free stats

විශේෂඥ වෛද්‍ය කපිල පියසේන

 පොඩිත්තෙක් රැක බලා ගන්න හරිම අමාරුය.රැකබලා ගන්නවටත් වඩා අමාරුකාර්‍ය වෙන්නේ මේ අයට කෑම කැවීම සහ බෙහෙත් පෙවීමයි. මේ දේවල්වලට අපේ පොඩි දරුවන් හරිම හොරයි. ඒ ගැන ඉතින් අපේ අම්මලාට අමුතුවෙන් නම් දැනමුතුකම් දෙන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නෙ නෑ. අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කියනව වගේ දගකාර පුංචි පැටියෙක් මුළු නිවසම එළිය කරනවා. ඉතින් මේ අයගේ දඟකාරකම් නවතින වෙලාවක් තමයි පුංචි බබා අසනීප වෙන මොහොත කියන්නේ.දහ අතේ දුවපැන ඉන්න පොඩි දරුවෝ මේ විදිහට අසනීප වෙනවා කියන්නෙම දෙමාපියන්ට දරාගන්න අමාරු දෙයක්.කොහොම වුණත් මේ නිසාම පුංචි ලෙඩක් දුකක් හැදුණ ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න අපේ අම්මලා තාත්තලා පෙළඹෙනවා.එහෙම අරගෙන එන බෙහෙත් අර මම කලින් සඳහන් කලා වගේ පුංචි පැටියට පොවන එක බොහොම අමාරු කාර්යයක් මේ අමාරු කාර්යය පහසු කරගන්න අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නයි මේ සූදානම.

මේ විදියට පුංචි දරුවන්ට ලබාදෙන ඖෂධ විවිධාකාරයෙන්  පවතිනව. *ටැබ්ලට්

* කැප්සූල් 

*liquid 

*eye drops 

*පවුඩර් 

*ගුද මාර්ගයෙන් ඇතුළු කරන බෙහෙත්

* ක්‍රීම් වර්ග

 කුඩා දරුවෙක්ට බෙහෙත් ලබා දීමේදී වෛද්‍යවරයෙක් රෝග විනිශ්චයට අමතරව කාරණා කිහිපයක් පිලිබදව සලකා බලනවා. සදහන් කරන ලද බෙහෙත් ද්‍රව්‍ය අතුරින් පුංචි දරුවන්ට පෙති ලබා දෙන්නේ හරිම අඩුවෙන්. මොකද මේ අය පෙති වලට වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒ වගේමයි සිරප් වර්ග වලට අකමැත්තක් දක්වන පුංචි දරුවෙක් ඉන්නවා නම් ඒ අයට පෙති ලබා දෙනවාද කියලා දෙමාපියන්ගෙන් විමසලා තමයි ලබා දෙන්නේ.

       ගොඩක් වෙලාවට අපේ දෙමාපියන්ට ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්නේ දරුවන්ට කොපමණ බෙහෙත් ප්‍රමාණයක් ලබා දෙනවාද කියන කාරණයයි.මේ විදියට ලබාදෙන බෙහෙත් වර්ගයන්හි මාත්‍රාව තීරණය වන්නේ දරුවාගේ බර අනුවයි. සමහර ඖෂධ දිනකට දෙවරක් දීමට වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙනවා. පැය හයකට, අටකට, දොළහකට වශයෙන් වරක් නියමිත කරලා තිබෙන්නත් පුළුවන්.

           ඕනෑම බෙහෙතක් අපි සිරුරට ලබා ගත්තම ඒ බෙහෙත අපේ සිරුරෙන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවක් එනවා. මේ නිසා නියමිත මාත්‍රාව අනුව ඖෂධ ලබා දීම අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ නියමිත මාත්‍රාවට ඖෂධ ලබාදීම සිදු නොවුනහොත් බැක්ටීරියා වර්ධනය වීම සිදුවෙලා රෝගය වර්ධනය වෙන්න පුළුවන්.මේ නිසා විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාව අනුකූලව ලබා දීමට ඔබ සැලකිලිමත් විය යුතුයි.

