free stats

දැනෙන වෙනස්කම් බොහෝමයි

සිරුරේ සිදුවන යම් යම් වෙනස්කම් නිසා ඔයා ටිකක් ඔයා ගැන සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. මම අම්මා කෙනෙක් වෙන්නද යන්නේ? 

ඔව් සමහරවිට, මුලින්ම මේ පිළිබඳව අවධානය යොමු වෙන්නේ මාසික ඔසප් චක්‍රය ප්‍රමාදයත් එක්ක. Pregnancy test එකක් දැන් ගෙදරදිම කරගන්න පුලුවන්. 

ඉතින් ගැබිනි බව සනාථ උනාට පස්සේ මාසයකින් ඔයාට සහ බබාට සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියල තමයි මේ කියන්න යන්නේ. 

මුලින්ම බලමු ගර්භණී සමයත් එක්ක ඇතිවන පොදු ලක්ෂණ මොනවද කියලා

සාමාන්‍ය ඔසප් ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම

ඔයාට තියෙන්නේ නිවැරදි දිනයට ක්‍රියාත්මක වන ඔසප් චක්‍රයක් නම් මේ මාසේ අසාමාන්‍ය විදිහට පරක්කු වෙලා නම් ඒක ගර්භනී වීමේ එක ලක්ෂණයක්. නමුත් ඔසප් චක්‍රය පමා වෙන හැම අවස්ථාවක්ම ගැබ් ගැනීමක් ම නෙවෙයි. 

සිතුවිලි වන සිදුවන වෙනස්කම්

ඔයා ප්‍රෙග්නට් උනාට පස්සේ හෝමෝන වර්ධනය වැඩි වෙන නිසා සමහරවිට mode change වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු දුකක්, ලොකු සතුටක් ලග ලග වෙනස්වෙන මානසික මට්ටමක් වගේ ඕනම දෙයක්. සමහර අයට පුංචි පුංචි දේවල් වලට ඇඬෙන්න වුණත් ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට husband එක්ක කතා කරලා ටිකක් බැලන්ස් වෙන්න උත්සාහ කරාට කමක් නෑ. 

බඩ පුරවා දැමීම

ප්‍රෙග්නන්ට් වුනාට පස්සේ වර්ධනය වන හෝමෝන නිසා ඩ පුරවා දැමීම වැනි තත්ත්වයක් ඇති වෙන එක සාමාන්‍යයි. කෙඳි සහිත ආහාර වැඩියෙන් ආහාරයට ගන්න එක වගේම සාමාන්‍ය ව්‍යායාමයක නිරතවීම මගින් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. 

මස් පිඩු පෙරලීම

මේ තත්ත්වය ඇති වෙන්න සමහර අම්මලාට විතරයි. මේක සාමාන්‍ය යටි බඩ ආශ්‍රිතව ඇතිවන දරුණු වේදනාවක් විදියටත් ගන්න පුළුවන්. මේ තත්ත්වය දිගින් දිගටම තියෙනවනම් මේක දරාගන්න අමාරු නම් වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි. 

රුධිරය පිටවීම

ගැබ් ගැනීමත් එක්ක මුල්ම දවස් වල සමහර වෙලාවට යට ඇඳුම් වල රුධිර බිඳිති තියෙන්න පුළුවන්. මේ තත්ත්වය ලා පාට රුධිර පැල්ලමක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මෙහෙම වෙන්නේ ශුක්‍රාණුවක් සමග එක්වන ඩිම්බය ගර්භාෂයට ඇවිල්ල යුක්තානුවක් වශයෙන් එහි තැන්පත් වීමේ ක්‍රියාවලිය හේතුවෙන්. 

මුත්‍රා අවශ්‍යතාවය වැඩි වීම

ගැබ් ගත්ත මුල් කාලේ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. එයට හේතුව වෙන්නේ ගර්භාෂයේ තැන්පත් වුණු කළලයට අවශ්‍ය රුධිරය වැඩිපුර නිෂ්පාදනය වීම. මේ නිසා ඔයාගේ වකුගඩු වැඩිපුර වැඩ කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය කාලෙ වගේ මේ කාලේ මුත්‍රා හිරකරගෙන ඉන්න එපා ඒක contral කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා අවශ්‍යතාවයක් තියෙනව නම් වැසිකිළියට යන්න. 

මීට අමතරව

තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුතාවය, මල බද්ධය, ආහාර අරුචිය වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. 

කළලයේ වර්ධනය

පලවෙනි මාස ඔයාගේ ගර්භාෂය නිර්මාණය වුණු කලලය සෛල බවට බෙදෙන්න පටන් ගන්නවා. සමහර සෛල කළල බවටත්, සමහර සෛල වැදෑමහ බවටත් වෙන්වෙන්න මේ කාලෙදි. 

බබාගේ පුංචි අභ්‍යන්තර අවයව වර්ධනය වීම, ඇටකටු සහ ඇටසැකිල්ල කොටස වර්ධනය වීම, අත් සහ පාද වර්ධනය ආරම්භ වීම සිදුවෙන්නේ මේ කාලේ. 

මේ කාලේ ඔයාගේ බබා බඩ ඇතුලේ ඉන්නේ හරියට වට්ටක්කා ඇටයක් වගේ. ඒ තරම් පුංචි යි. 

ඔයාගේ සිරුරේ සිදුවන වෙනස්කම්

මේ කාලේ සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිද්ධ වෙන්නෙ නෑ. නමුත් සිරුර බාහිරින් වගේම අභ්‍යන්තරයෙන් දරුවාට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගනිමින් ඉන්නවා. ඒ නිසා ඔයාගේ මනස බොහොම නිදහස්ව තිබිය යුතුයි. ආහාර සහ පෝෂණය මේ කාලේ ඉතාම වැදගත්. හොඳට වතුර බොන්න. වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම කරන්න. බෙහෙත් හේත් වලින් පරිස්සම් වෙන්න. හරියට විටමින් මිනරල් ඛනිජ පෝෂ පදාර්ථ සිරුරට ලැබෙනවා ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.