දරුවන් පිළිබඳව කතා කරන ඕනෑම අවස්ථාවක අපි දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරනවා. එහිදී අප බලාපොරොත්තු වෙන ඩාත් වැදගත්ම දේ වන්නේ සෞඛ්‍ය සම්පන්න දරුවෙකු අනාගතයට දායාද කිරීම සහ විසබීජ සහ ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගැනීමයි.
අවට වටපිටාව වඩාත් සුරක්ෂිත අනතුරු වලින් තොර, අවදානමින් මිදුණු තැනක් බවට පත් කරන්නේද ඒ නිසයි. නමුත් සමහර අවස්ථා වලදී අප නොසිතන වෙනත් හේතු නිසා දරුවා විසබීජ වලට හෝ වෙනත් අනතුරු වලට නිරාවරණය වන්නට පුළුවන්. මෙයින් වඩාත් සුලබව දරුවා විසබීජ ආසාදන වලට ගොදුරු වීම දකින්න ලැබෙනවා.
විෂබීජ සහ ආසාදන පිළිබඳව කතා කිරීමේදී සමහර අවස්ථාවල පිටස්තර පරිසරයෙන් එන් විෂබීජ මෙන්ම දරුවාගේ සිරුරෙන් ද දරුවාට අහිතකර විසබීජ ශරීරගත වන්නට පුළුවන්. මලපහ කිරීමෙන් අනතුරුව මෙන්ම මුත්‍රා පිට කිරීමෙන් අනතුරුවත් දරුවාගේ සිරුර හොඳින් පිරිසුදු නොකරන්නේ නම් එවැනි අවදානමකට ලක් වන්නට ඉඩ තිබෙනවා.
මල සහ මුත්‍රා පිට කිරීමෙන් පසු ඒවා පිස දැමීමට ප්‍රමාදවීම.
ආරක්ෂිතව ජලයෙන් සෝදා හැරීමට උනන්දු නොවීම.
මල හෝ මුද්‍රා පිටකර දීර්ඝ වේලාවක් දරුවා ඒවා සමග ගත කිරීම.
දරුවාගේ අත්වල තැවරීම
අත් හෝ නියපොතු හරහා මුඛයට යාම.
මෙවැනි විවිධ ක්‍රම වලින් මල හා මුත්‍රවලට නිරාවරණය වීම නිසා විෂබීජ ශරීර ගතවන්නට පුළුවන්.
එසේම නිසි ලෙස පිරිසුදු නොකිරීම නිසා මුත්‍රා මාර්ගය හා මල මාර්ගය ඔස්සේද විෂබීජ ශාරීර ගතවනවා.
සමේ තුවාල ඇත්නම් ඒවායේ මල සහ මුත්‍ර තැවරීම මගින් (මුත්‍රා පිට කිරීමේදී දෙපාවල තැවරීම වැනි හේතු නිසා) විෂබීජ ශරීර ගතාවන්නට පුළුවන්.
මේ සියලු ක්‍රම ඔස්සේ ශරීර ගතවන විෂබීජ නිසා,
පාචනය, කොලරාව, පනු ආසාදන, අතීසාරය වැනි දරුණු රෝගාබාධ ඇතිවන්නට ඉඩ තිබෙනවා.
එබැවින්,
දරුවා මල පිටකළ පසු
කුඩා දරුවෙක් නම්,
පුළුන් තෙත් කර පිස දමන්න
නිතර ඩයපරය මාරු කරන්න
නාහවන විට මුත්‍රා හා මල මාර්ගය පිරිසුදු කරන්න.
දරුවාගේ නිය කපා පිරිසිදුව තබන්න.
තුවාල ඇත්නම් නිසි පරිදි ප්‍රතිකාර ලබා දෙන්න.
මුත්‍රා සහ මල පිට කරගැනීමේදී දෙපාවල හෝ අත් වල තැවරෙන ආකාරයට මල පිට කිරීමෙන් වැළකීමට දරුවාට සහාය වෙන්න
සතුන්ගේ මල මුත්‍රා ඇල්ලීමට ඉඩ නොදෙන්න
නිවසේ සතුන් සිටීනම් වුන්ගේ මලමුත්‍ර නිසි පරිදි බැහැර කිරීමට අවශ්‍ය පරිසරය සකසා ගන්න.
දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ සමහර රෝගාබාධ ඒ මොහොතේම පිටතට නොපැමිණියත් කාලයක් ගත වී හෝ මාරාන්තික රෝගයක් ලෙස පිටතට පැමිණීමට ඉඩ තිබෙන බැවිනි.