free stats

නිසි පරිදි මව්කිරි පානය කරන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම හා අධ්‍යාපනය ලැබීමේ හැකියාව අනෙක් දරුවන්ට සාපේක්ෂව ඉතාම ඉහළ අගයක් ගන්නා බව නවතම පර්යේණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ එම දරුවන් අධ්‍යාපන ක්ෂ්ත්‍රයේ ඉඳිරියටම යන බවයි. 

බ්‍රිතාන්‍යයේ කුඩා දරුවන් 5000ක් යොදාගෙන 2000 වසරේ දී ආරම්භ කළ මෙම පර්යේෂණයේ ප්‍රතිපල ලබාගෙන ඇත්තේ මෙම වසරේදීයි. පර්යේෂණය මෙහෙය වූ ඔක්ස්පර්ඩ් සරසවියේ වසංගතවේදය පිළිබද අධ්‍යනඅංශයේ වෛද්‍ය රෙනි පෙරෙයිරා එළියස් නම් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එම දරුවන්ට බෝවන රෝග වලදීමේ අවදානම ද අවම බවයි. 

මෙම පර්යේෂණය මෙහෙය වූ වෛද්‍යවරුන් 2000 වසරේ සිට මේ දක්වා පර්යේෂණයට සහභාගී වූ දරුවන් නිරීක්ෂණය කර තිබුණා. ඔවුන් බ්‍රිතාන්‍ය යේ විවිධ පළාත්වල ජීවත් වුණු විවිධ පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන් වන නමුත් ඉහත කාලසීමාව අවසන් වනතුරු පර්යේෂණ කණ්ඩායම නිරන්තරයෙන් සිය නිරීක්ෂණ කටයුතු මෙහෙයවා තිබෙනවා. මෙහිදී දරුවන්ගේ දෙමවුපියන් ද ලබා දුන් සහාය ඉතාම වැදගත් බවයි පැවසෙන්නේ. 

මෙහි ප්‍රදානම අරමුණ වී ඇත්තේ මව්කිරි ලබා දීමේ වැදගත්කම අවබෝධ කරදීම හා එමගින් දරුවන්ට ලැබෙන පෝෂණය හා වටිනාකම අවබෝධ කරදීම යි. පර්යේෂණ අවසන් වන විට සිසුන් 16 දෙනෙක් නිසි පරිදි නිරීක්ෂණයට ලක්ව තිබුණු අතර තවත් සිසුන් 1292 ක් සාමාන්‍ය නිරීක්ෂණයට ලක්ව තිබුණා. ඉතිරි සිසුන් නිරීක්ෂණය වි තිබුණේ ඔවුන්ට අවුරුදු 14 දක්වා පමණයි. 

කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ සිය පර්යේෂණය අතිශය සාර්ථක වූ බවයි. 

  • NDTV NEWS ඇසුරින් –