free stats

ඔබේ දරුපැටියා හැමදාම මේ විදිහටම ඉන්නේ නෑ. දිනෙන් දින ශාරිරිකවත්, මානසිකවත්, වැඩෙනවා. මෙසේ වැඩෙන විට නොයෙකුත් අභියෝග, කරදර හිරිහැර වගේ පසුබෑම් වලට මුහුණ දීමට සිදුවීම වළක්වන්න බැහැ. ඒ නිසා සිඟිති අවධියේ සිට දරුවාට මානසික සවියක් ලබා දීමෙන් ඔවුන්ට ජීවිතයේ දී මුහණ දීමට සිදුවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න හැකිවෙනවා. එමඟින් ඔවුන් සතුව පවතින හැකියාවක් උපරිම වශයෙන් දියුණු කරගන්න පුළුවන්. ඒ අනුව ඔවුන් වැඩිවියට පත් වූ වගකීම් දැරිය හැකි චරිත බවට පත් වෙනවා.

මේ සඳහා ඔබට කළහැකි එසේම කළයුතු දේවල් කිහිපයක් තිබෙනවා.

දරුවාට යථාර්ථවාදී ලෙස සිතන්න පුරුදු කරන්න.

ඔබගේ දරුවා සිතන දේ ඔහුගේ හැඟීම්වලට මෙන්ම හැසිරීම කෙරේ බලපානවා. එබැවින් ඔහුගේ සිත තුළ ඇතිවන සෘණාත්මක සිතුවිලි වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දීම අවශ්‍යයයි.

වැඩිහිටියන්ට ඇතිවන සිතුවිලි වගේම දරුවන්ටත් නොයෙකුත් අන්දමේ ප්‍රශ්න සහිත සිතුවිලි ඇතිවෙනවා.

සමහර විට ඒවා දරුණු සිතුවිලි වන්නට පුළුවන්. එසේ නැතිනම් තමන් කෙරේ විශ්වාසයක් නැතිවෙන අන්දමේ සතිවිලි විය හැකිය. එසේම දරුණු විවේචන නිසා මානසිකව ප්‍රපාතයට වැටෙනවා. මෙවැනි අවස්ථ්ාවලදී බොහෝ විට දෙමාපියන් දරුවන්ට “හිත් කරදර කරගන්න එපා” ප්‍රශ්න සියල්ලම කලයත් සමඟ විසදේවී” යනාදී වශයෙන් පවසනවා.

එහෙත් බොහෝ අවස්ථාවලද දෙමාපියන් දරුවන්ට ප්‍රශ්න විසදිය හැකි ආකාරය ගැන උපදෙස් දෙන බවත් පෙනෙන්ට නැහැ. “විසඳුම ලේසියෙන් ලබා ගන්න බෑ.” කියලා පැහැදිලිව කියන්නේ නැහැ. “ධනාත්මකව සිතන්න” කියා ඔහුට පැහැදිලි කරන බවක් දකින්නේ නැහැ. සියල්ල හොඳින් හරියයි කියා තමා ගැන ලොකු විශ්වාසයක් පවත්වාගෙන යන දරුවන්ට ඇත්ත ජීවිතයේ පවතින අභියෝග වලට මුහුණ දෙන්න පහසුයි.

යථාර්ථවවාදී ලෙස සිතන දරුවන් කල සාධනීය මානසික තත්ත්වයකින් පසුවෙනවා පමණක් නොව ප්‍රකෘති තත්ත්වයේ පසුවෙනවා. මුලින් “මට මේ ගණිතයෙන් සමත් වෙන්න බැරි වෙනවා” යනුවෙන් සිතාගෙන සිටි දරුවා යථාර්ථවාදී ලෙස සිතන්න පුරුදු වූ පසු ගණිතයට ලැබෙන ලකුණු වැඩිකර ගැනීමට උදව් ඉල්ලන්න පෙළඹෙනවා. ඒ වගේම පාඩම් කරන්නත් ගෙදරින් කරන්නට දෙන අභ්‍යාස කරනන්ටත් උනන්දුවන බව දකින්න පුලුවන්.

