free stats

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා රෝග විශේෂ වෛද්‍යව කපිල පියසේන මහතා

නව මාසයක් පුරාවට කුසේ ඉන්න පුංචි පැටියාමෙලොව එළිය දකිනවා කියන්නේ පරම්පරා ගනනාවක හීනයක් හැබෑවීමකි. කොහොම උනත් ඒ හීනේ පාට කරන්න එන පුංචි පැටියා නිරෝගීව අංග සම්පූර්ණව ඉපදෙනවා කියන්නේ ඒ හැමෝගෙම වාසනාව කියලත් හදුන්වන එකේ කිසිම වරදක් නෑ.

                      අපේ දරුවන් අතර සමහර පුරුදු තිබෙනවා අපි වැඩි අවදානයක් යොමු නොකරන. ඇතැම් විටක මේ පුරුදු බරපතල හානිකර තත්ත්වයන් වෙන්නට පවා ඉඩ තිබෙනවා. ඉතින් අද අපි අවදානය යොමු කරන්නට යන්නේ අන්න ඒ වගේ කාරණයක් පිලිබදවයි. මෙය එතරම්ම බරපතල හානිකර තත්ත්වයක් නොවුනත් පුංචි දරුවෙක් සිටින ඔබ අවදානයෙන් සිටිය යුතු කාරණාවක් .සමහරවිට ඔබ මේ ගැන අවබෝධයකින් සිටිනවා විය හැකියි . එහෙමත් නැත්නම් ඔබ මෙය ඇසූ පමනින් ඔබේ දරුවන් පිලිබදව  වැඩි අවදානයක් යොමු කරන්නට පෙලබෙනු ඇත.

“පුංචි දරුවන් එයාලගේ හිසකෙස් අතින් ඇද ගැනීම”

මේ තමයි අද අපි සාකච්ඡාවට බදුන් කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ගැනයි.මේ තත්ත්වය රෝගී තත්ත්වයක් නොවුනත් සාමාන්‍ය ජීවිතයට අහිතකර පුරුද්දක්  විදියට හඳුන්වන්න පුලුවන්. අද අපි පුංචි දරුවන්ට විශේෂිතව  මේ තත්ත්වය පිළිබඳව කතා කලත්  මෙය දරුවන්ට පමණක් ආවේණික පුරුද්දක් නම් නොවෙයි.

                    මෙය බාල,තරුණ,මහලු කියන වයස් කාණ්ඩ තුනෙහිම අයට ඇති වන්නට පුලුවන්. ඒ වගේමයි මේ තත්ත්වය අපි කලින් සඳහන් කරපු කුමන වයස් මට්ටමක දී වුණත් පුරුද්දක් විදියට ආරම්භ වීමට ද  ඉඩ තිබෙනවා. මේ විදියට ඇති වන තත්ත්වය ජීවිත කාලය පුරාවටම   පැවතෙන්නත් ටික කාලයකින් නැති වෙලා යන්නත් පුලුවන්.

ඉංග්‍රීසි භාශාවෙන් මෙය හදුන්වන්නේ crickoclomania යනුවෙන්.

අපි පලමුවෙන්ම බලමු මේ වගේ පුරුද්දක් ඇති වෙන්න බලපාන කරුනු මොනවද කියල.

*ජානමය සාධක 

(පරම්පරාවෙන් පරම්පරාවට එන සාදක  )

*සියලු දේ නියමාකාරයෙන් ම සිදු විය යුතුයි සිතන පුද්ගලයන් හට මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.

(අපි දන්නවා ඇතැම් පුද්ගලයන් ඉන්නවා ඔවුන් සමාන්‍ය ජීවිතයේදී අසාමාන්‍ය තත්ත්වයන් සැම විටම බලාපොරොත්තු  වෙනවා. මේ අයුරින් සාමාන්‍ය තත්ත්වය  ඉක්මවා ගිහින් පිරිසිදුකම ආදිය පිලිබදව සිතන පුද්ගලයන් තුළත් හිසකෙස් ඇදගැනීම වගේ පුරුදු ඔවුන්ටත් නොදැනීම ඇති විය හැකියි.)

