ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ඉපදෙන දරුවන් ගෙන් ඉතා ඉහළ ප්‍රමාණයක් උපතේදීම සිපිලීස් ආසාදනයට ලක්ව සිටින බව එ රට මාධ්‍ය වාර්තා කරනවා. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතා සහ දරු උපතට පෙර සිදුකර ගත යුතු ලිංගාශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂණ සඳහා මව්වරුන් උනන්දුවක් නොදැක්වීමයි.
සෑම ගැබිනි මවක් ම තම ගර්භනී කාල සීමාවේදී අඩුම වශයෙන් දෙවරක් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව පර්යේෂණ සිදුකර ගත යුතු බව මෙම පර්යේෂණය සඳහා දායක වූ වෛද්‍ය තෝමස් ඩෝබ්ස් පවසනවා. නමුත් මෙම ප්‍රාන්තය බොහෝ මව්වරුන් ඒ පිළිබඳව සිය අවධානය යොමු නොකරන හේතුව මුල් කරගෙන මෙවැනි තත්ත්වයක් ඇති වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිපිලිස් යනු
බැක්ටීරියා ආසාදනයක් හේතුකරගෙන ඇතිවන තත්ත්වයකි. මෙම බැක්ටීරියාව ්‍රධාන වශයෙන්ම ලිංගාශ්‍රිතව බෝවන රෝගයක් වන අතර එය මුඛ සංසර්ගය, ඉදිරියෙන් සහ පිටුපසින් සිදුකරන සංසරගය යනාදී ආකාර තුනෙන්ම බෝවන රෝගයකි. මෙම බැක්ටීරියාවට මවගේ ගර්භාෂය වෙත ගමන් කළ හැකි අතර වැදෑමහ හරහා දරුවා වෙත ද ගමන් කරනවා.
සිපිලීස් සඳහා ඇති වඩාත් හොඳම ප්‍රතිකාරය වන්නේ anti biotic ප්‍රතිකාර ක්‍රමයයි. දරුවාට සති 28 වන විට මව සිපිලීස් තත්ත්වයෙන් පීඩා විඳී නම් හෝ සිපිලීස් ආසාදනයට පත්ව ඇත්නම් උපදින දරුවාට වැදෑමහ හරහා සිපිලීස් ආසාදනය වීම අනිවාර්යයෙන්ම සිදුවනවා.
එහිදී ගබ්සාවක් සිදුවීම, උපතින් සුලු වේලාවකට පසු දරුවා මිය යාම, දරුවා කුස තුළදීම මිය යාම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. එසේම දරුවා ජීවත් වුවත් දරුවාගේ අස්ථි වර්ධනය නිසියාකාරව සිදු නොවීම, අක්මාව විශාල වීම, මොළයේ සහ ස්නායු වන ගැටලු ඇතිවීම සිදුවිය හැකියි.
සමහර දරුවන්ට උපතේදී සිපිලිස් ආශ්‍රිතව කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර සති කිහිපයකට පසුව හෝ වසර කිහිපයකට පසුව සුව කළ නොහැකි අන්දමේ දරුණු රෝගාබාධ මතු වන්නට ඉඩ තිබෙනවා.
සිපිලීස් ආසාදිත දරුවන් උපතින් පසු යම් කාලසීමාවක් රෝහලේ ගත කළ යුතු අතර දින දහයකට පමණ පසු antibiotic එන්නත් ලබාදීම සිදු කරනවා.
මිසිසිපි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිපිලීස් ආසාදිත දරුවන් වාර්තා වුවත් තවමත් මරණ වාර්තා වී ඇත්තේ එකක් පමණක් බවයි.
කෙසේ නමුත් මේ තත්වය දිගින් දිගටම වර්ධනය වීම ඇමරිකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට දරුණු බලපෑමක් එල්ල කල හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.