දෙමව්පියන් වන ඔබ කළ යුත්තේ මොනවාද ?

ඔබගේ දරුවාගේ සිත තුළට එන සිතිවිලි ඇගැයීමට ලක්කරන ඒවායින් සිත පහළවන ප්‍රතිචාර ඉවත් කළ හැකි සිතිවිලි පිළිබඳ රහස් පරීක්‍ෂකයෙකු බවට පත් කරන්න. එනම් ඔබගේ දරුවාගේ සිත තුළ යම් සෘණාත්මක සිතිවිල්ලක් පහළ වුවහොත් “ඒක ඇත්තයි කියා සිතන්නේ ඇයි ? ඒක ඇත්ත නොවෙයි කියන තත්ත්වයට තොරතුරු සොයන්න මහන්සිවෙන්නේ නැත්තේ ඇයි ?” ආදී වශයෙන් දරුවාගෙන් අසන්න. දරුවාගේ සිත තුළට පහල වන සිතිවිලි අභියෝගයට ලක්කර එවා වැරදි බව සනාථ කරගන්න ආකාරය දරුවන්ට පුහුණු කිරීම ඔබගේ යුතුකමයි.

හැඟීම් කළමණාකරනය කරන අන්දම දරුවාට කියාදීම

සියයට 60 ක් පමණ ඇමරිකන් පාසල් ළමුන් ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන යථාර්ථයන්ට මුහුණ දීමට සුදුසුකම් නොමැති බව එරට පවත්වන ලද එක්තරා සමීක්‍ෂණයකින් හෙලිවී තිබෙනවා. තනිකම, ශෝකය, කංසාව වැනි දරාගත නොහැකි හැඟීම්වලට මුහුණ දිය හැකි අන්දම ගැන දැනුමක් හැකියාවක් නොමැති බව හෙලිවී තිබෙනවා.

එවැනි අවස්ථාවලදී බොහෝ විට දෙමාපියන් කරනු ලබන්නේ “බය වෙන්න දෙයක් නෑ” “ඕක මහලොකු දෙයක් නොවෙයි” යනුවෙන් ප්‍රකාශ කිරීමයි. එයින් සිදුවන්නේ “ඔබ තුළට පැමිණි සිතිවිලි වැරදියි යන්න වගේම ඒවා කළමනාකිරීමේ හැකියාවක් නෑ” යන අදහස ඔවුන් තුළ පැළ පදියම් කිරීමයි.

එහෙත් ඔවුන්ගේ හැඟීම් පිළිබඳවත් ඒ හැඟීම් ඔවුන් කෙරේ ඇති කරනු ලබන බලපෑම් පිළිබඳවත් ඔවුනට කියා දීම වැදගත් වෙනවා. “මට කංසාවක් බියක් ඇතිවෙනවා. ඒ කංසාව හෝ බිය තුළින් එවැනි හැඟීම් ඇතිවන අන්දමේ දේවල් කරන්නේ නෑ.” යනුවෙන් ප්‍රකාශ කරන දරුවා තුළ ඇතිවන එවැනි සිතිවිලිවලට මුහුණ දීමටත්, ඒවා තේරුම් ගැනීමටත් එවැනි හැඟීම් කෙරේ ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් දැනුමක් ඇතිවෙන අතර ඒවා කළමනාකරනය කිරීම ගැනත් ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා.

දෙමාපියන් වන ඔබ කළ යුත්තේ මොනවාද ?

දරුවන් තුළ ඇතිවන සිතිවිලි හා හඟීම් තේරුම් ගැනීම හා හඳුනා ගැනීම කළයුත්තේ කෙසේද යන්න දරුවාට උගන්වන්න හැඟීම් වෙන්වෙන්ව දැක්වීම මඟින් ඒවා හ`ඳුනා ගැනීමත් තේරුම් ගැනීමත් හැකිවනවා එසේම තීරණ ගැනීමේදි එම හැඟීම් කුමන අයුරින් බලපෑමක් සිදු කරනවාද යන්න වටහා ගැනීමටත් හැකිවෙනවා. එසේම එම හැඟීම් වලට වටිනා කමක් ලබා දී එම හැඟීම් වලට විවිධ අයුරින් ප්‍රතිචාර දැක්විය හැකි බව දරුවාට පැහැදිලි කරන්න.

