free stats

ඔබ මවක් වීමට සිහින දකිනවා නම් පුංචි පැටියෙකු කුස තුළ දරා හිඳිනවා නම් ඒ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි. හුරු පුරුදු ජීවන රටාවෙන් මිදී නිරෝගී දරු උපතකට අවශ්‍ය සාධක සපුරා ලිය යුතු ම යි. එසේ නොවුනහොත් එය මවට වගේම කුස තුළ වෙසෙන පුංචි පැටියාටත් අහිතකර ආකාරයෙන් බලපාන්නට පුළුවන්. ඉතින් අද අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබ විසින් සපුරාලිය යුතු එවැනි සාධක කිහිපයක් පිළිබඳවයි. මෙකී දැනුම්වත්භාවය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. ගර්භණී සමයේදී යකඩ කැල්සියම් වැනි ඛනිජලවන ද පෝලික් ඇසිඩ් විටමින් ක්‍ වැනි විටමින් වර්ගයන්හීත් වැදගත්කම පිළිබඳව අද අපි අවධානයට ලක් කරමු.

සාමාන්‍යයෙන් ඕනෑම සිරුරකට පෝෂපදාර්ථ අවශ්‍යයි. ගර්භණීභාවයට පත් වුණත් නැතත් එම පෝෂක ද්‍රව්‍යයන් සියලු‍ දෙනාටම අත්‍යාවශ්‍ය සාධකයන් වේ. මේ අනුව,

  • කාබෝහයිඩ්‍රේට්
  • ප්‍රෝටීන්
  • ලිපිඩ (මේදය)
  • විටමින්
  • ඛනිජ ලවණ
  • ජලය අපේ සිරුරට අවශ්‍ය පෝෂ පදාර්ථ විදියට හදුන්වන්න පුලු‍වන්

මේ අතුරින් විටමින් සහ ඛනිජලවණ ශුද්‍ර පෝෂක යටතට ගැනෙනවා. ජලය හැර අනෙකුත් පෝෂක කොටස් මහා පෝෂක යටතටයි ගැනෙන්නේ. ශුද්‍ර පෝෂකයන්ට වඩා මහා පෝෂකයන් අපේ සිරුරට ප්‍රමානාත්මක වශයෙන් අවශ්‍ය වෙනවා. නමුත් මේ සියලු‍ පෝශ්‍ය ද්‍රව්‍යයන්මිනිස් සිරුරකට අත්‍යවශ්‍යයි.මේ අතුරින් ඇතැම් පෝෂක කොටස් වල යම් හිඟතාවයක් ඇති වුවහොත් ගර්භණී සමයේ මවට වගේම කලලයට හානි සිදුවිය හැකියි. මේ නිසාම ගර්භණී සමය තුළ දී මෙම පෝෂක කොටස් හිඟ නොවන්නට වග බලා ගැනීම ඔබ සතු මූලික වගකීමකි.

ගර්භනී සමයේ අතිශය වැදගත් පෝෂක කොටස් කිහිපයක් ලෙසින්, 

පෝලික් ඇසිඩ්,
විටමින් C

වැනි විටමින් වර්ගයන් ද

යකඩ
කැල්සියම්

වැනි ඛනිජ ලවණ ද

හැඳින්විය හැකියි . අයඩීන් ද ඉතා වැදගත් පෝෂක කොටසකි. විවිධ රටවල පවතින ආහාර රටාවන් මත මෙකී පෝශ්‍ය ද්‍රව්‍යයන්ගේ හිඟතාවයන්ද විවිධාකාරයෙන් ඔබට බලපෑම් කරන්නට පුළුවන්. අපේ රටේ ගර්භනී මව්වරුන් පිළිබඳව අවධානයට ලක් කිරීමේ දී යකඩ ඌණතාවය ප්‍රධාන ගැටළුවකි මෙය රක්තහීනතාවය ලෙසද හදුන්වයි. ගර්භණි සමයේදී මෙලෙසින් යකඩ ඌනතාවයක් ඇති වුවහොත් අඩු බර දරු උපත් සිදුවීමට වැඩි අවස්ථාවක් පවතිනවා .

