තුන් හතර වතාවක්ම බෙහෙත් ගත්තා එ්ත් මේ දරුවට හැදිලා තියෙන කැස්ස නම් අඩුවෙන්නේම නැහැ”
අහවල් ෙදාස්තර මහත්තයාගෙන් බෙහෙත් ගත්තාම එක වේලෙන් ලෙඬේ හොඳ වෙනවා. මම මගේ දරුවෝ දෙන්නාම අරගෙන යන්නේ එ් ෙදාස්තර මහත්තයා ලඟට”
මව්වරුන් බොහෝ දෙනෙකුට තිබෙන ප‍්‍රශ්නයක් තමයි දරුවන්ගෙ අසනීපය ඉක්මනින් සුව කර ගැනීමට හොඳ වෛද්‍යවරයෙක් සොයා ගැනීම.
එකම රෝගයකට කීප වරක්ම ප‍්‍රතිකාර ගත්තත් එය සුව නොවන්නේ ෙදාස්තර මහත්තයා හෝ ඔහු දෙන ඖෂධයේ ගුණාත්මකභාවයේ අඩුවක් නිසා නොවේ. ෙදාස්තර නියම කරන ඖෂධ නිසි ලෙස දරුවාට දීමට මව්වරුන් කටයුතු නොකිරීම හේතුවෙන් දරුවන්ගෙ අසනීප තත්ත්වයන් සුව නොවනවා පමණක් නොව උත්සන්න වෙන අවස්ථාවන්ද බොහෝමයක් තිබේ.
යම් විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් දරුවෙකුට කැස්ස ඇති වුණා යැයි කියමු. වෛද්‍යවරයා වෙත ප‍්‍රතිකාර සඳහා දරුවා රැුගෙන ගිය පසුව වෛද්‍යවරයා දරුවාව පරික්ෂා කර ඔහුට ආසාදනය වී ඇත්තේ බැක්ටීරියාවක්ද වෛරසයක්ද යන වග සොයා බලනු ලැබේ. මේ අනුව වෛද්‍යවරයා දරුවාට ආසාදන වී ඇත්තේ කුමක්ද යන්න නිගමනය කර අවශ්‍ය ඖෂධයන් ලබා දේ.
එහෙත් අවාසනාවකට අපගේ මව්වරුන් බොහෝ දෙනෙකු තම දරුවාට වෛද්‍යවරයා නියම කරන ඖෂධයන් නිසි ලෙස ලබා දිමක් නොකරති. ඒත් හේතුවෙන් දරුවාට වැළදී තිබෙන රෝගය සුව නොවන අතර එය තව තවත් වර්දනය වේ. එවන් විටක ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයා හොඳ නැතැයි සඳහන් කරමින් තවත් වෛද්‍යවරයෙක් වෙත යන අවස්ථාවන් කොතෙකුත් නම් දක්නට ලැබේ.
වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර ගත්තද ඉක්මනින් සුව නොවන්නේ හෝ රෝගය වැඩි වන්නේ ඇයිද යන්න විමසා බැලීමේදී එම තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ මවය. මන්ද බැක්ටීරියා රෝග ආසාදනයක් සඳහා ලබා දෙන ප‍්‍රතිජීවක ඖෂධයන් වෛද්‍ය උපදෙස් පරිදි දරුවාට ලබා නොදෙන්නේ නම් රෝගය සුව නොවන අතරම ඉන් පසුව එම රෝගය තව තවත් වර්ධනය වේ.
දරුවාට බෙහෙත් පෙවීම අමාරුයැයි සිතා බොහෝ මව්වරුන් දරුවාට වෛද්‍යවරයා නියම කරන ප‍්‍රමාණයට වඩා අඩුවෙන් බෙහෙත් ලබා දීමට කටයුතු කරයි.
උදාහරණයක් ලෙස කියන්නේ නම් කරල් දෙකක් නියම කරන විටක එක කරලක් දීම
තවද දිනකට නියම කරන වාර ගණන අඩුවෙන් දීම. දිනකට තුන්වරක් ගැනීමට නියම කරන ඖෂධයක් දෙවරක් දීම.
තවද ඖෂධ වේල් දෙකක් අතර තැබිය යුතු පරතරය නොතැබීම. එනම් දවස තුන්වරක් දීමේදී උදෑසන 6ට දහවල් 2කට හා රාතී‍්‍ර 10 ට ඖෂධ දීමට මව්වරුන් වගබලා ගත යුතුය.
දින පහක් සඳහා ලබා දෙන ඖෂධ දින තුනක් දීමේදී රෝගය සුව වුවහොත් ඉතිරි දින දෙක තුල ඉතිරි ඖෂධ ටික ලබා නොදීමට බොහෝ මව්වරුන් කටයුතු කරති. එහෙත් එය නොකළ යුතු දෙයකි. මන්ද දරුවාගේ ශරීරය තුලට අතුලූව ඇති යම් බැක්ටීරියාවක් විනාශ කළ හැක්කේ දින පහක් තුළ ඖෂධ භාවිතා කිරීමෙන් බව වෛද්‍යවරයගේ නිගමනයයි. එවන් විටක එම බැක්ටීරියාව විනාශ කර දැමීම සඳහා දින පහක් යන තෙක් ඖෂධය ලබාදිය යුතු වන්නේය. ඖෂධය දින තුනක් ලබා දීමේදී බැක්ටිරියාව අඩපණ වන බැවින් එය මුළුමනින්ම විනාශ නොවේ. දින තුනකදී ඖෂධ ප‍්‍රතිකාරය නතර කළහොත් අඩපණ වූ බැකටීරියාව යළි මතු වී දරුවා යළි රෝගී වේ.
එසේම දරුවාට කලකට පෙර කිසියම් රෝගයකට ලබා දුන් ප‍්‍රතිජීවක ඖෂධයක් නිවසේ ඉතිරිව පවතින්නේ නම් එය නැවත දරුවාගේ අසනීප තත්ත්වයන් සඳහා භාවිතා නොකළ යුතුය. මන්ද ප‍්‍රතිජීවක ඖෂධයන් කාලයත් සමඟ වෙනස් වීම් වලට ලක්වන බැවිනි.
එක් දරුවෙකුගේ රෝගයක් සඳහා ගෙන ආ ප‍්‍රතිජීවක ඖධයන් තවත් දරුවෙකුගේ රෝගයක් සඳහා ලබා නොදීමට වගබලා ගත යුතු වේ.
වෛද්‍ය නිර්දේශයන් මත වුවද දරුවාට යම් ප‍්‍රතිජීවක ඖෂධ ඖෂධයක් ලබාදුන්නද එය අසාත්මිකතාවන් ඇති කිරීමට හේතුවක් වන අවස්ථාවන්ද දක්නට ලැබේ. අසාත්මිකතාවන් ඇති වූ පසුව එය පෙන්නුම් කරන ලක්ෂණයන් ලෙස හුස්ම ගැනීමේ අපහසුව සමේ පලූ මතුවීම තොල් ඉදිමීම සම කැසීම උණ බඩ බුරුලට යාම ක්ලාන්ත ගතිය වැනි ලක්ෂණ මතුවුවහොත් දැරුවාට එම ප‍්‍රතිජීවක ඖෂධය ලබා දීම වහාම නතර කළයුතුය.
මහාචාර්ය පි‍්‍රයදර්ශනී ගලප්පත්ති
සටහන ශි‍්‍රයානි විජේසිංහ