free stats
  1. PCOS තත්ත්වයක් කියන්නේ මොකද්ද?

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඩිම්බ පිටවීමේ එක රටාවක් තියෙනවා. එක වරකට එක ඩිම්බයක් බැගින් තමයි පිටවෙන්නේ. දකුණු පැත්තෙන් ඩිම්බයක් පිටවෙනකොට වමෙන් ඩිම්බයක් පිටවෙන්නේ නෑ. නමුත් මේ තත්ත්වයේදී එකවරකට ඩිම්බ විශාල ප්‍රමාණයක් පිටවෙනවා. නමුත් එකක්වත් මෝරලා නෑ. මේක මාලයක් වගේ දකින්න ලැබෙනවා. එහි අතුරු විපාකයක් විදියට පිරිමි හෝර්මෝන පිටවෙන්න පුලුවන්. මෙයින් නරක ප්‍රතිපල ඇතිවෙනවා. ඉන්සියුලින් ශ්‍රාවයට පවා බලපෑම් ඇතිවෙනවා.

  1. රෝග තත්ත්වය හදුනාගන්නේ කොහොමද?

මේ තත්ත්වය ඇතිවෙන්නේ අසාමාන්‍ය ආකාරයෙන්. කාන්තාවන් බහුතරයකට ඒ කියන්නේ 20%කට වගේ ප්‍රමාණයකට මේ තත්ත්වය ඇතිවෙනවා. එය සැලකියයුතු ප්‍රමාණයක්. ඒ වගේම රෝගියා වාර්ථාවෙන්නේ එක එක ආකාරයෙන්. අපිට එකම රෝග ලක්ශණ සහිත රෝගීන් වාර්ථාවෙන්නේ හරිම අඩුවෙන්. හැම රෝගියෙක්ම එන්නේ එකිනෙට වෙනස් රෝග ලක්ශණ එක්කයි. කිසිම රෝග ලක්ශණයක් නැතුවත් එනවා. සමහර විට එන්නේ ආර්ථවයේ වෙනසක් විදියට. මෙහෙදි බොහෝ දෙනෙක් එන්නේ ආර්ථවයේ ගැටලුවක් විදියට වෙන්නත් පුලුවන්. මොකද මේ රෝගයේ ප්‍රධාන කාරණයක් වෙන්නේ ඩිම්බ මෝචනයේ ගැටලුවක් නිසා නිසි ආකාරයෙන් ඔසප් සිදුනොවීම.

  1. රෝගයේ ලක්ශණ මොනවද?

මෙහි ප්‍රධානම ලක්ශණය වෙන්නේ නිසි ලෙස ඔසප් සිදු නොවීම. එක්කෝ ඔසප් සිදුවෙන්නේ අක්‍රමවත්ව. එයට මුලින් සදහන් කල හේතුව අදාල වෙනවා. එනම් නිසි ලෙස ඩිම්බ මෝචනය නොවීම. එහෙමත් නැත්නම් ඩිම්බ නිසි ලෙස පිටනොවීම. මේ නිසා මාස ගණනක් වුණත් ඔසප් නොවී තියෙන්න පුලුවන්. ඩිම්බ මෝචනය නිසි පරිදි එහෙම නොවුණාම දරුපල ප්‍රමාද වෙනවා. ඒ වගේම මේ කාර්ය නිසිපරිදි නොවීම නිසා සිරුරේ පිරිමි හෝර්මෝන ශ්‍රාවය වීම වැඩිවෙනවා. මේ නිසා කුරුලෑ ඇතිවීම, මුහුණේ රෝම කූප වර්ධනය වීම, විශේෂයෙන්ම කට වටා රෝම කූප වර්ධනය වීම සිදුවෙනවා. සමහර අයට මේ තත්ත්වය නිසා දියවැඩියා රෝගය ඇතිවෙන්නත් පුලුවන්. පොඩි දරුවෙක්ගේ ආර්ථවය පරක්කු වෙනවා.

