free stats

අපි දැනගත යුතු කරුණු කිහිපයක්…………………..

විවාහ වූ යුවලක් වූ පමනින්ම ඔබගේ මීලඟ අපේක්ෂාව වන්නේ පුංචි සිඟිත්තෙකු නිවසට කැඳවාගෙන ඒමයි. ඔබ කාන්තාවක නම් අම්මා කියන අකුරු තුනට හිමිකම් කියන්නට පෙරුම් පුරනවා ඇති. නමුත් අද ඇතැම් හේතු මත ඇතැම් කාන්තාවන්ගේ මෙම හීනය යම් යම් ගැටලුකාරී තත්ත්වයන්වලට පත් වන අයුරු අපට දැකගන්නට අසන්නට ලැබෙනවා. මේ අතුරින් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සුලභ කරුණක් පිළිබඳවයි. එනම් ඔසප් චක්‍රය ආශ්‍රිතව පවතින ගැටලු. සහ මෙකී ගැටළු දරු උපතකට බලපෑම් කරන අයුරු පිළිබඳවයි.

සාමාන්‍යයෙන් මාසික චක්‍රයක් ලෙසින් හඳුන්වන්නේ දින 28 ක කාලයක්. එය ඇතැම්විට දින දෙක තුනක එහා මෙහා වීමක් විය හැකිය.කෙසේ වුවත් මෙය දින 21ක් සහ 35 අතර කාලය තුළ සිදුවේ නම් එය විද්‍යාත්මකව සාමාන්‍ය තත්වයකි.

නමුත් මෙය අසාමාන්‍ය විය හැකි අවස්ථාවන්ද පවතී.

එනම් මාසික ඔසප්වීම දින 21 ට වඩා අඩු කාලයක් තුළ සිදුවේ නම් හෝ දින 35 වඩා වැඩි කාලයක් තුළ සිදුවේ නම් එය අසාමාන්‍ය තත්ත්වයකි.

මෙම ඔසප් චක්‍රය පාලනය වීම සිදුවන්නේ. පිටියුටරි ග්‍රන්ථිය මගින් ශ්‍රාවය වන හෝර්මෝන දෙකක් මගිනි.

මාසික ඔසප්වීම ආරම්භය සහ අවසානය යනු කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමට සූදානම් වීමයි. ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ දා සිටම මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. එනම්
ගර්භණීභාවයට පත්වීමට ගර්භාෂය සූදානම් කරවීමයි.

මේ ක්‍රියාවලියේ දී මුල් දින දාහතර ක්‍රියාත්මක වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. ඉතිරි දින ක්‍රියාකරනුයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයයි. මෙම හෝමෝන ද්විත්ව ශ්‍රාවය වීම අවම වුවහොත් ඔසප් චක්‍රය අක්‍රිය විය හැකිය.සාමාන්‍යයෙන් ඩිම්බයක ආයුකාලය එක් දිනයකි. ශුක්‍රාණුවක ආයු කාලය පැය විසිහතරක් හතලිස් අටත් අතර කාලයක් වෙනවා. දරුවෙක් පිළිසිඳ ගැනීමට නම් ඩිම්බය මෝචනය වීමට එක් දිනය පසුව හෝ දින දෙක තුනක් ගතවූ කාලයක් තුළදී ඔබ සංසර්ගයේ යෙදිය යුතුයි .එනම් ඔබ මෙම සරු කාලය තුලදී එක් වීමක් සිදු විය යුතුයි. කලලයක් සෑදීම සදහා ඩිම්බයක් මෝචනය වෙන සාමාන්‍ය අවස්ථාව වෙන්නේ දින 14 ක කාලයයි. එය ඇතම්විට දින 12/16 වශයෙන් ද වෙනස් විය හැකිය. මේ කාලයේ දී සංසර්ගයේ යෙදුනහොත් ගර්භනියක් බවට පත්වීමේ අවස්ථාව තියෙනවා. නමුත් මේ චක්‍රයේ මුල් කාලයේදී අවසන් කාලයේදීත් ඔබ සංසර්ගයේ යෙදුන පමණින් ම දරුවෙකු පිළිසිඳ නොගනී. එනම් සරු දින ගනන අනුව තමයි පිළිසිඳගැනීමක් සිදුවීම හෝ නොවීම තීරණයක වන්නේ.

