free stats

මව්කිරි දීම මගින් අම්මට වගේම බබාටත් සැලසෙන විශේෂ ප්‍රතිලාභ තිබෙනවා. හොඳින් මවු කිරි දෙන අම්මා කෙනෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම 80% කින් පමණ අඩුයි කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. ඒ වගේම දෙවන ආකාරයේ දියවැඩියාව, සහ අධිරුධිර පීඩනය වැළඳීමේ අවධානම අඩු බව පර්යේෂණ ගණනාවකින් හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මව්කිරි පානය කිරීමෙන් බාට ලැබෙන ප්‍රතිලාභ තිබෙනවා.

  1. වර්ධනය වන දරුවා ගේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව. ඒ කියන්නේ බබාට අවශ්‍ය පෝෂණය ලැබෙනවා කියන එක විතරක් නෙවෙයි. එයාගේ සිරුරට එයාගේ වර්ධනයට උවමනා කරන සියලු ක්ෂුද්‍ර පෝෂක ලැබෙන්නෙත් මව්කිරි හරහා. අම්මගේ සිරුරේ තියෙන කැල්සියම්, විටමින්, ඛනිජ ලවණ, වැනි පදාර්ථයන් මව්කිරි හරහා දරුවාට ලැබෙනවා.

2. කෙටිකාලීන සහ දිගුකාලීන රෝග තත්ත්වයන් සුව කිරීමේ හැකියාව. මෙතනදි විශේෂයෙන්ම ඇදුම රෝගය සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මවුකිරිවලට තිබෙනවා. එයට අමතරව තරබාරුකම, දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ අවදානම වලක්වා ගන්නත් මවුකිරිවලට පුළුවන්. දරුවන් අතර සමහර අවස්ථා වලදී දකින්න ලැබෙන (SIDS) හෙවත් හදිසි මරණ ඇතිවීමේ අවදානම අවම කිරීමේ හැකියාවත්, උදරාබාධ අඩුකිරීමට සහ කන ආශ්‍රිතව ඇතිවන විෂබීජ ආසාදන වැළැක්වීමේ හැකියාවකත් මවුකිරිවලට තිබෙනවා.

3. රෝග වැළැක්වීමේ හැකියාව. මවගේ සිරුරේ තිබෙන ප්‍රතිඔක්සිකාරක දරුවා වෙත හුවමාරු වන්නේ මවුකිරි මඟින්. ප්‍රතිඔක්සිකාරක නිසා විවිධ රෝගාබාධ ඇතිවීම වලක්වා ගන්න පුළුවන්.

4. වෙනත් ආහාර හෝ පෝෂක සප්ලිමන්ට් වලට වඩා මව්කිරි පහසුයි. ඕනම තැනක ඕනම වෙලාවක මවුකිරි දෙන්න අයිතිය තියෙනවා.

මෙන්න මේ ප්‍රතිලාභ නිසාම ඇමරිකාව වගේ දියුණු රටවල් කාන්තාවන්ට මව්කිරි දීමේ වටිනාකම පිළිබඳව නිරන්තරයෙන් උපදෙස් ලබා දෙනවා. විශේෂයෙන් ම මව්කිරි ලබාදීම සඳහා අතිරේක මුදලක් වැය නොවීමත්, දරුවාට අවශ්‍ය ඕනෑම වෙලාවක මව්කිරි ලබාදීමේ හැකියාවක් නිසා මව්කිරි වන වටිනාකම තිබෙන්නේ ඉතාම ඉහළ තැනකයි.