free stats

ළමා රෝග විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායක මහතා

බර

පැටියගේ පළමු මාසය ගැන කතා කරන්න විශේෂ කරුණු කිහිපයක් තිබෙනවා. බබා ඉපදුනු අලුත එයාගෙ බර ප්‍රමාණය සති දෙකක් යද්දි අඩු වෙනවා. ගොඩක් අම්මලා මේ වෙලාවේදී බයවෙන්නේ බබාට නිසි පරිදි මව්කිරි ලැබෙන්න නැතුව ඇති කියලා හිතලා. ඒත් ඇත්තටම වෙන්නේ බබා ගර්භාෂයෙ ඉද්දී එයාගේ ඇගේ තිබුණු වතුර වත් වෙලා ගිහින් ාමාන්‍ය පරිසරයට එයාගේ සිරුර හැඩ ගැසීමයි. 

මව් කිරි සහ නින්ද

පලවෙනි මාසේ තිබෙන අමාරුම කාර්යය වෙන්නේ බබාට නිසි පරිදි මව්කිරි ලබාදීම සහ එයාගෙ නින්දේ ස්වභාවය හඳුනා ගැනීම. මව්කිරි ලබාදීමේ කාර්යය අපහසු නම් ඒ සඳහා මව්කිරි කළමනාකරණ මධ්‍යස්ථානයකදී උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව බබා ගේ නින්ද පිළිබඳව අවධානය යොමු කරන විට එයා සාමාන්‍යයෙන් දවසකට පැය පහළොවක් දාහතක් අතර වෙලාවක් නිදා ගන්නවා. 

මුත්‍රා හා මල පිට වීම

හොඳින් මව්කිරි බොනවනම් හොඳින් මුත්‍රා පිට කිරීම සිදුවෙනවා. දිනකට හය වතාවකට වඩා මුත්‍රා පිට වෙන්න පුළුවන්. මලවල ස්වභාවය ගුරු පැහැයේ සිට කහ පැහැයට වෙනස් වනවා. ඒ වගේම එයා සෑම දිනකම මලපිට නොකළත් දින කීපයකට වරක් මල පිට කිරීම සිදු කරනවා. නමුත් නිසියාකාරව මල පිට වෙන්නේ නැහැ කියලා හිතනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම වඩා සුදුසුයි. 

නින්ද

අන්තර්ජාල තොරතුරු වලට අනුව බබා සාමාන්‍යයෙන් පැය 17 ක් පමණ නිදා ගන්නවා. එයා අවදි වෙන්නේ මව් කිරි බීමෙන් පැය හතරක් පහක් හොඳට නිදා ගත්තට පස්සේ. 

බබා සාමාන්‍යයෙන් පළමු මාස අවුන්ස දාසයක් දහ අටක් ප්‍රමාණයක මව්කිරි බොනවා. 

සුදු පැහැති සමක් උරුම වෙන දරුවන් තද නිල් පැහැති ඇස් සහිතව උපත ලබන අතර කළු පැහැති සමක් ලැබෙන දරුවන්ට දුබුරු පැහැති ඇස් ලැබෙන බව අන්තර්ජාලය වැඩි දුරටත් පෙන්වා දෙනවා. 

පෙකණි වැල හා තෙල් වල

පළමු මාසේ බබාගේ තෙල් වල සහ පළමු සතිය පෙකණිවැල පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්. බබාගේ පෙකණිවැල සතියකින් පමණ ඉවත් වෙනවා. එයින් පසුව පෙකණිය විෂබීජ අසාධනවලින් තොරව පරිස්සම් කරගත යුතුයි. රතු පැහැයෙන් යුතුව ඉඳිමි හෝ සැරව සහිත තුවාලයක් ලෙස පැසවීමක් සිදුවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. 

බර මැනීම, හිසේ වට ප්‍රමාණය හා BCG එන්නත

බබාගේ බර මැනීම, හිසේ වට ප්‍රමාණය ගණනය කිරීම හා දිග මැනීම ත් පළමු මාසයේ සිදුවෙනවා. ඒ වගේම රෝහලෙන් පිටව යාමට පෙර සියලු පරීක්ෂාවන් සිදු කරගැනීම අනිවාර්යයි. BCG එන්නත ලබා ගැනීම අනිවාර්යයි. 

චාපා හංසිනී ආටිගල