ඒ අනුව යම් අයකුගේ චක්‍රය අක්‍රමවත් නම් ඇයට දරුවකු පිළිසිඳ ගත හැකිද. මේ කාරණය පිළිබඳ අවධානය දී අපට මතුවන ප්‍රධානතම ගැටළුව බවට පත් වෙන්නේ මෙයයි. සරලවම පැවසුවහොත් “හැකියි”. මෙහිදී අවධානයට යොමු කළ යුතු කාරණය වෙන්නේ මාසික ඔසප් වීම සිදුවන දින ගණන නිශ්චිතව පැවසිය නොහැකි වීමයි. මේ නිසා අනිවාර්යයෙන්ම දින දෙක තුනකට වරක්වත් සංසර්ගයේ යෙදීම අත්‍යවශ්‍ය වෙනවා.

දැන් අපි බලමු ආර්තව චක්‍රය සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව සිදු වීමට බලපාන හේතු මොනවාද කියලා. මේ සඳහා හේතුන් විශාල ප්‍රමාණයක් බලපෑ හැකියි. ඇතැම්විට මෙම හේතූන් ගර්භාෂයේම හේතූන් ද වේ. ඒ අනුව යම් අයෙකුගේ ඊස්ට්‍රජන් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීමක් සිදුවේ නම් ගර්භාෂයේ ඇතුලත බිත්ති ගනකම වැඩි වේ. මෙයද දරුවකු පිලිසිද ගැනීමට ඇති අවස්තාවට බලපෑම් සිදු කල හැකි කාරනාවකි. දරුවෙකු අපේක්ශාවෙන් සිටින දෙදෙනකු සංසර්ගයේ යෙදීමකින් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේවනය වී කලලයක් සෑදුනත් එය තැම්පත් විය යුතු වන්නේ ගර්භාෂයේයි.මේ සදහා ගර්භාෂය සුදුසු තත්වයේ නොපවතීනම් කලලයක් තැම්පත් වීමක් සිදු නොවේ. මේ අනුව දරුවකු පිලිසිද ගැනීම සදහා මෙම සියලු කරුණු සම්පූර්ණ විය යුතුමය.ඒ අනුව,

  • නිවැරැදි දින ගණන සම්පූර්ණ විය යුතුය.
  • ගර්භාෂයේ බිත්තිය දරුවෙකු දරාගැනීමේ සුදුසු තත්ත්වයට පත්වී තිබිය යුතුය

මීළඟට ඇතැම් රෝගී තත්ත්වයන් හේතුවෙන් ද දරුවකු පිලිසිද ගැනීම ප්‍රමාද විය හැකිය.
චදකහජහිඑසජ දඩ්රහ ිහබාරදපැ එවැනි එක් රෝගයකි. මෙහිදී සිදුවන්නේ කාන්තාවක්ගේ ඇගේ පිරිමින්ගේ හෝමෝන ශ්‍රාවස වීම වැඩි වීමයි. මේ රෝගයේ ලක්ෂණයක් ලෙසින් සිරුරෙහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා රෝම වැවීම හඳුනාගත හැකිය. මේ නිසාම මේ අයගේ සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය වීම වැඩි වේ. මෙවැනි කාන්තාවන්ගේ ඩිම්බ කෝෂයේ වතුර බිබිලි වැනි දෑ පිරී තිබීම සුලභ කරුණකි. මේ නිසාවෙන්ම ඩිම්බයක් මෝචනය වීමේ හැකියාව අවම තත්වයක මෙවැනි අයගෙන් දැකගත හැකි ය. මෙම රෝගය ඇතිවීම සඳහා විවිධ කරුණු බලපෑම් කරයි

  • ක්‍රියාකාරීත්වයකින් තොරව සිටීම.
  • අධික තරබාරුකම ඒ අතර ප්‍රදාන වේ.. වයස්ගත වී විවාහ වීම

දරුවන් ප්‍රමාද වීමට හේතු විය හැකිය සාමාන්‍යයෙන් දරුවකු පිළිසිඳ ගැනීම සඳහා හොඳම වයස අවුරුදු 25 වේ. නමුත් අද වන විට බොහෝ දෙනා ප්‍රමාද වී විවාහ වීම හේතුවෙන් 40 සීමාව තුලදී පවා අපේක්ෂා කරයි.එය ද දරුවන් ලැබීම ප්‍රමාද වීමට හේතු විය හැකිය. මන්ද මෙම වයස වන විට ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වී තිබිය හැකි වීම හෝ අක්‍රමවත් වීම ආරම්භ වී පැවතීමයි. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ වයස අවුරුදු 45/ 47/ 50 වැනි කාලයක් තුළදීයි.මෙවැනි වයසක සිටින ඔබ දරුවෙකු අපේක්ෂාවෙන් සිටී නම්,

ඒ වගේම ඔබට රාත්‍රියට දහඩිය දැමීම මනස වියවුල් වීම කේන්ති යාම මාසික චක්‍රය අක්‍රමවත් වීම මෙවැනි ලක්ෂණ තිබේ නම් ඔබ ආර්තවහරණයට ලක් වීමට සමීප වී ඇති බව අවබෝධ කර ගත හැකි ලක්ශනයන් වේ.

