දෙමාපියන්ගේ ඇස්දෙක කියන්නේ තමන්ගේ දරුවෝ. ඒ තරමටම දෙමාපියන් දරුවන්ට ආදරෙයි. ඇස්දෙක වගේ සිටින තමන්ගේ දරුවාගේ ඇස්වල පෙනීමේ යම් දෝෂයක් හට ගැනුණොත් අම්මෙකුට තාත්තෙකුට එය දරාගැනීමට අපහසුයි. දරුවා කිරි උරන විට මවගේ මුහුණ දිහා නොබලනවා නම් මව සමග හිනා නොවනවා නම් මව ගමන්කරන දිහා ඇස් හරව හරවා නොබලනවා නම් දරුවාගේ ඇස්වල යම් පෙනීමේ දෝෂයක් තිබෙන බව අපට කියන්න පුළුවන්. ඒත් දරුවාගේ එවැනි වෙනසක් නොමැතිව පෙනීමේ යම් දෝෂ පැවතින්න පුළුවන්. සෙල්ලම් කරන විට සෙල්ලම් බඩු ඇස් මායිමටම ගෙන බලනවා නම් පාට කථාන්දර පොත් ඇස් මායිමට ගෙන බලනවා නම් ඇතැම් අවස්ථාවන් වලදී ළගමට ගොස් රූපවාහිනිය නරඹනවා නම් මෙය දරුවාගේ ඇස්වල පෙනීමේ යම් දෝෂයක් නිසා සිදුවන්නක් වෙන්න පුළුවන්.
ළමයින් පාට පාට සෙල්ලම් බඩු ඇස් ලගටම කරලා කරකව කරකව බලනවානම් සමහර අම්මලා හිතන්නේ සෙල්ලම් බඩුවලට දරුවා හුගාක් ආසාකරන නිසා එහෙම ඇස් ලගටම අරගෙන බලනවා ඇති කියලා. නමුත් එහෙම නැහැ. දරුවාට ඒ සෙල්ලම් බඩුවේ පාට හරියට පේන්නේ නැති නිසා ඒක ඇහැට ලංකරලා බලනවා වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි දරුවා එළිමහනේ සෙල්ලම් කරන්න යනවා නම් එය ඉතා සුළු වශයෙන් නම් රූපවාහිනිය ලගටම ගිහිල්ලා බලනවා නම් එයත් දරුවාගේ ඇස්වල පෙනීමේ යම් දෝෂ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒත් අපේ බොහෝ අම්මලා හිතන්නේ දරුවා රූපවාහිනිය ළගටම ගිහිල්ලා බලන කොට පාට පාට රූපවලට වැඩි කැමැත්තක් නිසා ළගට යනවා වෙන්න ඇති කියලා. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඒ වගේම තමයි සමහර දරුවෝ රූපවාහිනිය දිහා බලන්නේ ඇස් පුංචි කරලා. ඔවුන් එහෙම කරන්නෙත් පෙනීමේ යම් දෝෂයක් පවතින නිසා. තවත් සමහර දරුවන් ලයිට් එළිය බලන්නේ හරිම අමාරුවෙන් ඇස් කුඩා කරනවා විතරක් නෙවෙයි සමහර වෙලාවට ඇස්වලින් කදුළුත් ගලනවා. පොත් ඇස් මායිමට කරලා බලනවා නම් ඒකත් දෘෂ්ඨි දෝෂයක් වෙන්න පුලුවන්.
දරුවෙකුගේ මෙවැනි අසාමන්යතාවන් පිලිබද දෙමාපියන් විශේෂයෙන්ම මව්වරුන් මේ පිලිබදව අවදානය යොමු කරන්න ඕනේ. දරුවන්ගේ මෙවැනි ලක්ෂණයන් පිලිබදව වහාම අවදානය යොමුකරලා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ගෙන යෑම ප්‍රමාද කරන්න හොද නැහැ.