  1. මේ තත්ත්වය ඇතිවෙන වයස් සීමාවක් තියෙනවද?

නෑ එහෙම කියන්න අමාරුයි.ඒ වගේම ඒක කොයි වයසෙදි මතුවෙයිද කියන එකත් ප්‍රශ්නයක්. සමහර විට කාලයක් තිස්සේ තිබිලා වයසට යනකොට මතුවෙනවා වෙන්නත් පුලුවන්. පොඩි ලමයෙක් ගත්තොත් එයාට දරුවෙක් ලැබෙන්නේ නෑ කියලා ගැටලුවක් එන්නේ නෑ. එයාට එන්නේ වැඩිවියට පත්වීමේ පරක්කුවක්. එහෙමත් නැත්නම් එයා හොදටම මහත් වෙලා, මුහුණේ කෙස් වැවිලා. වෛද්‍ය උපදෙස් ගන්න එන්නේ ඔසප් වයස් සීමාව පහු උනාට පස්සේ. සමහර අයට මේ රෝග ලක්ශණ සේරම එනවා. සමහර අයට එකක් එන්නත් පුලුවන්. ඒ වගේ තවත් කාන්තාවන් පිරිසකගෙ බෙල්ලේ පැත්තක් කලුවෙලා වගේ ගතියක් දකින්න ලැබෙනවා. ඒකත් මේ රෝග තත්ත්වයේ ලක්ශනයක්.

  1. මේ රෝග තත්ත්වය අවධානම් වෙන්නේ මොන අවස්ථාවලදිද?

දැන් අර මුලින් කිව්ව බෙල්ල කලු වීමෙන් කියන්නේ ඒ කාන්තාවට දියවැඩියාව වැඩි දුර නෙවෙයි කියලා. මේ විදියට කාන්තාවන්ගෙන් 20%කට පමණ පොදු ප්‍රශ්නයක් නම් එයින් විශාල සමාජමය ගැටලු මතුවෙනවා. දියවැඩියාව එවැනි සමාජමය ගැටලුවකට හොදම උදාහරණයක්. මෙය ගර්භාශ පිලිකා තත්ත්වයක් දක්වා දුර දිග යන්නත් පුලුවන්. පිළිවෙලට මාසික ඔසප් වීම සිදුනොවී වැරදි හෝර්මෝන ශ්‍රාවය වෙනවා නම් එය ගර්භාශ පිලිකාවකට හේතුවෙනවා. ඒ වගේම ගර්භාශ සිවියේ පිලිකා එනවා.

  1. රෝග ලක්ශණ නැතිකෙනෙක් හදුනාගන්නේ කොහොමද?

මේ අය හදුනාගන්න අමාරුයි. සමහර අයගේ ඔසප් චක්‍රය පවා සාමාන්‍ය පරිදි තියෙනවා. මේක මුල ඉදලම තිබිලා පස්සේ ආරම්භ වෙන්න පුලුවන්. ඒ කියන්නෙ රෝගය මුල ඉදලම තියෙනවා. නමුත් මතුවෙන්නේ නෑ. රෝගය මතුවෙන්න කාලය ආවම මතුවෙනවා.

  1. වැඩි බලපෑමක් ඇතිවන වයස් කාණ්ඩයක් තියෙනවද?