එමෙන්ම කලලයට වගේම මවටත් ඉන් අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන්. මීට අමතරව පසු ප්‍රසව රුධිර වහනයන් සිදු වීමට ගර්භනී සමයේ යකඩ ඌනතාවය ප්‍රධාන හේතුවක් ලෙසින් අද වන විට හඳුනාගෙන තිබෙනවා. මේ නිසාවෙන්ම ගර්භණී සමයේ යකඩ ඌණතාවයෙන් තොරවීමට මව්වරුන් වගබලා ගත යුතුයි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ගර්භණී සමයේදී මව්වරුන්ගේ රුධිර පරිමාව ඉහළ යාමයි. එය ඇතැම් විට 20% සිට 80% / 90% දක්වා ද දෙගුණයක් වැනි විශාල ප්‍රමාණයක් දක්වා ද වැඩි වන්නට පුළුවන්. කුස තුළ වැඩෙන කලලයේ ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලීම එයට හේතුව වශයෙන් සඳහන් කළ හැකියි. ඒ නිසාම තමයි ගර්භණී සමයේ දී සාමාන්‍ය කාලයට වඩා දෙගුණයක් යකඩ අවශ්‍යතාවය ඇතිවීම ස්වභාවික කාරණාවක් වන්නේ.

අපි දන්නවා අපේ රටේ ගර්භණී භාවයට පත් වූ කාන්තාවන්ට ඉහතින් සදහන් කරන ලද පෝෂක කොටස් එනම් පෝලික් ඇසිඩ්, විටමින් ක්‍ සහ යකඩ සහ කැල්සියම් පෙති වශයෙන් ලබාදීම සිදු කරනවා. නමුත් ඔබ දන්නවා ස්වභාවිකවම මේ සියලු‍ පෝෂක කොටස් අප ගන්නා ආහාර මගින් අපිට නොමිලේම ලැබෙන බව. ඇතැම්විට ඒ පිලිබදව ඔබ සතු දැනුම අවම මට්ටමක පවතිනවා වන්නට පුලු‍වන්.

මේ අනුව එකී පෝශක කොටස් ලැබෙන ආහාර වර්ගයන් සහ එවායේ වැදගත්කම පිලිබදව අපි සරල අවදානයක් යොමු කරමු.

  • ෆෝලික් ඇසිඩ්

විවාහපත් වූ ඔබ දරුවකු බලාපොරොත්තු වන මොහොතේ සිට පෝලික් ඇසිඩ් ලබාගත යුතුයි.
එය දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධව ඇතිවන සංකූලතා අවම කරගත හැකියි. ගර්භනී කාලයේ දී දිනපතාම පෝලික් අම්ල පෙත්තක් රාත්‍රී ආහාරයෙන් පසුව ලබා ගැනීම සුදුසු වන බව වෛද්‍ය නිර්දේශයයි. අප ගන්නා ආහාරවලින් ධාන්‍ය වර්ග, නිවුඩු සහිත සහල් නැවුම් එළවළු, පළතුරු, ඇට වර්ග, බෝංචි වල පෝලික් ඇසිඩ් අම්ලය බහුලව අන්තර්ගත වෙනවා.

  • විටමින් C

සිරුරට අවශ්‍ය යකඩ අවශෝෂණය ෆවිටමින් ක්‍ මගින් සිදුකරයි. දරුවාගේ අස්ථි හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩීමට විටමින් ක්‍ අවශ්‍ය වේ. ගර්භනී මවක් විටමින් ක්‍ අවශ්‍ය ප්‍රමාණයට ලබාගත හොත් එමගින් දරුවාට නිරෝගි සමක් ලැබෙනවා. තක්කාලි අඹ, කෙසෙල් වැනි එළවළු හා පලතුරුවල විටමින් ජ අන්තර්ගත වන අතර ඒවා ගර්භනී කාලයේ දී ආහාරයට ගැනීමට උනන්දු විය යුතුයි .

