free stats

ඔයාට දැන් මාස තුනයි. මේ ඉන්නේ පළමු ත්‍රයිමාසිකය අවසානයේ දෙවන ත්‍රයීමාසිකය ආරම්භයේ. නමුත් මේ කාලෙත් විවිධ ආකාරයේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. අන්න ඒ ගැන මුලින්ම කතා කරමු. 

යෝනි ශ්‍රාවයන් වැඩිවීම

මේ කාලේ යෝනි ශ්‍රාවයන් පිටවීම වැඩි වෙනවා. pregnancy  එකත් එක්ක එන හෝමෝන ශ්‍රාවය වීම වගේම බබාගේ වර්ධනයට වුවමනා කරන රුධිරය වැඩියෙන් නිපදවීම නිසා තමයි එහෙම වෙන්නේ. 

ඔක්කාරය

ඔක්කාරය ගොඩක් වෙලාවට මේ මාසෙන් අවසන් වෙනවා. එක පාර ආහාර ගන්නේ නැතිව ටික ටික ආහාර ගන්න එක නිතර වතුර බොන එක මේ තත්ත්වය වළක්වා ගන්න උදව් වෙනවා. ඒ වගේම ජිංජර් තේ පානය ත් වඩාත් සුදුසුයි. 

සමේ වෙනස

සමේ පැහැය වෙනස් වීමත් දකින්න පුළුවන් මේ කාලේ. පියයුරුවල නිපල් එක අඳුරු පැහැ වෙනවා. සමේ මෙලනින් වර්ධන වීම ගැබිනි සමයත් එක්ක වැඩි වෙනවා. මේ අතිරේක මෙලනින් මුහුණේ අඳුරු ලප ඇතිවෙන්න ත් හේතු වෙනවා. ඒ වගේම බඩේ දිග අතට ඉරක් වැනි ස්වභාවයක් ඇතිවෙන්නෙ ත් මේ නිසා. 

පියයුරු වර්ධනය

මේ කාලේ පියයුරු වර්ධනය වැඩි වෙනවා. පියයුරුවල අරියෝලාව වර්ධනය වෙනවා වගේම කළු පැහැයක් දකින්නත් පුළුවන්. දැන් බබාට ඕන කරන මව්කිරි නිෂ්පාදනය වෙනුවෙන් තමයි පියයුරු මේ විධියට වර්ධනය වෙන්නේ. 

එයට අමතරව 

මල බද්දය ඇතිවෙනවා. 

දැන් අපි බලමු පැටියා ගේ වර්ධනය මොනවගේද කියලා

මාස තුනේදි බබා අගල් බාගයක් පමණ වර්ධනය වෙනවා. ඒ කියන්නේ දැන් බබාගේ දිග අගල් දෙකයි. බර අවුන්ස භාගයයි. 

අම්මාගේ වෙනස්කම්

දැන් උදරය වර්ධනය වෙමින් තියෙන්නේ. ඒ නිසා හිර ඇඳුම් අඳින්නේ නැතිව සැහැල්ලු ඇඳුම් වලට මාරු වුණාට කමක් නැහැ. 

ඔයාගේ ආහාර අරුචිය මේ කාලේ අඩු වෙනවා. කොහොම වුනත් වතුර වැඩියෙන් පානය කරන එක හොදයි. ඒ වගේම මල බද්ධය තිබෙන නිසා පලතුරු වර්ග ආහාරයට ගන්න එක ත් වැදගත්.

උසට සරිලන බර පවත්වාගෙන යාම වැදගත් කරුණක්. Pregnancy එකත් එක්ක කොහොමත් බර වැඩි වෙනවා. ඒ නිසා අතිරේක බර අවම මට්ටමකින් තබා ගැනීම වැදගත්.