වෛද්‍ය දර්ශන මොහොට්ටි මහතා
හිමින් හිමින් ලොකු මහත් වෙන පුංචි පැටියාට හරි ඉක්මනට අකුරු කියෙව්වේ ලොකුකමකටවත් වෙන හේතුවකටවත් නෙවෙයි. පුංචි පැටවුන්ගේ මොළෙන් සියයට 80ක්ම වර්ධනය වෙන්නේ පැටියගේ මුල් අවුරුදු පහ තුලයි කියලා වෛද්‍යවරයෙක්ගේ ලිපියක තියෙනවා දැකලා. අකුරු කියවලා පැටියාව ගෙදර තියාගත්තෙත් නැහැ. ළගම තියෙන හොදම මොන්ටිසොරියට පැටියාව ඇතුල් කළා.
ඒ වෛද්‍යවරයාගේ ලිපියේ තිබුණා වගේම පැටියා හරි ඉක්මනට හැම දෙයක්ම අවබෝධ කර ගන්නවා. දැන් පැටියාටම කියලා පොත් මේසයකුත් තියෙනවා. පොත් පත් ගොඩාක්, පාට පැන්සල්, මකන, කටර් වගේ දේවලුත් තියෙනවා. ඒ විතරක්ය එකයි දෙකයි තුනයි කියලා ගණන් කරනවා. එහෙට මෙහෙට යන්නෙත් ළමා ගියක් තෙපලන ගමන්මයි. හිටපු ගමන් ලොකු විභාගයකට ලැස්ති වෙනවා වගේ පාට කරනවා ලියනවා ඉවරයක් නැහැ. මේවා දිහා බලාගෙන සතුට වෙන්න ලැබුනේ ටික දවසයි. මෙන්න මොන්ටිසෝරියෙන් ගෙදර ආවේ උණක් හදාගෙන.
පළවෙනි දවස් දෙකේ උණ ගත්තම හිතුවා වෛරස් උණක් වෙන්න ඇති කියලා. කෝකටත් දොස්තර මහත්තයට පෙන්නුවා. උණ එනකොට පැනඩොල් දෙන්න කියලා විතරයි දොස්තර මහත්තයා උපදෙස් දුන්නේ. දවස් දෙකක් ගෙවිලා තුන්වෙනි දවස ලබන කොටම ඇගේ තැනින් තැන දිය බුබුළු වගේ මතුවෙන්න ගත්තා. උණ නම් නැහැ. හිතට ඇති වුණු බය නිසාම පුළුවන් ඉක්මනට ආයෙමත් දොස්තර මහත්තයා ළගට දිව්වේ පැටියා වේදනා විඳිනවා බලන්න බැරි නිසයි.
මේ හැදිලා තියෙන්නේ ” හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියල දොස්තර මහත්තයා ගානක් නැතුව කිව්වාට මොකක්ද පැටියට හැදුනු මේ ලෙඩේ හරියටම මොකක්ද කියලා සැක හැරලා දැන ගන්න ඕනේ වුනා.
මේක අත, පය හා මුඛය ආශ්‍රිත වෛරස් රෝගය කියලයි සිංහලෙන් හඳුන්වන්නේ. උණ, උගුර ආසාදනය, ඇඟට පණ නැති බව, මුඛය තුල දිව, විදුරුමස ආශ්‍රිතව දැඩි වේදනාකාරී වණ ඇතිවීම, අත් පය හා ඇගේ (විශේෂයෙන් වැලමිට, දණහිස, තට්ටම් ආශ්‍රිතව) දිය රතු ලප ඇති වී පසුව දිය බුබුළු වැනි පෙනුමක් ගැනීම, කෑම අරුචිය මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයි. මේ රෝග ලක්ෂණ අතරින් කුඩා දරුවන්ට පළමුවෙන් මතුවන්නේ උණයි. පසුව ක්‍රමක්‍රමයෙන් අනෙකුත් රෝග ලක්ෂණ එක් එක් දරුවාට අඩු වැඩි වශයෙන් ඇති වෙයි. මේ වෛරසය ශරිරගත වූ දරුවෙකුගෙන් තවත් දරුවෙකුට බෝවීම ඉතාම පහසුවෙන් සිදුවන්නක් වෛරසය ආසාධිත දරුවකුගේ සෙම සොටු හා පෙළ පට පිපිරී යාමක් පියවන දියරමය දුරයි. බලදාවය, සමීප ආසය පිරිසුම් හා කැස්ස මගින් ඉතා ඉක්බිතික් තවත් කෙනෙකුට අසාදනය වෙයි.
මේ රෝගයට වඩාත්ම ගොදුරු වන්නේ වයස අවුරුදු 10 ට අඩු දරුවන්ය. ඒ අතරින්ද අවුරුදු පහට අඩු දරුවන් අතර සීග්‍රයෙන් පැතිර යාමක් දක්නට ලැබේ. දරුවන් කෙමෙන් කෙමෙන් වැඩෙනවිට මෙකී වෛරසය සදහා ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල ඇති වන හෙයින් වැඩිහිටියන් අතර රෝගය පැතිර යාමක් සිදු නොවේ.
පෙර පාසල් වියේ පසුවන කුඩා දරුවන්ට නිතර නිතර අත පත ගෑමේ ආසාව, අත කටේ දමීම, ආදී පුරුදු බෙහෙවින් පවතින හෙයින් ඔවුන් අතර මේ වෛරසය පැතිර යාමක් දක්නට ඇත. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල කල් ගෙවන දරුවන් අතරත් මේ රෝගය වැඩි වශයෙන් දක්නට ඇත.
