිපස නාස් තල්ලට තරමක් ඉහළින් ්‍යහචදඑය්ක්පමි නැමැති ඉතා වැදගත් ස්ථානයේ එම ගෙඩිය දැකිය හැකිය. එම ගෙඩි බොහෝ විට පිළිකාමය තත්ත්වයක් නොවන අතර වැඩීමද ඉතා සෙමින් සිදුවනු ලැබේ.
මොළයේ කුඩා ගෙඩි හෙවත් අසාමාන්‍ය වර්ධන අවස්ථාවන් වල ප්‍රතිපල
දරුවන් අඩු වයසින් වැඩිවියට පත්වීම.
ඉගෙනීමේ දුර්වලතා ඇතිවීම.
හැසිරීමේ ගැටලු මතුවීම – මෙහිදී දරුවා නිතර කලහකාරී ලෙස හැසිරීම අධික ශබ්ද නගා කෑගැසීම වැනි හැසිරීම් රටාවන් මෙවැනි දරුවන්ගෙන් දැක ගත හැකිය.
ප්‍රසන්න නොවන හිනාවක් නිතරම පැවතීම -මෙම හිනාව බොහෝවිට දරුවා විරිත්තිල්ලක් ලෙස දකින කෙනෙකුට පෙනී යා හැකිය.
නිතරම සිනාසීම -කිසිදු හේතුවක් නොමැතිව සිනාසෙන අතර මෙයට වේලාවන් අවේලාවක් මෙන්ම තැනක් නොතැනක් නොමැත.
සිනහ වීමට පෙර විවිධ හැසීරීම් පලකිරිම- එම හැසිරීම අත්පා හෝ ඇගපත චලනයන් ඉරියව්වල වෙනසක් වැඩිහිටියන්ගේ අවදානය වැඩිවශයෙන් ලබා ගත හැකි ක්‍රියායවන්
සිනහවිය නොවිය යුතු ස්ථානයන් වලද සිනහ වීම. දරුවාට සැර කරනු ලබන අවස්ථාවන් වලදී
මිනිත්තුවකට අඩු කාලයක් සිනහව පැවතීම – මොවුන්ගේ සිනහව ක්ෂණයකින් ඇති වී ක්ෂණයකින් නැති වී යන්නකි.
හිස සෙලවීම – හිස දෙපසට සෙලවිම හෝ උඩට පහළට දිගහැරීම හෝ නැවීම.
තොල්පට වෙවිලීම යමක් කියන්නට සැරසෙන පරිදි තොල්පට වෙවිලීමක් ගොත ගැසීම.
ඇස්වල ක්‍රියාකාරිත්වයේ වෙනසක් -ඇස් වපර කර බැලීම පුංචිකර හෝ විශාල කර කෙනෙකු දෙස බැලීම.
ඔබගේ දරුවා තුළ මෙවැනි රෝග ලක්ෂණයන් පවතිනේන නම් එය බොහෝවිට අවුරුදු තුනේ හෝ හතරේ වයස් කාණ්ඩයේ පසුවන දරුවන් අතර නිතර දක්නට ලැබෙන තත්ත්වයකි. මෙවැනි රෝග ලක්ෂණ කිසිවිටෙකත් සුළුවෙන් නොසැලකිය යුතුයි. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම අත්‍යවශ්‍යය.
දරුවාගේ රෝග ලක්ෂණයන් සලකා බලා වෛද්‍යවරු ෑෑඨ පරීක්ෂණයන් සිදුකරනු ඇත. රෝගී දරුවෙක් නම එම වාර්තාවන්ගේ වෙනසක් දැකිය හැකිය. එවන් විට මොළයේ ගෙඩි ඇතිවී තිබෙන්නේද යන්න ඵඍෂ ස්කෑන් පරීක්ෂණයන් සදහා යොමු කරනු ලැබේ.
මෙහිදී දරුවාගේ වලිප්පු තත්ත්වය පාලනය කිරිම සදහා ඖෂධ ප්‍රතිකාර ලබා දෙන අතර මොළයේ ගෙඩියක් ඇතැයි හදුනා ගත්තේ නම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් මත ශල්‍යකර්මයක් සිදු කරන්නේද? නැද්ද? යන්න තීරණය වනු ඇත.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා ස්නායු රෝග විශේෂඥ
අනුරුද්ධ පාදෙනිය
සටහන – ශ්‍රියානි විජේසිංහ