කුඩා කාලයේ දි දරුවන්ගේ දෘෂ්ඨි දෝෂ හදුනාගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළහොත් දෘෂ්ඨි දෝෂ මගහරවා දරුවාගේ පෙනීම යථා තත්ත්වයට පත් කර්න්න අපහසු නැහැ. හැබැයි අද අපේ අම්මාලා හුග දෙනෙක් හොදින් දැනුවත්. ඒ නිසා දරුවන්ගේ දෘෂ්ඨිය ගැන හොද අවදායෙන් බලනවා. ඒ නිසා දරුවන්ගේ දෘෂ්ඨි දෝෂ හදුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙක හොද තත්ත්වයක්.
හැබැයි මේ හොද තත්ත්වය ඇතැම් අය දකින්නේ යම් දෝෂයක් විදිහටයි. මොකද දන්නවාද හුගාක් අය
අද ඉන්න දරුවන්ගේ ඇස් වල පෙනීම හොදටම දුර්වලයි”
”අද දරුවන් හුගාක් අය ඇස් කණ්නාඩි දමනවා”
” අපේ කාලේ වගේ නෙවෙයි දැන් දරුවන් ට ලෙඩ වැඩියි”
කියලා අද කියනවා.
ඇත්තටම ලෙඩ වැඩියි නෙවෙයි. අම්මලා දරුවන්ගේ ලෙඩ කලින් හදුනා ගන්නවා. හදුනාගෙන ප්‍රතිකාර සදහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. ඒ නිසා අපට දැනෙන්නේ දෘෂ්ඨි රෝගී දරුවන්ගේ වැඩිවීමක් තියෙනවා කියලා. නමුත් සිදුවෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. අම්මල දරුවන්ගේ රෝගී තත්ත්වයන් කලින් හදුනා ගැනීමක්. ඒක හොද ප්‍රවණතාවක්. මොකද කුඩා කාලයේ දරුවාගේ දෘෂ්ඨි දෝෂය හදුනා ගන්න පුළුවන්නම් ඒ සදහා ප්‍රතිකාර කරල ඉක්මනින් සුවය ලබාගන්න පුළුවන්.
දරුවෙකුගේ දෘෂ්ඨි දෝෂ කලින් හදුනාගෙන ඒ සදහා සුදුසු ප්‍රතිකාරයක් වෛද්‍යවරයා තීරණය කරයි. ඇතැම් දරුවන්ට ඇස් කණ්නාඩි පළදින්න කියලා උපදෙස් දෙනවා. තවත් අයට සිවිකාච දමන්න තීරණය කරනවා. මතුව තිබෙන රෝගී තත්ත්වයට අනුව ප්‍රතිකාර තීරණය කරන්න වෛද්‍යවරයා කටයුතු කරනවා. අවශ්‍ය වන්නේ කලට වේලාවට දරුවාව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගෙන යෑම පමණයි. වෛද්‍යවරයා ප්‍රතිකාර තීරණය කලත් මාස දෙකෙන් තුනෙන් දරුවාගේ පෙනිම නැවත පරික්ෂා කරනවා. මොකද දරුවාගේ වැඩීමත් සමග නැවත නැවත පෙනීමේ දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ දෝෂ නිවැරදි කළොත් දරුවාගේ පෙනීම යථාතත්ත්වයට ගන්න පුළුවන්.
වෛද්‍යවරයා දෙන උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම නිවැරදි ව කරන්න ඕනේ. මොකද දරුවගේ ඇස්දෙක කියන්නේ ඔහුට ලෝකයක්. අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් කියන්නේ ඇස් දෙකක්” ඒ ඇස්දෙක රැක ගැනීම ඒ අම්මගේ තාත්තගේ වගකීමක්.
ජාතික අක්ෂි රෝහලේ
අක්ෂි තාක්ෂණවේදී
චමින් රත්නායක
සටහන - ශ්‍රියානි විජේසිංහ