  • යකඩ

යකඩ මිනිස් සිරුර පුරා ඔක්සිජන් ප්‍රවාහයට අත්‍යවශ්‍යයි. මවගේ සිරුරේ සිට දරුවාට ඔක්සිජන් ගෙන යාමට යකඩ අවශ්‍ය වේ. යකඩ ඌනතාවය ශ්‍රී ලංකාවේ මව්වරුන් අතර සුලබ රෝගී තත්ත්වයක් වන අතර යකඩ අධික ආහාර ගැනීමට මව්වරු උනන්දු විය යුතුයි. මස් හා මාළු වැනි සත්ත්ව ආහාරවල සිරුරට ඉක්මනින් අවශෝෂණය කරගත හැකි ආකාරයේ යකඩ බහුල වෙන අතර පලා වර්ග, ඇට වර්ග හා දාන්‍යවල ඇති යකඩ සිරුරට අවශෝෂණය වීම සෙමෙන් සිදුවේ.

අප දන්නවා අපේ ලංකාව පුරා සියලු‍ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වීම සිදුවේ. මේ අතුරින් ”‍නව දිවි”‍ සත්කාර වැඩසටහන ප්‍රමුඛත්වයක් ගනී. මේ පිලිබදව දැනුවත් විය යුතු යම් කරුනක් පවතීනම් තමන්ගේ කොට්ටාශයේ පවුල් සෞඛ්‍යසේවා නිලධාරීන්ගෙන් ලබාගත හැකිය. එය අලු‍ත විවාහ වූ සෑම යුවලක් සඳහාම ඉතාමත් වැදගත් වේ.. මෙහිදී නිරෝගී යුගදිවියකට ඔවුනට අවශ්‍ය සියලු‍ දැනුම ලබා දීම සිදු කෙරෙනවා. එමෙන්ම වෛද්‍ය පර්යේෂණ සඳහා ඔවුන් යොමු කිරීමද සිදු වෙනවා. ඔබ ගර්භනී වන්නට සූදානම් නම් මේ ඉතාම වැදගත් අංගයක් ලෙසින් හඳුන්වන්නට පුලු‍වන්. මෙහිදී ඔබගේ ඊඵෂ අගය නිවැරදි මට්ටමේ පවතිනවා ද යන්න විමසුමට ලක් කිරීම සිදු කරනවා. මෙවැනි කරුණු ඔබ ගර්භනීය වන්නට සූදානම් නම් එයට සැලසුමක් පවතින්නේ නම් ඉතාම වැදගත් වනු ඇත.

මෙහිදී ඔබගේ පෝෂක තත්ත්වය මැන බැලීම ද තවත් එක් අංගයක් ලෙසින් හැඳින්විය හැකියි. එහිදී සිදුකරන හිමොග්ලොබින් පරීක්ෂාවේදී යකඩ ඌනතාවයක් පවතින්නේ ද හදුනාගත හැකියි. නමුත් කැල්සියම් සහ විටමින් ක්‍ ඌනතාවයක් පවතින්නේ ද යන්න හඳුනා ගැනීමට සරල පරීක්ෂණ කිසිවක් නැත. මේ නිසා ඔබ අනිවාර්යෙන්ම විටමින් ක්‍ සහ කැල්සියම් සුලබව ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමට වගබලා ගත යුතුයි. නමුත් පෝලික් ඇසිඩ් ඔබ ගර්භණී භාවයට පත්වන අවස්ථාව වන විටත් සපුරාලීම අත්‍යවශ්‍ය වේ. කැල්සියම් සහ යකඩ ගර්භණි වී සති 12න් පසු ව ගැනීම ප්‍රමාණවත් වේ.