හිසකෙස් සම්බන්ධයෙන් විතරක්ම නෙමෙයි  ඇතැම්විට  මෙය,

* ඇස් පිහාටු

*ඇහි බැම

*ලිංගාශ්‍රිත රෝම

පවා තමන්ගේ අතින් ගලවා ගැනීම සිදු කිරීමක් දක්වා වර්ධන වන්න පුලුවන්.මේ තත්ත්වය කොයි තරම් දරුණු වෙනවද කිව්වොත් මේ විදියට අතින් කෙස් හෝ රෝම ගැලවීම නිසා ඇතැම් අයගේ සමේ ඒ ඒ ප්‍රදේශ  ආශ්‍රිතව පැච් විදියට දැකගන්න ලැබෙනවා. මේ විදියට හිසකෙස් ගැලවීමට ඇබ්බැහි වුන වැඩිහිටියෙක් නම් තට්ටය පෑදීමට එක්ම හේතුව පවා මෙය විය හැකියි.නමුත් මෙය පිලිබදව අපේ දෙමාපියන් අතර අවබෝධය හරිම අඩුයි.

පුංචි දරුවන්ට මේ තත්ත්වය ඇති වන්නේ බොහෝවිට පුරුද්දක් විදියටයි.

උදාහරණයක් ලෙසින් අපි දන්නවා පුංචි බබාලා සමහර අවස්තාවලදී සුවිශේෂී වුණු පුරුදු පෙන්වනවා. එහෙම නැත්නම් එයාලා නින්දට පෙර,නිකරුනේ සිටින වෙලාවන්වලදී විවිධ ක්‍රියාකාරකම්හි නිරත වෙනවා.

(ඇගිල්ල සූප්පු කිරීම,නියපොතු හැපීම)

ඉතින් මෙන්න මේ පුරුදු විදියටමයි කොන්ඩය අතින් ඇද ගැනීමට පුංචි දරුවෙකු යොමු වන්නේ.ඒ කියන්නේ පුංචි පැටියෙක් පුරුද්දක් විදියට එයාගේ කොන්නේ අතින් ඇද ගන්නවා,අඹරවනවා,හපනවා.කාලයත් එක්ක එයාට ඒක සාමාන්‍ය පුරුද්දක් බවට  පත් වෙනවා.

   සමස්ත ජනග්‍රහනයෙන් 4% වගේ  පිරිසකට මේ තත්ත්වය තිබෙන බව දැනට හදුනාගෙන තිබෙනවා. මේ ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්නත් පුලුවන්. එයට හේතුව වෙන්නෙ මේ දේ ප්‍රසිද්ධියේ නොකියන විශාල පිරිසක් සිටීමත් 4% වගේ සුලු පිරිසක් පමණක් ප්‍රතිකාර ගැනීම සදහා පැමිනීමත්‍ ය.

                   අපි දන්නවා හිසකෙස් කියන්නේ පුංචි වයසෙදි උනත් දරුවෙකුගේ රූපය වඩවන හේතුවක්. පිරිමි ළමුන්ටත් වඩා ගැහැනු ළමුන් තුළ මේ තත්ත්වය සුවිශේෂී වෙනව.

පුංචි දෙයකින් පටන් ගන්න මේ පුරුද්ද දරුවන්ට නොදැනීම ජීවිත කාලය දක්වාම පැවතෙන්න පුලුවන්. මුලින් හිසකෙස් නිතර නිතර ස්පර්ශ කරමින් පමණක් සිටින ඔවුන් අනතුරුව කරන්නේ ඔවුන්ගේ හිසකෙස් ටිකෙන් ටික ගලවා දැමීමට පුරුදු වීමයි.ඇතැම්විට මේ විදියට ගලවන හිසකෙස් කටේ දාල හපන්න වුනත් පුංචි දරුවෝ ඇබ්බැහි වෙනවා. මෙහිදි විශේෂ වෙන්න මේ කිසිම දෙයක් ඒ අය හිතා මතා කරන දේවල් නොවීමය.නමුත් මේ ක්‍රියාවෙන් එයාට අමුතු වින්දනයක් ලැබෙන නිසාම ඔවුන්ටත් නොදැනීම එය පුරුද්දක් බවට පත් වෙනව.