දරුවාට ධනාත්මකව ක්‍රියාකරන්න උගන්වන්න.


යථාර්ථවාදී ලෙස සිතීමක් මානසිකව සතුටක් ඇති කර ගැනීම යනු ඔවුන්ගේ චරිත වර්ධනයේ වැදගත් කොටසක් වුවත් දරුවන් ධනාත්මක ලෙසටත් ප්‍රායෝගික ලෙසටත් සිතීමටත් ක්‍රියා කිරීමටත් අවශ්‍ය වනවා.

අවාසනාවකට බොහෝ දෙමපියන් තම දරුවන් මුහුණ දෙන අරගල වලට මැදිහත් වී ඔවුන් බේරා ගැනීම සිදු කරනවා. ඔවුන්ගේ දෛනික කටයුතු ක්‍රමාණුකූලව පාලනය කරනු ලබනවා. එහි ප්‍රතිඵලය වන්නේ තමන්ටම තීරණයක් ගැනීම එම දරුවන් පුහුණු නොවිමයි.

ධනාත්මකව හා ප්‍රායෝගිකව ක්‍රියා කිරීම යනු ඔවුන් තුළ ඇති ඇතැම් බිය ජනක කරුණුවලට මුහුණ දීම, වෙහෙසට පත්ව සිටින අවස්ථාවලදී උත්සාහය පවත්වා ගැනීම, එසේම ඔවුන්ගේ සාරධර්ම හා පුරුෂාර්ථ අනුව කිරීම ලෙස
හැඳින්විය හැකිය. සමහර විට ඒ අයුරින් ක්‍රියා කිරීම නිසා අනෙකුත් දරුවන් අතර ජනප්‍රියතාවයෙන් අඩුවීමක් සිදුවිය හැකි නමුත් ඒ ගැන නොතකා ක්‍රියා කිරීම යනු ධනාත්මකව ක්‍රියා කිරීමයි.

තමන්ගේ හැඟීම්වලට යටත් වී ක්‍රියා නොකරන එසේම යම් යම් අපහසුතා දරාගත හැකි දරුවන්ට ඔවුන් කරන කියනදේ සම්බන්ධයෙන් අනෙක් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටිය හැකි බව විශේෂයෙන්ම කිව යුතුය.

දෙමාපියන් ලෙස ඔබට කළ හැකි මොනවාද

ප්‍රශ්න විසදීමේ නිපුනතාවය දරුවන්ට ප්‍රායෝගික ලෙස පුහුණු කිරීම කළ යුතුය. ඔවුන්ගේ ජීවිත පිළිබඳ පමණක් නොව අනෙක් අයගේ ජීවිතවලද වෙනසක් ඇති කිරීමේ හැකියාව බලයක් ඔවුන් තුළ පවතින බව පෙන්වා දිම වැදගත්. දිනෙන් දින අඩියෙන් අඩිය ඉඳිරියට යමින් ශක්තිමත් ධෛර්යවන්ත උත්සාහවන්ත චරිතයක් බවට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට පිහිට වීම ඔබ විසින් කළයුතු වැදගත්ම කාර්යයකි.

මෙම ලිපියට පාදක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට මනෝ චිකිත්සක වරියක් වුවද මානසික වශයෙන් සවියක් ලබා ගැනීම පිළිබඳව 13 ඔයසබටි ඵැබඒකකහ ීඅදබට ඡැදචකැ ෘදබඑ ාද ඇතුළු ග්‍රන්ථ රැසක් එළිදැක් වූ එසේම දරුවන් ඇතුළු ව්‍යාපාර ස්ථානවල විශේෂ දේශන පවත්වමින් මහත් ප්‍රසිද්ධියක් ලැබ සිටින ඒච් මොරින් දරුවන් පිළිබඳව ලියන ලද විශේෂ ලිපියක පැවති අදහස් බව කිව යුතුය.