             කැස්ස හතිය වගේ රෝගයන් වලට පුංචි දරුවන්ට inhelar ලබා දීම සිදුකරනවා. මේ ඉන්හේලර් වර්ග කිහිපයක් තිබෙනවා 

*පවුඩර් වශයෙන් ලබාදෙන inhala *පීඩනයට ලක් කරන ලද inhala 

              මේ අතුරින් බොහෝ වෙලාවට පුංචි දරුවන්ට ලබා දෙන්නේ එරසෝල් inhala වර්ගයයි. මෙයට බාහිරින් උපකරණයක් සවිකිරීමෙන් අනතුරුව භාවිත කරනවා.

             සමහර අවස්ථාවලදී පුංචි දරුවන් හට ඖෂධ ලබා දීමේදී ඒ අය ඒ දේවල් නැවත නැවතත්  ප්‍රතික්ෂේප කිරීම සිදු කරනවා. මෙන්න මේ නිසාම ගුද මාර්ගය හරහා සිරුරට ඇතුළු කරන ඖෂධ වර්ග භාවිතා කරන්න පුලුවන්. මේ ක්‍රමයත් ඇත්තටම හොඳ ක්‍රමයක්. මේ ක්‍රමයේදී ඖෂධය සිරුරට හොඳින් අවශෝෂණය වීමක් සිදුවෙනවා.නමුත් මේ සඳහා විශේෂිත ඖෂධ තිබෙනවා. සාමාන්‍ය ඖෂධ අපිට මේ විදිහට භාවිතා කරන්න හැකියාවක් නැහැ.

           ඉන්ජෙක්ෂන් එකක් ලෙසින්  ඖෂධයක් ලබා දෙනවා නම් එය මාංශ පේශියට හෝ නහරකට ලබාදීම සිදුවන්න පුළුවන්.නමුත් මේ වගේ දේ ගොඩක් වෙලාවට සිදුවෙන්නේ රෝහලක් තුළ දී පමණයි.නමුත්  ඉහතින් සඳහන් කරන ඖෂධ වර්ග නිවසේදීම ලබාදීම සිදු කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

         ඇතැම් ඖෂධ වර්ග පුංචි දරුවන්ට ලබා දීමේ දී එය ආහාර ගැනීමෙන් අනතුරුව එසේ නැතහොත් හිස්බඩට ලබාදිය යුතුයි. යනුවෙන් උපදෙස් දී තිබෙනවා. වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් මෙය බලපානවා. මේ නිසාම  ඖෂධ ලබාදිය යුතු ආකාරය අනුව ම එය ලබාදීමට උත්සාහ ගන්න ගත යුතුයි. තවත් සමහර ඖෂධ වර්ග තිබෙනවා ජූස් වර්ග හෝ serial සමගින් පුංචි දරුවන්ට ලබාදීමට සුදුසු නැහැ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ඖෂධය ලබාදීම සිදුකළ යුතුයි .

 අපි පාමසියකින්  ලබා ගන්න බෙහෙත් ද්‍රව්‍යයක වුවත් උපදෙස් පත්‍රිකාව කියවීම අනිවාර්යයෙන්ම කල යුතුයි . එහෙමත් නැත්නම් ලියාපදිංචි පාමසි වේදීන්ගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වෙනවා.කුමන බෙහෙත් ද්‍රව්‍යයක් වුවත් ඒ වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන්. 

අපි දන්නවා පුංචි පැටවුන්ට ඖෂධ පිළිබඳ අවබෝධයක් නෑ.මේ නිසාම ඖෂධ බෝතලයක් වෙත ඔවුන්ගේ අවදානය යොමු වුවහොත්  ඒ විවෘත කරලා බෝතලේ තිබෙන සියල්ලම සියලු ඖෂධ ප්‍රමාණය එකවරම ගිල දාන්නට වුණත් පුළුවන්.මෙය පුංචි දරුවෙක්ට හානිදායක වෙලා ජීවිතය පවා නැති වීමේ අවධානමක් පවතිනවා.මේ නිසාම අපි පුංචි දරුවන් වෙනුවෙන් ලබා ගන්නා ඖෂධ බෝතල්වල අඩු ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒ මගින් විය හැකි හානිදායක තත්ත්වයක් අවම කර ගැනීම බලාපොරොත්තු වෙනවා.

