free stats

හිස් කබල තුළ තෙල් නිපදවීම තීව්‍ර වෙන වෙන අවධියක් තියෙනවා. ඒ තමයි දරුවෙකු පිළිසිඳ ගන්නා අවධිය. මේ නිසා කොණ්ඩය ඉතාමත් දීප්තිමත් වෙනවා. සාමාන්‍යයෙන් හිස කෙස් ගැළවී යන ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා, හිස කෙස් ගැබිණි අවදියට පෙර තිබුණාට වඩා ඝන බවත් සමහර විට දනෙනවා වන්නට පුළුවන්. ඒත් දරු ප්‍රසූතියෙන් පසුව මෙය අනිත් පැත්තට හැරෙනවා. හෝමෝන මට්ටම් පහත බසින නිසා සාමාන්‍ය තත්වයට වඩා වේගයෙන් හිස කෙස් ගැලවී යාම සිදුවිය හැකියි.

ඒත් කරදර වන්න එපා. 

දැනටමත් අලුත් හිසකෙස් වැවෙමින් තිබෙන නිසා, මාස කිපයකින් ඔබ සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. ඉතා සුළු කාන්තාවත් ප්‍රමාණයකට මෙහි අනෙක් පැත්ත සිදු විය හැකියි. සාමාන්‍යයෙන් වියලි බවකින් යුත් කෙස් වඩාත් වියලි බවකට හැරෙන්න පුළුවන්.

කොණ්ඩය වර්ණ ගැන්වීමෙන් වැළකී සිටීම තමයි හොඳම දේ. සාමාන්‍යයෙන් ගැබිණි අවධියේදි කොණ්ඩය බොහෝ අවස්ථාවල දී වෙනස් වෙනවා. ඒ කියන්නේ කොණ්ඩය සඳහා යොදන රසායන ද්‍රව්‍ය සහ ඇති වන ප්‍රතික්‍රියාවන් මොන වගේ වෙයි ද කියලා කියන්න හිසකෙස් සකසන අයට නොහැකි වෙන්න පුළුවන්,

(මේ හේතුව නිසා සමහර කොණ්ඩා සකසන ශිල්පින් ගැබිණි අවධියේ කාන්තාවන් සඳහා රසායන ද්‍රව්‍ය භාවිත කරන්නේ නෑ.)

ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. කොණ්ඩා සැකසීමේ දි භාවිත කරන රසායන ද්‍රව්‍ය කෙස් වලට උරාගෙන හිස් කබල තුළින් රුධිර ධාරාවට ඇතුල් වෙන්න ඉඩ තිබෙනවා. සමහර විට Placenta නමින් වු වැදෑමහ හරහා මෙය සිදුවිය හැකිය. එත් එවැනි රාසයනික නිෂ්පාදන හේතුවෙන් දරු ගැබට අදාල අනතුරු දායක බවක් නැති බව අධ්‍යයනය කර ඇති නිසා ඔබට කරදර වීමට හේතුවක් නෑ. (මේ නිසා හිසකෙස් ප්‍රතිකාර ගැන කරදර විය යුතු නෑ.) එත් රීතිමය අවදානමක් තිබෙනවා. සමහර වර්ණ ගන්වන ද්‍රව්‍ය තුළ ඊයම් (lead) අඩංගු විය හැකිය.

ඔබට ඔබේ හිසකෙස් වර්ණය වෙනස් කළ යුතු නම් දෙහි අශ්‍රිත වර්ණ හෝ හෙනා වැනි ස්වාභාවික වර්ග භාවිත කරන්න. නැත්තම් හිසකෙස් වලට උරා නොගන්නා, බාහිරින් පමණක් හිස කෙස් වර්ණ ගන්වන රසායන ද්‍රවයක් භාවිත කරන්න. ඔබ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයට අකමැති නම් ඔබ වර්ණ ගැන්වීමෙන් වැළකී සිටීම වඩා හොඳයි.

Reader’s Digest of Pregnancy කෘතියෙන් උපුටා ගන්නා ලදි.

පරිවර්තනය – මයිකල් ආන්ජලෝ පුනාන්දු