ඒ කියන්නේ දරුවෙක් මේ දෙයට හුරු වෙලා කෙටි කාලයකින් එය පුරුද්දක් බවට පත් විය හැකියි.

පුංචි වයසෙදි මේ පුරුද්ද ඇති වුනොත් වැඩිහිටියෙක් වීම දක්වාම මේ දේ තියෙන්නත් පුලුවන්.එහෙමත් නැත්නම් අතරමගදි නැතිවෙලා යන්නත් ඉඩ තිබෙනවා.ඒ බව අපි කලින් සදහන් කලා.එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.

                    මේ පිළිබඳව සොයල බැලුවොත් ප්‍රධානතම කාරණය වෙන්නේ බොහෝවිට මේ මගින් මෙයාලගෙ මනසට සැහැල්ලුවක් ඇති වන බවට හැගීමයි.සමාන්‍යයෙන් පුංචි දරුවෙක් සූප්පුවක් උරද්දි දැනේන හැගීම වගේ සැහැල්ලු ගතියක් මේ දෙය මගිනුත් ඇති වීමයි.

මේ ක්‍රියාව පුංචි දරුවන් අතර වුනත් විවිධාකාරයෙන් පැවතෙන්න පුලුවන්.

*පුංචි දරුවන් තමන්ට කැමති සෙල්ලම් බඩුවක් අතේ තියාගන ඇගිල්ල උරනව වගේ කොන්ඩේ අදින එක පුරුද්දක් බවට පත් කර ගන්නව.

*මහන්සිවෙලා මහන්සිවෙලා නිදාගන්න සූදානම් වෙනකොට  මේ දෙය කරන්න පුලුවන්(හරියටම පුංචි ලමයින් එයාලට නින්ද යනකල් ඇගිල්ල උරනවා වගේ)

*කේන්තියක්,තැතිගැන්මක් හිතේ තියෙන පුංචි දරුවෙක්නම් තමන් නිකන් ඉන්න වෙලාවට මේ දේ කරන්න පෙලබෙනවා.

තමන්ගෙ ගෙදර දෙමාපියන් අතර ප්‍රශ්නයක් තියනවනම

මානසිකව යම් දෙයකින් විදවනවනම්

පාසලේ හෝ පෙරපාසලේ තමන්ගේ හිතට වදදෙන ගැටලුවක් තිබෙනව නම් මෙයට පෙලබිය හැකියි.

මේ විදියට පුංචි දරුවෙක් වුනත් වැඩිහිටියෙක් උනත් හිසකෙස් අඹරවගන්නවනම් ඇදගන්නවනම් ඒ දේ ඉතාමත් බරපතල මානසික ගැටලුවක් ඇතිවන දෙයක් නෙමෙයි.නමුත් මේ දේ නිසා හිසේ යම් යම් ස්තානයන්වල කලින් සදහන් කල පරිදි පැච් ඇති වන්න පුලුවන්.

අපි නොදන්නව වුනත් අපේ මොලයේ රසායනික සංවේදක තිබෙනවා.ඒ මගින් තමයි මොලයේ පවතින සයිලයකින් සයිලයකට සංවේදක ගමන් කරන්නේ.මෙන්න මේ කියන රසායන ද්‍රව්‍යයන්හි අසමතුලිතාවය ඇති වුනොත් එහි අතුරුපලයක් විදියට මේ වගේ පුරුද්දකට ඇබ්බහි වෙන්න ඉඩ තිබෙනවා.

