free stats

විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායක

වර්ධනය

පස්වන මාසය වන විට දරුවාගේ වර්ධනය ග්‍රෑම් 200 400 අතර ප්‍රමාණයක් වනවා. නමුත් මේ ප්‍රමාණය තීරණය වන්නේ දරුවාගේ කලින් මාස වල වර්ධනයේ ස්වභාවය අනුවයි. අම්මගේ තාත්තගේ ජාන වල බලපෑමක් මේ සඳහා අදාළ වෙන්න පුළුවන්. සමහර බබාලගෙ මාස පහේදී වර්ධනය අඩුයි. ඊට හේතුව වෙන්නේ මව්කිරි වල ගුණාත්මක භාවය අඩු වීම.

ඒ වගේම සමහර බබාලා මාස දෙක තුන කාලෙදි කිරි උරන විට උගුරට එන ගතිය නිසා මව්කිරි බිම් අඩාල වුණාත් පස්වන මාසය පමණ වෙද්දි වැඩිපුර කිරි බීල හොඳින් වර්ධනය වෙන්න පුළුවන්.

හිසේ වට ප්‍රමාණය

හිසෙහි වට ප්‍රමාණය පස්වැනි මාසයේදී මැන බලන්නේ නැහැ. නමුත් යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් පමණක් මැන බැලීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම පස් වැනි මාසෙ බබාගේ හිසේ වට ප්‍රමාණය වැඩි වෙන්නේ සෙන්ටි මීටර් එකක් පමණ ප්‍රමාණයක ටයි.

බබාගේ සිරුරේ දිග ප්‍රමාණයත් වැඩිවෙන්නේ සෙන්ටි මීටර් දෙකක් වගේ.

සංවර්ධනය

බබාගේ ක්‍රියාකාරකම් මේ කාලයේදී වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. දැන් එයාව මුලින් අතට තිබ්බහම අත් වල ආධාරයෙන් හිසයි පපු ප්‍රදේශයයි ඔසවන්න පුළුවන්. දැන් බබා තමන්ට කැමති විදිහට හිස නිසි ලෙස පාලනය කරනවා. දැන් බබාට උඩුබැලි අතට ඉඳලා සම්පූර්ණයෙන් මුණින් අතර පෙරලෙන්න පුළුවන්. සියුම් චලනසෙල්ලම් බඩුවක් අතට දුන්නාම එය තමා වෙත ගන්න පුළුවන්. මේ සඳහා බබාට අත් දෙකම පාවිච්චි කරන්න පුලුවන් කම තියෙනවා. සද්දෙ එන සෙල්ලම් බඩු හොලවන්න පුළුවන්.

භාෂාව

හයියෙන් ශබ්ද නගා හිනා වෙනවා. ඒ වගේම තනි අකුර ආ…… ගා…… බා…… වගේ වචන හොඳින් පැහැදිලිව උච්චාරණය කරන්න පුළුවන්. පෙනීමවෙන් වෙන් වශයෙන් බබා දැන් අම්මා තාත්තව අඳුනනවා.

පෙනීම ඉතාම හොඳයි. ඇසීම මේ වයසෙදි ඇසීම ඉතාම හොඳයි. ශබ්දයක් ආවම හිස හරවල බලන්න දැන් එයා දන්නවා. ශබ්දය ඇහෙන දිශාව අඳුනගන්න පුළුවන්.

පෝෂණය

මාස හය වෙනකල්ම මව්කිරි ප්‍රධාන ආහාරය බව අපි හොඳින්ම දන්නවා. පහ සම්පූර්ණ වෙද්දී වගේම මාස 6 පටන් ගන්නකොටම සමහර බබාලට අනෙක් ආහාර දීම ආරම්භ වෙනවා. ඒ වෛද්‍ය උපදෙස් අනුව. මේ විදිහට ආහාර කලින්ම පටන් ගන්න හේතුව,

01.වර්ධන වේගය ලොකු වෙනසක් තියෙනවා නම් ඒ කියන්නේ බබාගෙ වර්ධනය අඩු හෝ ගොඩක් වැඩි නම්,

02. මවට රැකියාවට යෑමට සිදුවීම හා ව් කිරි දොවා තබා යෑම ප්‍රායෝගික නොවීම.

03. මවගේ යම් රෝගයක් සඳහා ෂධ ප්‍රතිකාර ලබාදීම.

04. මව්කිරි අධික ලෙස උගුරට එන දරුවන්ට

බාහිර පෙනුම

මුල් මාස තුන හතරේදී සම අධිකව වියළී යි. නමුත් පස්වන මාසය පමණ වන විට ක්‍රම ක්‍රමයෙන් මේ ගති අඩුව යනවා. හිසෙහි ඉස්හොරි ගතිය පහ වෙනවා. නමුත් බබා එලියට යන නිසා රතු පාට බිබිලි සමේ මතු වෙන්න පුළුවන්. හවසට මදුරු කෘමි සතුන් දෂ්ට කරන නිසා බබාව පරිස්සම් කරගන්න එක වගකීමක්. සමහර බබාලට කෝඳුරුවන් පවා ආසාත්මික වෙන්න පුළුවන්.

ඒ වගේ අධික ලෙස සම සංවේදී නිසා සවස් කාලය දිග ඇඳුම් ඇන්දවීම සුදුසුයි. හයෙන් පස්සේ බබා එක්ක එලියට යන්න එපා. මදුරුවන් නිවස තුළත් ඉන්නවා නම් ඇඳුම් වල පැඟිරි තෙල් ගාන්න පුළුවන්. නමුත් බබාගේ සමට පැඟිරි තෙල් විෂයි. අවුරුද්දට අඩු බබාලට මදුරුවො කෑවට ගාන ඒවා ගන්න එපා.

වෛද්‍ය උපදෙස් ගන්න පුලුවන් මේ තත්ත්වය අධික නම්. රතු ලප ඇස් පිහාටු ඉඩ තියෙනවා නම් කල්පනාකාරි වෙන්න. නමුත් මෙවැනි ලප කැලැල් සාමාන්‍යයෙන් ස්වභාවිකව අඩුවෙලා යනවා.

චාපා හංසිනී ආටිගල