free stats

බොහෝ මව්වරුන්ට සිගිත්තා නිදිකරවීමට දැඩි මහන්සියක් ගන්නට සිදුවනවා. මොකද එයාලව තොටිල්ලේ තිබ්බ ගමන් නිදාගන්නේ නැහැ. දරුවෙක් එහෙම ලෙසියෙන් නිදාගන්නේ නැහැ. සමහර වෙලාවට අම්මා ලග නෑ කියලා දැනුනාම එයාලා අඩනවා. ඒ වගේම මේගොල්ලෝ අදුරට බයයි. වතුර තිබහා ඇති වෙන්නත් පුලු‍වන්. මෙන්න මේ වගේ හේතු නිසා දරුවාගේ නින්දට බාධා මතුවනවා.

මෙන්න මේ ප්‍රශ්න වලට විසදුමක් විදියට ච්රුබඑිගජදප කියන වෙබ් අඩවිය වටිනා කියන විසදුම් මාලාවක් ඉදිරිපත් කරනවා.

දරුවා නිතරම ඇදෙන් නැගිටින්න හදනවා

හේතුව – එයා නිදාගන්න කැමති නෑ

විසදුම – දරුවා ඇදේ ඉන්න අකමැති නම් නින්දට යන්න පෙර ඇදේ නිසොල්මනේ ඉන්න ඉඩහරින එක හොදයි. ඒ වෙලාවට නැලැවිලි ගීයක් කියන්න වගේම තුරුලු‍ කරගෙන ඉන්නත් පුලු‍වන්. ඒ වගේ නින්දට කලින් උණු වතුරෙන් නෑවිමත් සුව නින්දකට හේතුවක්. නමුත් දරුවාගේ වෙනසක් නැත්නම් එයා කැමති දෙයක් කරන්න ඉඩහැරියාට කමක් නැහැ. ඇදෙන් නැගිටලා යන්න දුන්නට කමක් නැහැ. නමුත් ඉහත කිව් කාරණා අමතක කරන්න එපා. ඒවා දිගටම කරගෙන යන්න. එයින් දරුවා ඒවට පුරුදු වෙයි. ඉන් පසුව දරුවා දිගටම හොදින් නිදාගනිවී.

දරුවා නිදාගැනීමට වැඩි කාලයක් ගත කරනවා.

හේතුව – නින්දට යාමේ පිලිවෙලක් නොමැති වීම. එනම් නිතර කෙටි නින්දක් ලබා ගැනීම. නින්දට නිසි වේලාවක් නොමැති වීම. මෙම තත්ත්වයට බලපානවා.

විසදුම – සවස් කාලයේ නින්දට යාම රාත්‍රි කාලයේ වැඩිවේලාවක් ඇහැරගෙන සිටීම නිසා දරුවාගේ නින්ද පිලිවෙලක් නොමැති එකක් බවට පත් වීම සාමාන්‍යයි. දිනකට දෙවරක් නින්දට හුරුවූ දරුවෙක් නම් උදේ වරුවේ මිනිත්තු 45 ක නින්දක් සහ සවස් වරුවේ එකට පමණ පැය දෙකක නින්දක් ළමා විශේෂඥයින් යෝජනා කරනවා. නමුත් දිනකට එකවරක් පමණක් නින්දට යන දරුවෙක් නම් එම දරුවාට උදේ වරුවේ නොයෙක් සෙල්ලම් ආදි කටයුතු වලට ඉඩ සලස්වා දහවල ආහාරයෙන් පසු පස්වරු එකට පමණ නින්දට යාමට සැලැස්වීම වඩාත් සුදුසුයි. එම නින්ද පැය දෙකකට පමණක් සීමාවීම වැදගත්.

දරුවා තුළ බියක් හෝ බියජනක අත්දැකිමක් පවතින්නේ නම්

හේතුව – දරුවාගේ පරිකල්පන ශක්තිය දියුණු වීමත් සමඟ ඔහු චරිත නිර්මාණය කරගනිමින් බිල්ලන් සිටිනවා යයි සිතයි.