 පුංචි දරුවන් බෙහෙත් බොන්න හොර වෙන තරමටම අම්මලත් කලබල වෙනවා මෙහෙම කලබල වෙන අපේ අම්මලා පුංචි පැටියා ව අපහසුතාවයට පත්වෙන්න විදියට වුණත් බෙහෙත් ලබා දෙන්නට පෙළඹෙනවා කට මිරිකලා රිදවලා බලෙන් ඖෂධ ගිල්ලවනවා. නමුත් මේ ක්‍රමය එතරම් යහපත් වෙන්නෙ නෑ.මේ මගින් දරුවාට බෙහෙත් පිළිබඳව අප්‍රසන්න  හැඟීමක් ඇති වෙන්න පුළුවන්. 

       යම් යම් උපක්‍රම භාවිතා කරලා දරුවන්ට ඖෂධ ලබාදීම මේ වෙනුවට කරන්න පුළුවන්. කෑම කන්න අකමැති පැටියෙකුට සීනි මී පැණි වගේ දේවල් එකතු කරලා ආහාර ලබා දෙනවා වගේම ඖෂධ වලටත් පුංචි ප්‍රමාණයන්ගෙන් මේ දේවල් එකතු කරලා ලබා දිය හැකියි.

        විවිධ රටවල විවිධ රසයන් මිශ්‍රකළ බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. නමුත් ලංකාවේ මේ තත්ත්වය නැති නිසා අපිට ඉහත ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් ඒ වගේමයි ඖෂධ බහාලන කුප්පි එහෙමත් නැත්නම් බෝතල් ශීතකරණයක් තුල තියල අරගෙන  දෙන්නත් පුළුවන් මේමගින් රස අංකුර වලට ඖෂධ වල ඇති රසය දැනීම අවම මට්ටමකට පත් වෙනවා.

ඒ වගේම පුංචි දරුවාට ඖෂධ අවශ්‍ය වෙන්නේ ඇයි කියලා ආදරයෙන් තේරුම් කර දීමත් සිදු කරන්න පුළුවන් . ඒ මගින් පුංචි පැටියා ඖෂධ යන්ට කැමති කර ගැනීමේ හැකියාව තිබෙනවා.

 පුංචි දරුවන් වැඩි කැමැත්තක් දක්වන්නෙ syrup වර්ගයකටද එහෙමත් නැත්නම් පෙති  වර්ගයකටද කියලා දෙමාපියන් තීරණය කිරීමෙන් අනතුරුව අදාළ ඖෂධය ලබා දීම සිදු කිරීමට හැකියි.

ආලේපන වර්ගයක් භාවිතා කිරීමේදී වැඩිහිටියන් භාවිතා කරන ආලේපන දරුවන්ට කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. දරුවන්ගේ සම සංවේදී වැඩි බැවින් මේ ආකාරයෙන් ආලේපන වර්ග භාවිත කළහොත් එය දරුවන්ට හානි දායක වීමේ හැකියාව තිබෙනවා.ඒ වගේමයි අපි දරුවෙකුගේ විවිධ අවයව වලට භාවිතා කරන ක්‍රීම් වර්ග විවිධාකාර ස්වරූපයක් ගන්නවා.

 මේ විදියට ලබා දෙන ඖෂධවලට ප්‍රතික්ෂේප කරන පුංචි දරුවන් තවත් යම් යම් උපායමාර්ගයන් වලින් ඖෂධ පානය කිරීමට කැමැත්තක් ඇති කර ගැනීමේ හැකියාව තිබෙනවා 

*කුඩා මාත්‍රා වලින් අප අතින් ම ඖෂධ ලබාදීම

* පුංචි දරුවන් කැමති ආකාරයේ ක්‍රීඩාවකින්,සෙල්ලමක කොටසක් ලෙසින් බෙහෙත්  ලබාදීම සිදුකරන්න පුළුවන්  .

මේ ආකාරයෙන් රෝගී වන පුංචි පැටියෙක් සුවපත් කරගන්න අපට පුලුවන්.අනවබෝධයෙන් පුංචි පැටියෙක්ට බෙහෙත් ලබා දෙන්න සූදානම් වුනොත් පුංචි පැටවුන්ට බෙහෙත් එපාම වෙන්නත් පුලුවන්.