මේ සියල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වන සායන මගින් සහ රජයේ රෝහල් මගින් පවත්වන සායන මගින් නොමිලේම ලබා දීම දැනටමත් සිදුවන බව ඔබ දැනුවත් ඇති. විටමින් ක්‍ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කළහොත් ඒ මඟින් යකඩ උරා ගැනීම වේගවත් වන බව අප කලින් සඳහන් කරනු ලැබුවා. අපේ රටේ තිබෙන ඕනෑම පලතුරක විටමින් ක්‍ අන්තර්ගත වෙනවා. මේ නිසාම නිතිපතා පළතුරු ගැනීම ඉතාම වැදගත්. ගර්භණී සමයේ දී මේ ඉතාම වැදගත් වන්නේ සිරුරට අවශ්‍ය බොහෝ පෝෂක කොටස් පලතුරුවල අන්තර්ගත වීම හේතුවෙනුයි. විටමින් ක්‍ සහ ෆෝලික් ඇසිඩ් යකඩ පෙති එකවර ලබා ගැනීමට පුළුවන්. ඒ නිර්දේශ කරනු ලබන්නේ රාත්‍රී ආහාරය වේලට පැයකට දෙකකට පෙර ගැනීම සුදුසු බවයි. නමුත් කැල්සියම් මේ සමගින් එක්ව ගැනීම සුදුසු වන්නේ නැහැ. එසේ වුවහොත් අනෙකුත් පෝශක කොටස් අවශෝෂණයට බාදා ඇති විය හැකියි.මේ නිසා කැල්සියම් ලබාගත යුතු වන්නේ උදැසන කාලයේදීයි.

ගර්භනී සමයේ වැදගත් තවත් පෝෂක කොටසක් ලෙසින් අයඩීන් හැදින්විය හැකියි. මෙය ගර්භනී සමයේ ඌණතාවයක් බවට පත් වුවහොත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් බිහිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. නමුත් අපේ රටේ භාවිතාවන ලු‍ණු වලට අයඩීන් එකතු කිරීම අනිවාර්ය වේ. ඒ නිසාවෙන්ම මෙම ප්‍රශ්නය අපේ රට තුළ දැක ගැනීමට හැකි වන්නේ ඉතාමත් අවම මට්ටමිනි. තවත් වැදගත් කාරණාවක් ලෙසින් ගර්භණී සමයේදී පණු පෙති ලබා දීම හැඳින්විය හැකියි. එය නොගැනීම මඟින් අපේ ආහාර මාර්ගයේ පනු වර්ග බෝ වී ලේ උරා බීම සිදුවී යකඩ ඌණතාවයන් ඇති වන්නට පුළුවන් මේ නිසාවෙන් නිර්දේශිත යකඩ කැල්සියම් විටමින් සී පෝලික් ඇසිඩ් පෙති නියමිත ආකාරයෙන් ලබා ගැනීමට ඔබ අනිවාර්යෙන්ම වගබලා ගත යුතුයි.

ඔබ නිතිපතා සායනවලට සහභාගි වන්නේ නම් අදාළ පර්යේෂණ සිදු කරන්නේ නම් නිරෝගී දරු උපතකට අවශ්‍ය මූලික සැකැස්ම සැකසෙනු ඇත. එමෙන්ම එළවළු පලතුරු අඩංගු පෝෂදායී ආහාර වේලක් නිතිපතා ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. මෙලෙසින් සෞඛ්‍යසම්පන්න සහ වෛද්‍ය උපදෙස් වලට අනුකූල කාලසීමාවක් ගර්භනී සමයේදීත් ඊට පෙරත් ඔබ අනුගමනය කරන්නේ නම් ඔබගේ දරුවා ද ඔබද නිරෝගී පුද්ගලයකු වනු බව නොඅනුමානයි.

       ඩී බී නායකරත්න 
      වෛද්‍ය  නිලධාරී සැලසුම් 
      දිස්ත්‍රික් මහ රෝහල කෑගල්ල