free stats

දැන් ඔබ මාස 4ක ගැබිණියක්. මේ මාසයේ ටිකක් පුදුම හිතෙන දේවල් ඔයාට දැනගන්නට ලැබෙයි. මේ ඔයාගේ දෙවන ත්‍රෛමාසිකය එහෙමත් නැත්නම් second trimester එක පටන් ගන්න මාසේ. හැබැයි ඔයාට දැන් මාස තුනක එක්ස්පිරියන්ස් තියෙනවා. ඒ නිසා අපි බලමු 4 වැනි මාසෙ මොකක්ද තියෙන අලුත් අත්දැකීම කියලා. 

අම්මාගේ වෙනස්කම්

දොළදුක –  ඔන්න දැන් දොළදුක පටන් ගන්න යන්නේ.  සමහර අම්මලාට මේ කාලේ සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා දේවල් ආහාරයට ගන්න හිතෙනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය පවා ආහාරයට ගන්න හිතන අවස්ථා එන්න පුළුවන්. එවැනි කාරණා ප්‍රරතිකාර ලබාගත යුතු අවස්ථාවන් නිසා ඒවා මගාරින්න එපා. ඒ වගේම ආස හිතන හැම ආහාරයක්ම කන්න ඕනේ නෑ. ඒක දියවැඩියාව, තරබාරුව වගේ කාරණා වලට හේතුවක් වෙන්න පුළුවන්. 

සාමාන්‍ය හෝ තද උදරාබාධ – හතරවැනි මාසෙදි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. එකට හේතුව වෙන්නේ බබාගෙ වර්ධනයත් එක්ක උදරයේ ඇදීමට ලක් වීම. ඉන්න ඉරියව්ව වෙනස් කිරීම මගින් මේ තත්ත්වයට යම් ප්‍රතිකර්මයක් ලබා ගන්න පුළුවන්. 

සංවේදී දත් සහ විදුරුමස් – දත් මදින වෙලාවට ලේ එන එක, කැක්කුම වගේ දේවල් මේ කාලේ දකින්න ලැබෙනවා. ඒ නිසා මෘදු දත් බුරුසුවකින් දත් මදින්න වගේම දිනකට දෙවරක් අනිවාර්යයෙන් දත් මදින්න පුරුදුවෙන්න. මද උණු ජලයට ලුණු මිශ්‍ර කරල කට සෝදන්න. ඒ වගේම අනිවාර්යෙන්ම දන්ත වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්නත් ඕනේ. 

Spider veins – දම් පාටට සුදු පාටට වගේ හුරු නහර පෑදීමක් සිදුවෙනවා. වැඩිපුරම දකින්න ලැබෙන්නේ කකුල් දෙකේ. මුලින් කිව්වා වගේ බාට අවශ්‍ය රුධිරය වැඩි වශයෙන් ශරීරය පුරා හුවමාරු වීම තමයි මේ තත්ත්වයට හේතු වෙන්නේ. බබා ලැබුණට පස්සේ මේ තත්ත්වය ඉබේම මග ඇරිලා යනවා. 

ස්ට්‍රෙච් මාක්ස් – මේක ගර්භණී සමයේ ඉතාම සාමාන්‍ය තත්වයක්. උදරයේ, පියයුරුවල, කකුල්වල පියන් දකින්න පුළුවන්. උදරයේ වර්ධනයත් සමඟ සමේ ඇදීමක් සිදු වන නිසා තමයි stretch mark  ඇති වෙන්නේ. 

මීට අමතරව

ගැනීමේ යම් අපහසුවක්, මුත්‍රා කිරීමේ දී ඇතිවන අපහසුතා, අසාමාන්‍ය සිහින පෙනීම වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. 

බබා ගේ වර්ධනය

එයා දැන් ටිකක් ලොකුයි. මේ මාසෙත් එයාගේ මුහුණේ අංග වර්ධනය වනවා. එයට අමතරව පුංචි කකුල් සහ අත් වර්ධනය වීම ද සිදුවෙනවා. ඒ වගේම බබා දැන් තමන්ගේ සිරුරේ ම ඊස්ට්‍රජන් හා ප්‍රෝජේෂ්ටරොන් නිෂ්පාදනය ආරම්භ කරනවා. දැන් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරන්න පුළුවන්. 

බබා දැන් amniotic fluid නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ එයාගේ වකුගඩු වර්ධනය වෙලා කියන එකයි. 

ඒ වගේම බබාට පිටත ලෝකයට ඇහුම්කන් දෙන්න ත් දැන් පුළුවන්. ඒ නිසා ඔයා මේ දවස්වල පොත් කියවන එක, සින්දු අහන එක කළාට කමක් නෑ. 

බබා දැන් අගල් පහක් දිගයි. අවුන්ස පහක් බරයි. 

බබාගේ වර්ධනයත් එක්ක අම්මා දැන් තමන්ගේ ආහාර රටාව හා පෝෂණය ගැන හිතන්න ඕන. 

ඒ වගේම බබා අවට ලෝකය ට අවධානය යොමු කරන නිසා අම්මා සතුටින් සිටීම හරිම වැදගත්. අම්මාගේ හැගීම වල සිදුවෙන වෙනස් පවා දැන් එයාට තේරෙනවා.