free stats

 කාන්තාවගේ ඔසප් චක්‍රය එහෙමත් නැත්නම් එයාට period හැදෙන දින 28 ඇතුළත ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිම දින සරු දවස් විදිහට හඳුන්වනවා. හරියටම දින විසි අටකට වරක් තමන්ගෙ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන කාන්තාවක් නම් අවසන් වරට ඔසප් වීම ආරම්භ වුණු දවසේ ඉඳලා දින 11 ත් 16 ත් අතර දින 6ක කාලය සරු දවස් කියලා ගන්න පුළුවන්. නමුත් මේ කාල සීමාවෙන් පිටත වුණත් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. 

ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ ඔසප් වීමත් එක්කයි. එතන ඉඳලා ඊළඟ මාසය පිට වෙන්න ඕනේ ඩිම්බ මේරීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂයෙන් පිට වෙන්න තරම් ඩිම්බයක් මෝරන්න දවස් 14 ක් වගේ කාලයක් ගත වෙනවා. නමුත් මේ කාලයත් වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට ඩිම්බ මොරන්න හරියටම ගතවෙන දින ගණන දින දාහතරක්. අන්න එහෙම ඩිම්බ පිට වෙලා ඒ දවසේ ඉඳලා දින දා හතරක් ඇතුළත ඊළඟ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ කාලය එක් එක් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ඇතුළේ දවස් පහක පමණ කාලයක් ගත කරනවා. නමුත් ඩිම්බයක් සජීවීව තිබෙන්නේ දින දෙකක් පමණයි. ඒ නිසා සංසේචනයක් සිදු වෙන්න ඩිම්බ පිටවෙන දිනයට ආසන්න දිනයකදී ලිංගිකව එක් වීම ප්‍රමාණවත්. නමුත් පර්යේෂණ මගින් සොයාගෙන තියෙන ආකාරයට වඩාත්ම හොඳ වෙන්නේ ඩිම්බ පිටවෙන දින තුනකට කලින් ලිංගිකව එක්වීම සහ දින දෙකකට පසුව ලිංගිකව එක්වීම. මේ කාල සීමාවේ දී පිළිසිඳගැනීමට සිදුවීමට ඉහළ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා හරියටම ඩිම්බයක් පිට වෙන දිනට දින තුනකට කලින් කාලය සහ ඩිම්බයක් පිටවීමෙන් දින දෙකකට පසු දින දක්වා කාලය සරු කාලය විදිහට සලකන්න පුළුවන්. 

නමුත් සමහර කාන්තාවන්ගේ සරු කාලය වෙනස් වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔවුන්ගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීමට ගතවන කාල සීමාව වැඩි වීම හෝ දින 28කට වඩා අඩු වීම. මේ කාන්තාව තමන්ගේ සරු දවස හොයාගන්න ටිකක් අපහසුයි. මේ විදියට ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදු නොවීමට හේතුව වෙන්නේ ඩිම්බ මේරීමට හෝ විට වීමට වැඩි කාලයක් ගැනීම.