free stats

පුංචි පැටියා කුසට ආ දා සිටම සෑම මවක්ම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ තමන්ගේ කිරි කැටියගේ මුව පොඩිය බලන්නේ කවදද කියලා. හැබැයි හැම අම්මා කෙනෙකුටම මේ සතුටත් එක්කම පොඩි බයකුත් හිතට එන්නේ බබා ලැබෙනකොට මොන වගේ වේදනාවක් දැනෙයිද කියලයි. පළවෙනි බබා හම්බවෙන්න ඉන්න අම්මලට නම් මේ බය දෙගුණ තෙගුණ වෙලා දැනෙන එක සාමාන්‍යයයි. සාාමන්‍ය දරු උපතකදී වුණත් සිසේරියන් සැත්කම හරහා සිදුවන දරු උපතකදී වුණත් වේදනාව කියන දේ ඇති වෙනවා. හැබයි ප‍්‍රසූතියේදී එක අම්මා කෙනෙක්ට දැනෙන වේදනාව වගේම ප‍්‍රසූතියේ ලක්‍ෂණ අනෙක් අම්මාට දැනෙන වේදනවාට ලක්‍ෂණවලට වඩා වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් වර්තමානය වන විට දියුණු වූ වෛද්‍ය විද්‍යාවත් සමගම ප‍්‍රසූති වේදනාව අවම කරන ක‍්‍රම හදුන්වා දී තිබෙනවා.

ප‍්‍රසූති වේදනාව එක් එක් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වීමට ඇයගේ මානසික තත්ත්වය, ඇය මින් පෙර ලැබූ අත්දැකීම්, වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් අසා හෝ දැක ලැබූ අත්දැකීම්, නොදැනුවත්කම නිසා ඇති වන අහේතුකව බිය වගේම ප‍්‍රසූතිය පිළිබ`දව හිතේ පවතින ඍණාත්මක ආකල්ප යන කාරණා මුල් විය හැකියි. මේ නිසාම තමයි අපි හිතුවේ ප‍්‍රසූති වේදනාව අඩු කරන ක‍්‍රම පිළිබ`දව දැනුවත් කරමින් ඔබ තුළ ඇති වී තිබෙන බිය ම`ගහරවා ගන්නට උදව් කිරීම අත්‍යවශ්‍යයි කියලා.

ප‍්‍රසූතියේදී වේදනාව අවම කරන ක‍්‍රම ඖෂධ රහිත සහ ඖෂධ සහිත සහ වශයෙන් කොටස් දෙකක් යටතේ සිදු කෙරෙයි.

ප‍්‍රසූති වේදනාව අවම කරන ඖෂධ රහිත ක‍්‍රම

බොහොමයක් දියුණු රටවල ප‍්‍රසූති වේදනාව අවම කිරීමට යොදා ගන්නේ මෙම ක‍්‍රමයයි. මෙහිදී බහුලව යොදාගන්නා ක‍්‍රමයක් වන්නේ එනම් ජල තටාකවල දරුවා බිහිකිරීමයි. අද වන විට අපේ රටේත් පෞද්ලික අංශයේ ඇතැම් රෝහල්වල මේ සදහා අවශ්‍ය පහසුකම් සැපයෙනවා.

මීට අමතරව ස්වසන ව්‍යායාමවල යෙදීම හා සාම්බාහනයද ප‍්‍රසූති වේදනාව අවම කර ගැනීමට යොදා ගන්නා ක‍්‍රමවේදයන් ලෙස හදුන්වාදිය හැකියි. එමෙන්ම මානසිකව මෙම තත්ත්වයට හොදින් සැහැල්ලූවෙන් මුහුණදීමට තමන්ගේ ප‍්‍රිය අයෙක් සමග තමන් ප‍්‍රිය කරන සංගීතයක්, වටපිටාවක් ඒ වටපිටාවෙහි තමන් වඩාත් ප‍්‍රිය කරන සුවදවත් බවක් සමග  මෙම ප‍්‍රසූති අවස්ථාවට මුහුණදීමට කටයුතු කිරීම තුලිනුත් අධික වේදනාවෙන් මිදීමට හැකියාව තිබෙන බව සොයගෙන තිබෙනවා.

