free stats

අනේ අර දරුවා වැඩකරන හැටි බලන්න හරිම පිළිවෙලයි. පොතක් පතක් වුනත් හරිම නීට්.”

මේ දරුවා නම් කොච්චර කීවත් පිළිවෙලකට වැඩ කරන්න ඉගෙන ගන්නෙ නෑ. කවදා ඉගෙන ගනීද මන්දා.

මේ දෙයාකාරයේ ප‍්‍රකාශයන් ඔබ ඕනෑතරම් සාමාන්‍ය එදිනෙදා පරිසරයේදී අසා ඇති. පිළිවෙලකට වැඩ කිරීම, එය උගන් වන්නේ කෙසේද? මේ අද අපේ සටහනේ මාතෘකාවයි. දරුවන්ගේ ඉගෙනීම ක‍්‍රම කීපයකට සිදුවේ. විධිමත් සහ අවිධිමත් ඉගැනුම් රටා වලින් දරුවෙකු සිය ජිවිතයට කුසලතා එක් රැුස් කරගනී. දරුවෙකුගේ ඉගෙනීම යනු පෙර පාසල, පාසල හා එතැනින් ආරම්භව ගලා යන අධ්‍යාපන ක‍්‍රමවේදය පමණක් නොවේ. ජීවන කුසලතාවයන් හැදෑරීමද දරුවෙකුගේ ජිවීතයේ විශේෂිතම අංගයකි. දරුවෙකු සිය ජීවන කුසලතාවයන් හදාරන විට සෙසු ජීවන අංශ ඉබේම ඔපමට්ටම් වී හැඩ ගැසේ. එබැවින් දරුවෙකුගේ ජිවන රටාවේ පිළිවෙල ගැන සැලකිලිමත් වීම දෙමාපියන් වන ඔබ සතු වගකීමකි.

පිළිවෙලකට වැඩ කිරීම යනු තරයේම සකස් කල කාලසටහනකට හිර වීම නොවන බව ඔබ මතක තබා ගත යුතුව ඇත. දරුවෙකු යනු නිදහස් ජීවියෙකි. අනවශ්‍ය තරමේ නීතිමාලාවක හිරවීම ඔබේ දරුවාට වෙහෙසකාරීය. එහෙයින් යමක් දරුවාට උගන්වන විට එය දරුවාට ගෝචර ක‍්‍රමයකට උගන්වන්න. පළමු වැදගත් කාරණය ඔබ දරුවාට ක‍්‍රියාවෙන් ආදර්ශයක් වීමය. ඔබේ ජීවන රටාව තුල පිළිවෙල නැමැති දේ නැත්නම් දරුවා එය කිසිසේත්ම ඉගෙන ගන්නේ නැත. අම්මා, තාත්තා සහ වැඩිහිටියන් යනු දරුවාගේ මුල් ගුරුවරුන් වන හෙයින් ඔබ දරුවාට එම ආදර්ශය ලබා දිය යුතුවේ. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය වන්නේ දරුවා පොත් මේසය, සෙල්ලම් බඩු ටික, කාමරය පිළිවෙලට තබා ගැනීම නම් එය ඔබ අණ කිරීමක්, උපදෙසක් මගින් බලාපොරොත්තු නොවී දරුවාට ඔබේ ක‍්‍රියාවෙන්ම වරක් දෙකක් කර පෙන්වීම ඉතාම ප‍්‍රතිපලදායකය.

මෙන්න මෙහෙම කාමරේ ලස්සනට පිළිවෙලකට තියාගත්තාම කොච්චර ශෝක්ද.. නේද පුතේ ? දරුවාගෙන්ම ඒ අදහස විමසීම හොද ප‍්‍රතිපෝෂණයක් වනු නොඅනුමානය. එමෙන්ම දරුවන් බොහෝ විට ඔවුන්ට තීරණ ගැනීමට ඉඩදෙනවාට බෙහෙවින් කැමතිය. එම නිසා දරුවෙකු හට යමක පිළිවෙල ඉගැන්වීමේදී ”ඔයාට මොකද හිතෙන්නේ ? මේක මෙහෙම කලොත්ද හො`ද නැත්තම් මෙතන ලස්සනට තියන්න පුතාගේ ප්ලෑන් එක කියන්නකෝ…” ඒ ලබා දෙන මූලිකත්වය සහ තීරකයා වීම දරුවාට ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරන හෙයින් ප‍්‍රායෝගිකව ඉතාම වැදගත් වෙයි. සාමාන්‍යයෙන් වැඩිහිටි අපගේ ඉවසීම ඉතාම අඩු බව අපි අත්දැකීමෙන්ම දනිමු. එහෙයින් දරුවෙකුගේ අපිළිවෙල යනු දෙමාපිය මනස යක්ෂාරූඩ කරන එක් දෙයකි. නමුත් කෑගැසීම සහ බැනවැදීම තුල දරුවා පිළිවෙල ඉගෙන ගනී යැයි ඔබ සිතනවා නම් එය ඉතාම තාවකාලික දෙයකි. එහෙයින් ගැලපෙනම අවිය භාවිත කරන්න. ඒ ඔබේ ආදරය මිස අන් කිසිවක් නොවේ. හොදින් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලීමක් ලෙස, යෝජනාවක් ලෙස කිරීම ඉතාම ප‍්‍රායෝගික දෙයකි.