මේ රෝගය සදහා ඖෂධ නැත. ඖෂධ ලෙස ලබා දෙන්නේ දරුවන්ගේ සමේ ඇති වන තුවාල වැනි ලප හේතුවෙන් වකුගඩුවලට විෂබීජයක් ඇතුළු වීමේ අවදානම වැළැක්වීමේ අරමුණ ඇතිවය. දරුවා දිනකට හතර පස් වතාවක්වත් සෝදා පිරිසිදු කිරීම හා අයිස් ක්‍රිම්, යෝගට් වැනි කෑම වර්ග දරුවාට ලබා දීම මගින් දරුවාට ඇති වන අපහසුතා වළක්වා ගැනීමේ හැකියාව ඇත.
දින තුනක් පමණ ගෙවී යන විට මේ දිය බුබුළු පුපුරා එම දිය බුබුළ වේලීමකට ලක් වෙයි. මේ ආකාරයෙන් දරුවාගේ ශරීරය පුරා ඇති වන වියළුනු බුබුළු කෙමෙන් කෙමෙන් ගැලවී යයි. මේ දින කිහිපය තුල දරුවා දඩි අසීරුතාවයක්, වේදනාවක් විද දරා ගනියි. සමහර දරුවන්ගේ දණ හිස්වල මෙම දිය බුබුළු පැමිණි විට දැඩි වේදනාවක් විඳීමට සිදු වෙයි. නින්දෙන් ඇහැරී එකවරම ඇවිද ගැනීමට පවා අපහසුය.
ආසාදිත දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වන විජලනය වළක්වා ගැනීමට ඔවුන්ට පහසුවෙන් ආහාරයට ගත හැකි, ඝනත්වයෙන් අඩු ආහාර මෙන්ම ආම්ලික නොවන දියරමය පානයන්, කිරි ආහාර වර්ග, ලබා දිය යුතුය. දරුවා විජලනය තත්ත්වයට පත්ව ඇතැයි සිතෙන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ යුතුයි. ආසාදිත ප්‍රදේශ මඳ රස්නය ඇති ජලයෙන් සෝදා තෙත මාත්තු කර බෙතඩින් ද්‍රාවණයක් ගැල්විය හැකිය. මුඛය හා උගුර ආශ්‍රීතව ඇතිව තිබෙන ලප සඳහා මඳ රස්නය ඇති ජලයට ලුණු වතුර දමා කට සේදිය හැකිය. මඳ රස්නය ඇති ජලය බීමට ගැනීමද දරුවාගේ අපහසුතා අවම කරනු ඇත.
විශේෂයෙන් අතපත ගෑම් කටේ ඇගිලි දමීම ආදිය මගින් ලෙඩ බෝවිය හැකි බව දරුවාට ඒත්තු ගන්වමින් එවැනි දේ වලින් දරුවා මුදවාලීමට උත්සාහ ගැනීම ද සුදුසුය. දින කිහිපයක් ගත වන විට දරුවා නැවතත් පෙර පරිදිම සෞඛ්‍ය සම්පන්නව සිටියද තවත් දින කිහිපයක් පෙර පාසලට යාම වැළැක්වීම මගින් පෙර පාසලේ අනෙකුත් දරුවන්ට ද රෝගය වැළදීම වළක්වා ගත හැකිය. පෙර පාසලෙන් දරුවාට රෝගය බෝ වූ බව විශ්වාස නම් දෙමව්පියන් එක්ව පෙර පාසලේ දරුවන් භාවිත කරන සෙල්ලම් බඩු පුටු මේස ආදිය පිරිසිදු කිරීම වඩාත් සුදුසුය.
මල් වගේ පුංචි පැටව් දුකක් වේදනාවක් විදිනවා දකින්න අපි කිසිවෙක් කැමති නැත. මේ දිනවල පෙර පාසල ආශ්‍රිතව රෝගය පැතිර යාමක් දකිය හැකිය. ඒ නිසා දෙමවිපියන් වඩාත් විමසිලිමත් විය යුතුව ඇත.
රෝගය වළක්වා ගැනීමට ඔවුන්ට පහසුවෙන් ආහාරයට ගත හැකි, ඝනත්වයෙන් අඩු ආහාර මෙන්ම ආම්ලික නොවන දියරය පානයක්, කිරි ආහාර වර්ග, ලබා දිය යුතුය. දරුවා දරුණු ලෙස ආසාධිත තත්ත්වයට පත්ව ඇතැයි සිතෙන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ යුතුයි.
ඒ දවස්වල කරපු වැඩ ටික ගෙදරදි පැටියට කරවන්ත පූළුවන්, මගේ පැටියා නිසා තවත් දරුවෙකුට ලෙඩක් බෝවෙන්න ඉඩක් තිබ්බේ නෑ.
ගෙදර ඇවිත් මේ විස්තරේ ආච්චිට කිව්වා විතරයි
කොහෙද අපි කියන දෙයක් කනකට ගන්නේ නැහැනේ. දරුවට අකුරු කියෙව්වේ හදිස්සියට ඒ මදිවට මොන්ටිසෝරි දම්මා, අපේ කාලේ නම් අපි මොන්ටිසෝරි යැව්වේත් නැහැ. පස්සේ කාලේ අවුරුදු පහෙන් මොන්ටිසොරි යැව්වේ. දැන් කිරි සප්පයන්ට මොන්ටිසෝරි යවනවා. ළමයා ගෙදරට වෙලා සෙල්ලම් කරගෙන හිටියා නම් කිසි ලෙඩක් නැහැ. මොන මොන තැන්වලින් ළමයි එනවාද ඔය තැන්වලට…
ආච්චි කියන දේ ඇත්තකුත් නැතුවා නොවේ. මම ඉක්මන් වුනා වැඩිද මන්ද
සටහන – සාලි සෝමසිරි