එමෙන්ම තයිරොයිඞ් ග්‍රන්ථියේ ප්‍රශ්නයන්ද දරුවකු ලැබීම සඳහා ප්‍රමාද වීමට හේතු විය හැකියි. බොහෝ විට වැඩිවියට පත් කාන්තාවන්ගෙන් සියයට හතළිහකට තයිරොඞ් ග්‍රන්ථියේ අසමතුලිතාවයන් පවතී. එනම් තයිරොක්සීන් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම හෝ වැඩිවීම සිදු වීමයි. මෙවැනි අයට මානසික ප්‍රශ්න බර වැඩි වීම හෘද ස්පන්දන වේගය වැඩි වීම පපුව ගැහීම වැනි දෑ සිදු වේ. මෙවැනි දෑ පැවතීමද ආර්තව නිවැරැදි පරිදි සිදුනොවීම සඳහා බලපෑම් කරයි.ඒ හරහා දරුවන් පිලිසිද ගැනීම ප්‍රමාද විය හැකිය. බර වැඩි වීම ද ආර්තව චක්‍රය නිවැරදිව සිදු නොවීමට හේතුවක් විය හැකියි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඊඵෂ අගය 20ත් 25ත් අතර පවතී නම් එය හොඳ තත්ත්වයකි 20ට අඩු නම් 25 ට වැඩි නම් ඒ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි.මේ සඳහා බර පාලනය කර ගැනීම හොඳම විසඳුම වේ.

ඔබ මානසික ප්‍රශ්නවලින් පෙළේ නම් ඩිම්බ මෝචනය වීම ආශිතව ගැටලු ඇති විය හැකිය. මේ නිසාවෙන් ආර්ථව චක්‍රය අක්‍රමවත් වීම හරහා දරුවන් ලැබීම ප්‍රමාද විය හැකිය. මේ සියලු කරුනු මත ඔබ අවබෝධ කරගත යුතු වැදගත් කාරණය වන්නේ ඩිම්බයක් මෝචනය වන කාලය නිවැරැදිව හඳුනා ගැනීමයි. සාමාන්‍යයෙන් ඩිම්බයක් මෝචනය වන්නේ දින 14 ක කාලය තුළයි. මෙය ස්කෑන් පර්යේෂණය සිදු කිරීම මගින් හඳුනා ගන්න පුළුවන්. නමුත් මෙය කාන්තාවකට නිවසේදීම අවබෝධ කරගත හැකි ක්‍රම කිහිපයක් ද පවතිනවා ඒ පිළිබඳව සරල අවබෝධයකින් සිටීම වැදගත්.

  • ඩිම්බ මෝචනය වන දින දාහතර දාසය කාල පරාසය තුළදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිට වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් කාන්තාවකගේම දැකගත හැකි වුවත් ඩිම්බ මෝචන කාලය තුළ පිටවන ශ්‍රාවය බිත්තර සුදුමද ස්වභාවයෙන් යුක්තයි. මෙය ඇදෙනසුලු ශ්‍රාවයක් වේ. එවැනි දින තුළ ඔබ සංසර්ගයේ යෙදුන හොත් දරුවෙකු පිලිසිද ගැනීමේ අවකාශය පවතී.

ශරීර උෂ්ණත්වය වැඩි වීම ඩිම්බ මෝචනය වන කාලය තුළ දී දැකගත හැකි තවත් එක් ලක්ෂණයකි සාමාන්‍යයෙන් ඔබ උදෑසන නැගිටින විට සිරුරේ උෂ්ණත්වය පරික්ෂා කලහොත් ඒ ඔබගේ සාමාන්‍ය උෂ්ණත්වයයි.එය යම් දිනයන් වලදී වෙනස් වේ නම් එයද ඩිම්බයක් මෝචනය වන බව හඳුනා ගැනීමට ලක්ෂණයකි. මෙම උෂ්ණත්වය අංශක දෙක තුනකට මෙහා වීමකට වඩා වැඩි විය හැකිය.
මේ අනුව සිඟිත්තෙකු අපේක්ෂාවෙන් සිටින යුවලක් නම් වැදගත් වනුයේ ඔසප් චක්‍රය අක්‍රමවත් වුවත් ඒ පිලිබදව අවබෝධයකින් කටයුතු කිරීමයි.එවිට ඔබගේ කිරි සිහිනය සැබෑවනු නොඅනුමානය.

සටහන නදීශා ගයානි ගුණතිලක

විශේෂඥ වෛද්‍ය
කපිල පියසේන මහතා