free stats

විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායක මහතා

මේ මාසෙත් බර වැඩි වීම ඉතාම සෙමෙන් තමයි සිද්ධවෙන්නේ. ඒවගේම මේ සඳහා බබාගෙ කලින් මාස වල වර්ධන වේගය බලපානවා. අම්මයි තාත්තයි දෙන්නා එතරම් උස මහත අය නෙවෙයි නම් බබාගේ බර ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. මවගේ සහ පියාගේ ජාන බබාගෙ බරට වගේම උසටත් බලපානවා.

හිසේ වට ප්‍රමාණය

දැන් බබාගේ හිසේ වට ප්‍රමාණය මනින්නෙ නැහැ. නමුත් බබා යම්කිසි රෝග තත්වයකින් පෙලෙනවා නම් හිසේ වට ප්‍රමාණය මැනීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. මේ වයසෙදිත් ාගේ හිසේ වට ප්‍රමාණය වැඩි වෙන්නේ සෙන්ටිමීටර් එකක් වගේ සුළු ප්‍රමාණයකින්.

බබාගේ සිරුරේ දිග ප්‍රමාණය වැඩි වෙන්නෙත් සෙන්ටි මීටර් දෙකක් වගේ.

සංවර්ධනය

උදව් ඇතිව ඉඳ ගන්න පුළුවන්. කොට්ට තියලා ඉන්දවන්නත් පුළුවන්. මේ වයසෙදි වාඩි උනහම පිට සී අකුරක් වගේ වක්‍ර වෙලා තමයි ඉන්නේ. නමුත් එය සාමාන්‍ය තත්වයක්. පිට පිටුපසට නෙරා තිබීම සාමාන්‍යයයි. දැන් බබාට මුනින් අතට හැරිල ඉඳලා උඩුබැලි අතට හැරෙන්න පුළුවන්. සියුම් ක්‍රියාකාරකම්අතට ගත්ත දේ අතින් අතට මාරු කරන්න පුළුවන්. හිතලා දෙයක් බිමට අතාරින්න පුළුවන්.

භාෂාව

අකුරු දෙකක ශබ්දත් ඉඳලා හිටලා කියනවා. ආආ….. ගාගා…. බා බා ……. ශබ්ද පිට කලත් ඒවා අහඹු ලෙස තමයි කියන්නේ. පෙනීමපිට අයවත් ගෙදර අයවත් වෙන්කරලා අදුරගන්න පුළුවන්. හොදට ඇස් පේනව.

පෝෂණය

ළමා සංවර්ධන පොතේ මාස හය පිරුණු පසු ආහාර ලබාදීමට දී ඇති උපදෙස් අනුවම කටයුතු කරන්න. මව් කිරි දොවා ලබා දීමට හැකි නම් වඩාත් හොඳයි. ඒවා කාමර උෂ්ණත්වයේ පිරිසිදු භාජනයක පැය හයක් තබන්න පුළුවන්. ශීතකරණය දොරේ ගබඩා කළොත් පැය විසි හතරක් තියන්න පුළුවන්.

බාහිර පෙනුම

මුල් මාස තුන හතරේදී සම අධිකව වියළී යි. නමුත් පස්වන මාසය පමණ වන විට ක්‍රම ක්‍රමයෙන් මේ ගති අඩුව යනවා. හිසෙහි හිස් හොරි ඉවත් වෙනවා. නමුත් බබා එලියට යන නිසා රතු පාට බිබිලි සමේ මතු වෙන්න පුළුවන්. හවසට මදුරු කෘමි සතුන් දෂ්ට කරන නිසා බබාව පරිස්සම් කරගන්න එක වගකීමක්. සමහර බබාලට කෝඳුරුවන් පවා ආසාත්මික වෙන්න පුළුවන්.

ඒ වගේ අධික ලෙස සම සංවේදී නිසා සවස් කාලය දිග ඇඳුම් ඇන්දවීම සුදුසුයි. හයෙන් පස්සේ බබා එක්ක එලියට යන්න එපා. මදුරුවන් නිවස තුළත් ඉන්නවා නම් ඇඳුම් වල පැඟිරි තෙල් ගාන්න පුළුවන්. නමුත් බබාගේ සමට පැඟිරි තෙල් විෂයි. අවුරුද්දට අඩු බබාලට මදුරුවො කෑවට ගාන ඒවා ගන්න එපා. වෛද්‍ය උපදෙස් ගන්න පුලුවන් මේ තත්ත්වය අධික නම්. රතු ලප ඇස් පිහාටු ඉඩ තියෙනවා නම් කල්පනාකාරි වෙන්න. නමුත් මෙවැනි ලප කැලැල් සාමාන්‍යයෙන් ස්වභාවිකව අඩුවෙලා යනවා.

චාපා හංසිනී ආටීගල