වැඩිහිටියන් අතර නම් අයිස්,කුඩු වැනි මත්ද්‍රව්‍යයන්වලට ඇබ්බැහි වුන පුද්ගලයන් තුලින්ද ඇතැම්විට මේ පුරුද්ද දැකගන්න පුලුවන්.මොකද මත්ද්‍රව්‍යයන් මගින් මොලයෙහි රසායන ද්‍රව්‍යයන්වල්ට බලපෑම් කරන නිසා.

පුංචි දරුවෙක්ට මේ වගේ පුරුද්දක් ඇති වුනොත් අපේ පැටියව ඒ දෙයින් මුදවා ගන්නේ කොහොමද?

ප්‍රදානතම දේ වෙන්නේ අපි පුංචි පැටියගේ පුරුද්ද වෙනස් කරන්නට අවශ්‍ය වීමයි.මේ සදහා දෙමාපියන් විදියට විවිද උපක්‍රම භාවිත කරන්න පුලුවන්

*පුංචි දරුවන් කැමති සෙල්ලම් බඩුවක් වගේ දෙයක් අතට ලබා දීම කරන්න පුලුවන්.මේ වගේ වෙලාවක එයා අනිත් අතින් තමන්ගේ කොන්ඩේ ඇදගන්නවනම් අපිට පුලුවන් එයාට නොදැනීම ඒ අතටත් එයා ආස කරන බඩුවක් ලබා දෙන්න..එහෙමත් නැත්නම් ලස්සන යම් දෙයක්  ස්පර්ශ කරවීම වගේ දේවල්  කරමින් අවදානය වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.

* අත් ග්ලවුස් /ප්ලාස්ටර් භාවිතය. මේ මගින් පුංචි දරුවට එයාගේ කොන්ඩෙ ඇදගන්න එක කරන්න අපහසු වෙනවා.

 මේ වගේ පුරුද්දක් තිබෙන පුංචි දරුවෙක්ට කෑ ගැසීම මගින් එහෙමත් නැත්නම් තරවටු කිරීම මගින්  මේ දේ නවත්තන්න අපහසුයි.එය සිදුකල යුතු වන්නේ ක්‍රමානුකූලවයි. 

සාමන්‍ය විදියට පුංචි පැටියකුගේ එකී පුරුද්ද වෙනස් කරන්න අපහසු නම් මේ සදහා  මානසික චිකිත්සක වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්න පුලුවන්.ඒ මගින් එය මගහරවා ගැනීමේ ක්‍රම පිලිබදව අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

ඇතැම් පුංචි දරුවන් සිටිනවා මේ වගේ පුරුද්දට ඇබ්බැහි වුනොත්  එය කල යුතුම යැයි සිතන අය.එලෙස නොකලහොත් ඉන්නම බැරි තත්ත්වයක් ඔවුනට දැනෙනවා.මේ කුමන තත්වයක් වුවත් පුංචි දරුවන් එයින් මුදවා ගැනීම අනිවාර්යයෙන්ම කරගත හැකියි.නමුත් මෙහිදී දරුවන් පිලිබදව ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව නිරන්තර අවදානයෙන් සිටිය යුතුමයි.ඇතැම් දරුවන් මේ පුරුද්ද හොර රහසේම සිදු කරයි.ඒ නිසා වැඩි අවදානයක් නැති දෙමාපියනට තමන්ගේ දරුවන්ට මෙවැනි ඇබ්බැහි වීමක් තිබෙනවා කියලා හදුනාගැනීමට අපහසු වෙනවා.මේ නිසා දරුවන් පිලිබදව වැඩ් අවදානයකින් සිටිමින් තම  දරුවන් අවබෝධ කරගත යුතුයි .එය සැබැවින්ම දෙමාපිය වගකීමකි.එසේ වුවහොත් පුංචි පැටවුන් මෙවැනි අහිතකර පුරුදුවලින් මුදවා ගත හැකි වේ.