free stats

ලෙසින් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වු ඉහත වැකියෙන් කියවෙන්නේ ද මාතෘත්වය වෙනුවෙන් ගැහැණියක් තුළ සිදුවන ඒ අපූර්ව වූ වෙනසයි. අපූර්ව කැප කිරීමයි. ඇය කුමන ක්‍ෂෙත්‍රයක නිරත වුවද කුමන පවුල් පසුබිමක වුවද කුමන මට්ටමේ සමාජ තත්ත්වයක් තුළ ජීවත් වුවද මාතෘත්වය තුළ ඇය අනෙක් සාමාන්‍ය කාන්තාවෝ හා සම වන්නේය. දරුවා වෙනුවෙන් අනෙකුත් සියලු සැනසීම් කැප කරන ඇය හරිහැටි නින්දක් හෝ කෑමක් බීමක් නොමැතිව ගෙවන දින ගණන අනන්තය.

සමහර විට ඇය කන්නට ආසා කෑමක් කන්නට නොලැබුණු අවස්ථා අපමණය. විනෝද චාරිකාවක් යන්නට හෝ තුරුණු වියේ මෙන්ම විනෝද වන්නට ඇයට අවස්ථාව අහිමිය. ඇළක දොළක පැන පිහිනන්නට මෙන්ම දුව පැන ඇවිදින්නට ද තහනම් ය. නමුත් ඈ ඒ කිසිවකින් වේදනාවට පත් නොවන්නීය. ඇයට දැන් ඇත්තේ මවක් වීමේ අවශ්‍යතාවය පමණි. වෙන කිසිවක් හෝ පිළිබඳව අංශූමාත්‍ර හෝ හැඟීමක් ඇයට නොමැතිය. ඔබත් මේ මොහොතේ දරු ප්‍රසූතියට සුදානම් වනවා නම්, මේ මොහොතේ ඔබත් මවක් නම්, මේ ලිපිය කියවන්නට මොහොතකට පෙර වෛi පරික්‍ෂාවකින් මවක් වන්නට නියමිත බව දැනගෙන ඒ සතුට අත්වින්දා නම් මොහොතක් මතකයට නඟාගන්න. පාසල් වියේදි ඔබ මිතුරියන් සමඟ මාතෘත්වය පිළිබඳව කතා කරන්නට ඇති.

අනේ මම නම් කැමති නැහැ අම්මා කෙනෙක් වෙන්න. ”

අපෝ නෝර්මල් විදියට බබා ලැබුණොත් නම් ඉවරයි. මම නම් කවදාහරි සීසර් තමයි කරන්නේ”

මට නම් ඕන දුවෙක්. එතකොට ලස්සනට ගවුම් අන්දලා කොණ්ඬේ පීරන්න පුළුවන්.”

ඔබ මිතුරියන් සමඟ මෙවන් කතා කොතෙකු-ත් කියන්නට ඇති. පවුලේ සොහොයුරියන් හෝ දන්නා හඳුනන කාන්තාවන් මවක් වීම පිළිබඳව දක්වන අදහස් අසා ඔබ බියට පත්වන්නට ඇති. එහෙත් ඒ කිසිවක් මේ මොහොතේ ඔබේ මතකයේ තිබේද? සමහර විට තිබුණත් ඒ කිසිවක් තවදුරටත් සත්‍ය නොවන බව ඔබට වැටහි ඇති. ලැබෙන්නට සිටින දරුවා
දුවෙක් ද පුතෙක් ද යන්න තවදුරටත් ඔබට ප්‍රශ්නයක් නොවේ. ඇත්තේ දරුවා නීරෝගි දරුවෙක් බිහිකිරීමේ අවශ්‍යතාවය පමණි. ඒ වෙනුවෙන් ඕනෑම වේදනාවක් උහුලන්නට ඔබ සූදානම්ය. ස්වාභාවික දරු උපතකින් හෝ සීසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කිරීම ඔබේ ඒකායන පැතුමයි. එහි වේදනාවක් හෝ ආතතියක් පිළිබඳව ඔබ සිතින් මවාගෙන සිටි කිසිඳු සිතුවිල්ලක් තව දුරටත් ඔබට මතක නැත.

නිවසේ කණ්නාඩිය ඉදිරියට ගොස් මුහුණේ වෙනස්කම් නැරඹු ඔබ දැන් බලන්නේ මොරා එන ඔබේ කුස දෙසය. කුරුලෑ බිබිළි දෙස බලා හීල්ලු ඒ නිසාම ඕනෑම ප්‍රතිකාරයකට යොමු වූ ඔබ දැන් කුරුළැ දහසක් මුහුණ ආක්‍රමණය කළ ද ඒ පිළිබඳව සිතන්නේවත් නැත. අඩුම වශයෙන් දිනකට එක් වතාවක් හෝ මුහුණ දෙස බැලුවාදැයි කියාවත් මතකයේ නැත. ඔබ දැන් වෙහෙසෙන්නේ ඔබේ කුස තුළ සිටින බිළිඳා ගේ දඟකාරකම් ගැනය. කුසට එල්ල කරන පහර ගණන පිළිබඳවය. ඇයට ඉන් එපිට වෙනත් සැනසිල්ලක් නොමැත. මාතෘත්වය උත්තරීතර වන්නේ එබැවිනි.

ඇඳුම් පැළඳුම් විලාසිතා පිළිබඳවත් කිව යුත්තේ එයමය. වෙනදා ඔබ කළ විලාසිතා තවදුරටත් ඔබට සුදුසු වන්නේ නැත. දැන් ඔබේ විලාසිතා ටිකෙන් ටික වෙනස් වන්නේ නොදැනුවත්වමය.

දැන් ඉතින් සැහැල්ලු ඇඳුම් ඇන්දට කමක් නැහැ. ඔහොම හිරට අදින එක බබාට හොඳ නැහැ.”

අම්මා, සැමියා සමහර විට නැන්දම්මා ඔබට මේ විදියට කියන්නේ නොරිස්සුමක් එක්කයි. එවිට ඔබට කේන්තියක් හෝ කළකිරීමක් ඇති වන්නට පුළුවන්.

කාටවත් ඕන විදියට මොකටද මම ඇඳුම් අඳින්නේ. ”

වෙන වෙලාවක නම් ඔබ කියයි. නමුත් දැන් ඔබ මවක්. ඔබ එකඟ වන්නේ නැවත ප්‍රශ්න කිරීමකින් තොරවයි. සමහර විට නිවසෙන් එළියට නොබසින ඔබ සැමියා ගෙනවිත් දෙන ඕනෑම ඇඳුමක් ඕනෑම වර්ණයක විලාසිතාවක් අඳින්නට තරම් නිහතමානි වන්නේ ඒ නිසාමයි. වෙනදා විනෝදයට ගිය ගමන් වන්දනා ගමන් වන්නේද නිතර දෙවේලේ ධර්මය කෙරෙහි පැහැදීමේන් ධර්මය කෙරෙහි නැඔුරුව ඇති කරන්නේත් ඔබ තුළ උපන් උත්තරීතර මාතෘත්වයයි. ගැහැණියක් තුළ ඇතිවන මේ අප්‍රමාණ බැඳීම මාස නවයක් පුරාවට කුස දරාගෙන හිද මුලු ජීවිත කාලය පුරාවටම කුස දරාගෙන හිදින්නේද ඒ නිසාමය.

චාපා හංසිනි ආටිගල