අද ලෝකය තාක්ෂණය හා ඉදිරියට යන්නේ ඉතාම වේගයෙන්. දරුවන් ජංගම දුරකථනයට, අන්තර්ජාලයට බෙහෙවින් ඇබ්බැහිවී මැසිවිල්ලක්ම වී හමාරයි. නමුත් මේ තාක්ෂණය ඔබට ඔබේ දරුවා නිසි ලෙස හැඩගස්වන්නට අපූරු ලෙස යොදාගන්නට පුලූ‍වන්. දරුවාගේ ක‍්‍රියා පිළිවෙල ඡුායාරූප ගත කරන්න. එය දරුවාට මුද්‍රණය කර කාමරයේ පුවරුවක ගසා පෙන්වන්න. ඔබ ඔබේ සමාජ ජාල මිතුරු සමාජය හා නොපැකිලිව එය බෙදාගන්නා බව පෙන්වන්න. දරුවා ඉන් ලබන්නේ මනා ප‍්‍රතිපෝෂණයකි. ප‍්‍රසංශාව මිල කල නොහැකි දෙයකි. ඔබේ දරුවා පිළිවෙලකට හැඩ ගැස්වීමට ඒ ප‍්‍රශංසාව මනා පිටුවහලකි. ”ශා හරිම ලස්සනට ඔයා ඇදුම් ටික නවලනෙ. මටවත් බෑ ඔච්චර ලස්සනට ඒක කරන්න’’ මේවා මැජික් වදන්ය.

දරුවා හට යමක් නිසියාකාරව ඉගැන්වීමේ ක‍්‍රමවේදයන් අතරින් තරු පුවරු ඉතා පලදායී වේ. සාර්ථක හැම පියවරක් වෙනුවෙන්ම දරුවාට තරුවක් ලබාදීම දරුවාගේ පිළිවෙලකට වැඩ කිරීමේ උත්තේජනය ඇති කරයි. මාසයක් අවසානයේ සාර්ථකත්වය ඇස් පනාපිටම දිස් වෙන අතර අල්ලසක් නොවන ත්‍යාගයක් ඒ ස`දහා දරුවාට ලබා දෙන්නට හුරුවන්න. දරුවන් පිළිවෙලකට හුරු කල යුත්තේ මනසට වදයක් නොවන ආකාරයටය. එහිදී ඔබ නිර්මාණශීලී විය යුතු අතර දරුවා නවමු අත්දැකීම් ඔස්සේ පිළිවෙල ඉගෙන ගන්නා බවට වගබලා ගත යුතුය. කිසිම විටෙක දරුවා සසදන්නට නොයන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මන්ද අල්ලපු ගෙදර හෝ පාසලේ යාබද අසුනේ දරුවාගේ පිළිවෙල ඔබේ දරුවාට එසේම පිහිටා තිබිය නොහැක. දරුවන් සැමවිටම අනන්‍ය වේ. එකිනෙකාට වෙනස්ය. ඔබ ඔබේ දරුවා තුලින් වෙනත් දරුවෙකු දැකීමට හා තැනීමට නොයා යුතු අතර ඔබේ දරුවා කුඩා කල සිටම නිසි ක‍්‍රමවේදයකට හැඩ ගැස්වීමේ ක‍්‍රියාවලිය ඔබ අත හා ඔබේ ක‍්‍රියාවන් තුලම පවතින බව මතකයට නගා ගන්න. දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ අනුකරණය තුලිනි. ඔබ නිසි පිළිවෙලකට ඔබේ ජීවන කුසලතාවයන් ගෙන යන විට දරුවා එය ඉබේටම අනුකරණය කරන්නට පෙළඹේ. එයින් වඩා යහපත් දරුවෙකු නිර්මාණය වනු ඇත.

සටහන කුමුදිකා ඞී. සපුතන්ත‍්‍රි

කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක හා
වෘත්තීය චිකිත්සක විද්‍යාලයේ
වෘත්තීය චිකිත්සක
ආචාර්ය කිත්මා වාසනා දහනායක මහත්මිය