විසඳුම – වයස අවුරුදු 2 ත් 3 ත් අතර පසුවන දරුවෙකුට මෙවැනි සිතුවිලි පහල වීම සාමාන්‍යයි. මේ නිසාම නින්දට යාමට පෙර භයානක අත්දැකීම සහිත කතා කීම සුදුසු නැහැ. ඒ වගේම භයානක දර්ශන සහිත චිත්‍රපට නැරඹීමත් සුදුසු නැහැ. දරුවා තුල යම්කිසි දෙයක් පිළිබඳව බයක් තියෙනවා කියලා හිතෙනවා නම් “ ඒක දැන් ඉවරයි ” කියලා දරුවාට හැගෙන විදියට වැඩ කරන්න පුලුවන්. බය හිතෙන කාරණය පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අමතක වෙන්න හරින එක වඩාත් හොඳයි. ඔයැ ්‍ය්චචහ ක්‍යසකා පොත ලියු අප්‍රකට මනෝ විද්‍යාඥවරිය පවසන්නේ දරුවා නරක සිහිනයක් දැකලා බය වුණොත් “දැන් ඒක ඉවරයි” කියලා දරුවාව අස්වැසීම සුදුසුයි කියලා.

දරුවා හඬවමින් ඔබට අඬගසයි

හේතුව – දරුවා තනිව සිටිමට අකැමැති වීම

විසඳුම රාත්‍රියේ දි ඔබේ දරුවා හඩමින් කාමරයට එන්න යයි පවසනවා. මේ විදියට නිතරම අඩනවා නම් ඒ හැම වෙලාවෙම කාමරයට යන්න අවශ්‍ය නැහැ. වෙලාවක් කාලසටහනක් ඇතිව කාමරයට යන්න පුලුවන් නම් වඩා හොඳයි. එවිට එයා අම්මා නැතිව වුණත් නිදාගන්න පුරුද වෙනවා. සමහර වෙලාවට ඩයපරය තෙමාගෙන හෝ වෙනත් රෝගි තත්ත්වයක් හෝ නිසා අඩගසනවා වෙන්න පුලුවන්. ඒ නිසා සැලකිල්ලක් නොදක්වා ඉදිමත් සුදුසු නැහැ. මේ විදියට එවැනි අවස්ථාවක දරුවා ලඟ විනාඩි පහක් පමණ රැදිලා ඉන්න පුලුවන් නම් දෙදෙනාගේම අවශ්‍යතා සම්පුර්ණ වෙනවා. “ූමසැඑ බසටයඑ දෙර හදම ්බා හදමර ජයසකා රෙදප ටරඑය එද සෙඩැ හැ්රි” නැමැති ග්‍රන්ථය රචනා කල රේචල් වැඞ්ලව් පවසන්නේ එහෙමයි.

උදේ පාන්දරම ඔබේ දරුවා ඔබව පුබුදුවාලීම

හේතුව – ඇතැම් දරුවන් එළිය වැටෙනවාත් සමඟම අවදි වෙනවා. සමහර විට ඊටත් කලින් අවදි වෙන්න පුලුවන්. එතනින් පස්සේ දරුවා තනියම ඉන්න කැමති නැහැ.

විසඳුම – ළමයා පිබිඳිය යුතු වෙලාව ඔබ තීරණය කල යුතුයි. පෙර පාසලට යන්න ට අවශ්‍ය නැත්නම් වෙනත් ගමන් බිමන් නැත්නම් උදෑසන අවදි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මේ බව එයාට තේරෙන්නේ නැහැ. අන්න ඒ කාර්යය පැවරෙන්නේ අම්මට. දරුවාට මේ බව අඟවන්න පුලුවන්. එවිට දරුවා ඒ ක්‍රියාවලියට හුරුවනවා. නිවසේ සාමාන්‍ය ක්‍රමවේදයට හානියක් නොවෙන පරිදි නින්දට කාලසටහනක් හදන්න පුලුවන් නම් වඩාත් හොඳයි. එවිට දරුවා ඉබේම එයට හුරුවෙනවා කියලයි රේචල් වැඞ්ලව් කියන්නේ. උදාහරනයක් විදියට කියනවා නම් දරුවා නින්දට යාම ප්‍රතික්‍ෂෙප කරනවා නම් එයාට කතන්දර පොතක් අතට දිලා කතාවක් කියලා දෙන්න පුලුවන්. එවිට දරුවාට ඉබේම නින්ද යනවා.

සටහන රෝහණ ආරියරත්න