වැඩි බලපෑමක් තියෙන්නේ ප්‍රජනන සෞඛ්‍ය ට නිසා ඒ වයසේ පසුවෙන අයට වැඩි බලපෑමක් තියෙනවා. දරු පිළිසිද ගැනීමක් නොවීම, ඔසප් නිසි පරිදි සිදුනොවීම, නිසි වයසෙදි ආර්ථවය සිදුනොවීම වගේ ප්‍රශ්න වැඩියෙන් බලපාන්නේ ප්‍රජනන සෞඛ්‍ය සක්‍රීය විය යුතු වයස් කාණ්ඩයට. ඒ වගේම එයාලගේ මුහුණේ රෝම කූප වර්ධනය පෙනුමට විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ තත්ත්වය බලපාන්නේ තරුණ වයසේ ගැහැනු ලමුන්ට සහ කාන්තාවන්ට නිසා ඡඣී රෝගයේ වැඩි බලපෑමක් තියෙන්නේ තරුණ වයස් කාණ්ඩයට. අවුරුදු 70 වගේ අයට මේක අදාල නෑ. මොකද එයාලගේ හොද ඩිම්බ වගේම නරක ඩිම්බත් ඒ වෙද්දි මැරිලා තියෙන්නේ. පුංචි දරුවන්ගේ ඩිම්බ වර්ධනය වෙලා නැති නිසා ඒ අයට මේ ප්‍රශ්නය අදාලත් නෑ.

  1. රෝග ලක්ශණ විදියට සදහන් කලේ ඕනම තත්ත්වයකදි දකින්න පුලුවන් පොදු කාරණා. මේවා ඡඣී තත්ත්වයේ ලක්ශණමයි කියලා හදුනාගන්නේ කොහොමද?

එතැනදි එක රෝග ලක්ශණයකට වඩා තියෙනවා නම් ඒ කියන්නේ මාසික ඔසප් චක්‍රය හරියට වෙන්නෙත් නෑ, මුහුණේ රෝමත් වැවිලා, මහතත් වැඩිවෙලා. එහෙමනම් ඒ ගැන සැලකිලිමත් වෙන්නෙ සිදුවෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ මුහුණේ පිම්පල් හෝ රෝම වැවුනාම ඒවා ඉවත් කරගන්න සැලෝන් යන එක. නමුත් ඒකට හේතුව හොයාගැනීම ඊට වඩා වැදගත්. ඒ නිසා මේ ලක්ශණ කිහිපයක් තියෙනවා නම් කාන්තා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යාම වඩාත් සුදුසුයි.

  1. රෝග පරික්ශාව සිදුවෙන්නේ කොහොමද?

ඉතාම පහසුවෙන් අල්ට්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයක් මගින් හදුනාගන්න පුලුවන්කම තියෙනවා. මෙහිදී ඩිම්බ කෝෂ දෙක පරීක්ශා කරලා බලලා නිවැරදි නිගමනයක් ලබාගැනීම සිදුවෙනවා. ඒ ඇරෙන්න හෝර්මෝන පරික්ශාවක් වෙනවා. නමුත් ස්කෑන් එකකින් මිනිත්තුවෙන් කියන්න පුලුවන්.

  1. ප්‍රතිකාර පටන්ගන්නේ කොහොමද ?

ප්‍රධාන වශයෙන්ම කරන්නේ බර අඩු කරගැනීමට උපදෙස් දීම. මීලගට සිරුරේ සීනී ප්‍රමාණය අඩුකර ගැනීමට උපදෙස් දෙනවා. සීනී පාලනයක් අනිවාර්යයෙන් වියයුතුයි. දැනටමත් දියවැඩියාව ඇවිල්ලා නම් මෙට්ෆෝර්මින් දෙන්න වෙනවා. ඒ වගේම දරුවෝ ලැබෙන්න අවශ්‍යයි නම් ඒ සදහා ඩිම්බ මෝචනය කරන ශල්‍යකර්මයක් හෝ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම කල හැකියි. වඩාත් සුදුසු වෙන්නේ ලැපරස්කොපි සැත්කමක් කිරීම. මොකද ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මෝචනය කරන්න ගියාම බහු පිලිසිඳගැනීම් (මල්ටිපල් ප්‍රෙග්නන්සි) ඇතිවෙනවා. ගොඩක් පිරිමි හෝර්මෝන එනවා නම් බෙහෙත් වර්ග දෙනවා.

විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ද මහතා
ශික්‍ෂණ රෝහල පේරාදෙණීය කතිකාචාර්ය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය