යම් කාන්තාවක් කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් නිරෝගි නම් ඇයට සෑම අතින්ම නිරෝගි දරුවකු බිහිකල හැකිය. එලෙස නිරෝගි දරුවෙකු බිහි කිරිමට කායිකව හා මානසිකව ඇය සමෘද්ධිමත් විය යුතුය. ගර්භණි කාන්තාවකගේ කායික තත්ත්වය පිළීබඳව කතාකරන විට ආහාර හා විහරණ යන අංශ දෙක පිළිබඳව කතා කිරිම ඉතාම වටිනවා.
ගර්භනී මවක් ආහාර ගත යුතු ආකාරය පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒ අනුව සෑම විටම පිසින ලද ආහාර පාරිභෝජනය කල යුතුයි. ඇය ආහාර ගත යුත්තේ තමාට දිරවා ගත හැකි ප්‍රමාණයටය. එවිට සිරුරට අපහසුවක් දැනෙන්නේ නැහැ. ආහාර දිරවීමට ඉඩ තබා ආහාර ගත යුතු බව බුදු දහමේ සඳහන් වන්නේ එ අනුවයි. වරින් වර ටික ටික ආහාර ගැනීම එනම් දවස පුරා ආහාර ගැනීම බුදු හිමියන් කිසිවිටෙකත් අනුමත කලේ නැහැ.
ආහාර සමඟ බැඳුණූ අනෙක් කරුණ ලෙස උන්වහන්සේ පෙන්වා දෙන්නේ විහරණයයි. එනම් ඇවිදීමයි. මේ සම්බන්ධයෙන් චක්රම සුත්‍රයේ පවා සඳහන් වනවා. ගර්භනී මවක් නිතර ඇවිදිනවා නම් ඇයට ඇතිවන රෝග තත්ත්වයන් අපහසුකම් රැසක් වලක්වා ගන්නට පුලුවන්. හොඳින් ඇවිදිම කරන කාන්තාවන් නිරෝගි බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා. ආහාර පහසුවෙන් දිරවීමට හැකියාව ලැබෙන්නේ ද හොඳින් ඇවිදීම කරන කාන්තාවන්ටය. දරාගැනීමේ
ශක්තිය ඇය සතුය. මේ සියලු ගුණයන් ඇය සතු නම් ඇයට දරු ප්‍රසුතිය පහසුවනවා.
මානසික ශක්තිය නිසි පරිදි පවත්වාගෙන යාම ගර්භණි මවකට ඉතාම වැදගත්. සිතේ සතුට සහ ආත්ම විශ්වාසය ඇයට තිබේ නම් මානසික ශක්තිය පවත්වාගෙන යාම පහසු වනවා. බුදු බණේ කියන්නේ දරු ගැබක් දරා සිටින මව කිසිම විටෙක කැළබුණු සිතින් කටයුතු නොකල යුතු බවයි. නිතරම කරුණා පෙරදැරිව සිටීම වඩාත් සුදුසුයි. හිත තුළ මෛත්‍රිය කරුණාව තිබෙන තරමටම දරුවන් පිළිබඳව ආදරය වැඩි වනවා. සිත සංසුන් වීම දරු ප්රසුතියටත් පහසුවක්. බෝධීසත්ත්ව මව ට සිය ගර්භණි සමය තුළ අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලද්දේ ද ඇගේ සිත තුළ දයාව කරුණාව පහල වන ආකාරයෙන්.
ඒ අනුව ගර්භණී මවකට ස්වාමියාගෙන් සහෝදර සහෝදරියන් ගෙන් නිරන්තර ආදරය කරුණාව ලැබිය යුතුයි. එසේ ඔවුන්ගේ ආදරය කරුණාව ලැබෙන විට ඇය ට තනිකමක් දැනෙන්නේ නැහැ. දැන් ඇය දන්නවා පවුලේ අය ඉන්නවා කියලා. දරුවා බිහි වුණු දා ඉදලා දරුවා බලාගන්න නාවන්න කවන්න පොවන්න පවුලේ අය ඉන්නවා කියලා දැනෙන විට තනිකමක් දැනෙන්නේ නෑ. බෝධි පුජා පින්කම් ආදියට ඇය නිතර සම්බන්ධ වීම මඟින් ඇයට මානසික සුවය ලඟා කරගන්න පුලුවන්.
මේ කාල සීමාවේ දි කාන්තාවන්ට විවිධ අබාධ මතු වනවා. පාද ඉදිමීම, කෑම අරුචිය, වමනය, ඒ අතර ප්‍රධානයි. මේවාට කියන්නේ ගැබ පෙලහර පෑම කියලා. මෙයින් මානසික ශක්තිය පවා වෙනස් වනවා. අන්න ඒ නිසයි මේ කාලෙදි අනිත් අයගේ උදව් අවශ්‍ය වෙන්නේ. මේ බව බුදුන්වහන්සේ නිරන්තරව පවසනවා.
ගර්භණී කාන්තාවන්ට බුදු රදුන් විශේෂ සැලකීමක් කලා. එය ශාසන ඉතිහාසය විමසා බැලීමෙන් හඳුනාගන්න පුලුවන්. සුප්පවාසා ගේ කතාව එයට කදිම උදාහරණයකි. ගැබ අවුරුදු හතක් තිස්සේ මුවා වී පැවතුනා. පසුව ඇයට දරුවකු ලද අවස්ථාවේ එයින් සතුටට පත් වුණු ඇය දින හතක් පුරා බුදු හිමියන්ට දානය දීමට අදහස් කරනවා. ඒත් මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ වෙන දානයක් බාරගෙන තිබුණා. ඒ වුණත් ඇය දරුවෙකු මෙලොවට බිහි කල උතුම් මාතෘත්වය ලද මවක් වුණු නිසාම බුදු හිමියන් ඇගේ දානයට ප්‍රමුඛත්වය ලබා දුන්නා.
වරක් ගර්භණි කාන්තාවකගේ ගැබ මුලා වී තිබෙනු දැක අංගුලිමාල රහතන් වහන්සේ ඇය වෙනුවෙන් සත්‍ය ක්‍රියා කරන ලෙස බුදු රදුන් ගෙන් ඉල්ලුවා. මේ සත්‍යක්‍රියාවෙන් පසුව ඇයට කිසිදු අපහසුතාවයකින් තොරව දරුවා ලැබුණා. ඒ වගේම කුමාර කාශ්‍යප මාතාවගේ කාතාව තවත් හොද උදාහරණයක්. ඇය මහණ දිවියට පිලිපන්නේ තමන් ගැබ් ගෙන ඇති බව නොදැනයි. මහණ වීමෙන් පස්සේ ඇගේ ගර්භණි ලක්ෂණ මතුවුණූ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ඇය ගැබ්ගත්තේ මහණ වීමෙන් පස්සේ කියලා. මේ නිසා ඇයව සාසනයෙන් නෙරපා හරින්නට අනෙක් අය කටයුතු සුදානම් කලා. නමුත් බුදුන් වහන්සේ එයින් කම්පාවට පත් වුණේ නැහැ. උන්වහන්සේ ඇගේ ගැබ පරික්ෂා කරන ලෙස විශාකා මහඋපාසිකාවට දැනුම් දුන්නා. එයින් ඔප්පු වුණේ ඇය ගැබ් ගෙන ඇත්තේ මහණ විමට පෙර බවයි. කාශ්‍යප මාතාවගේ දරුවා හැඳි වැඩුණේ රජතුමා ගේ සෙවණේ නිසා කුමාර කාශ්‍යප ලෙස ප්‍රසිද්දියට පත් වුණා.
අතීතයේ අපේ සිංහල සමාජය තුළ වැඳුම්ගෙයි දී කාන්තාව දරුවා ප්‍රසුත කරන මොහොතේ වැඳුම් ගේ පිටුපස සිට සැමියා පොල්කටු පොඩි කරනවා. එයින් දරු ප්‍රසුතිය පහසු වෙනවා කියලා ඒ කාලේ ජන සමාජයේ මතයක් තිබුණා. ඒ වගේම දරුවා ප්‍රසුත කරන අවස්ථාවේ ඇය විදින වේදනාව සැමියාටත් විදින්නට සැලැස්වීම මෙහි අපේක්ෂාව වුණා.
ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි.
පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙනාධිපති.
සටහන – තාරුකා ලිඳකුඹුර