ප‍්‍රසූති වේදනාව අවම කරන ඖෂධ සහිත ක‍්‍රම

මෙහිදී ප‍්‍රසූති වේදනාව අවම කිරීම සදහා අවශ්‍ය වේදනා නාශක ලබාදීම සිදුවන අතර අරම්භයේදී පැරසිටමෝල් වැනි අවම මට්ටමේ වේදනා නාශකයකින් ඇරඹෙන අතරම ඉන් ඉදිරියට වේදනාව පාලනය කරගැනීම ස`දහා අවශ්‍ය වේදනා නාශක වර්ග වෛද්‍ය නිර්දේශය මත ලබාදීම සිදු කෙරේ. එනම් අවම මට්ටමක සිට උපරිම මට්ටම දක්වායි. ප‍්‍රසූත වේදනාව අවම කිරීම ස`දහා අවශ්‍ය ඖෂධ ලබාගැනීමේ පහසුකම් මේ වන විට අප රටේ රෝහල් තුව ඇති අතරම තම වේදනාව අවම කරගැනීම ස`දහා වේදනා නාශක ලබාගැනීම මවකගේ අයිතිවාසිකමක්ද වේ.

ශ‍්‍රී ලංකාවේ භාවිත වන ප‍්‍රසූති වේදනාව අවම කරන වේදනා නාශක ක‍්‍රම

  •            නයිට‍්‍රස් ඔක්සයිඞ් වායුව

මෙහිදී මෙම වායුව මවට ඉරීමට සැලස්වයි. N2O වායුව මගින් වේදානව අවම කරවන අතර පළමුවර මෙය ඉරීමේදී වමනය, කරකැවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතර පසුව එම තත්ත්වය මගහැරී යයි.

  •               පෙතිඩින් ක‍්‍රමය

පැය හතරකට වරක් එන්නතක් ලෙස ලබාදෙන මෙම වේදනා නාශකය ලබා දිය හැකි වාර ගණන සීමිතය. ලංකාවේ බහුලවම භාවිත වන ප‍්‍රසූති වේදනාව අවම කිරීමේ ක‍්‍රමයක් වන පෙතිඩින් ක‍්‍රමයේදී ඖෂධ මවගෙන් දරුවාට ගමන් කිරීමට හැකි නිසා ප‍්‍රසූතියෙන් පසුව ළදරුවා සම්බන්ධව ගැටලූ මතුවිය හැකි වුවත් ඒ සදහා අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිමේ හැකියාව පවතී.

  •               එරිඩියුරල් ක‍්‍රමය

මෙය නිර්වින්දන ඖෂධයක් ලෙස භාවිත කරන අතර මවගේ පිටකොන්දේ පහළ කොටසට එන්නතක් ලෙස ඖෂධය ලබාදෙයි. මෙම ක‍්‍රමය භාවිත කිරීම සදහා පුහුණුවලත් වෛද්‍යවරුන් මෙන්ම හෙදියන්ද සිටිය යුතු අතර ප‍්‍රසූතියෙන් පසුව දරුවා මෙන්ම මවද ඉතා හොදින් නිරීක්‍ෂණය කළ යුතු වේ.

මෙහිදී සියුම් එන්නත් කටුවක් කොදු ඇට පෙළ අතරින් ඇතුළු කර ඒ හරහා කැතීටරයක් ඇතුළු කර එන්නත් කටුව ඉවත් කර කැතීටරය සිරුරට සම්බන්ධ කළ බටයක් තුළින් බෙහෙත් වර්ග ඇතුළු කෙරේ. මේ ආකාරයෙන් බෙහෙත් වර්ග ඇතුළු කළ පසු ගර්භාෂය සහ ගැබ් ගෙලෙහි සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායු තාවකාලිකව අඩපණ කරනු ලබන අතර ඒ නිසා වේදනාව නොදැනී යයි. මෙසේ කොන්දට ලබාදෙන එන්නත නිසා පසුකාලීනව කොන්දේ වේදනාව ඇති වේ යැයි වැරදි මතයක් සමාජය තුළ තිබුණද එවැනි තත්ත්වයක් මේ තුළින් ඇති වන්නේ නැත. එවැනි තත්ත්වයක් ඇති වන්නේ මව්වරුන් නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසාය. මෙම ක‍්‍රමය හොදම ක‍්‍රමයක් වුවද මිල අධික වීම හා පුහුණු පිරිස් අවම වීම වැනි හේතු නිසා භාවිතය අවම මට්ටමක පවතී.

ස්පයිනල් ක‍්‍රමය

සිසේරියන් සැත්මේදී යොදා ගන්නා ඉක්මණින් වේදනාව නැති කරන ක‍්‍රමයක් වේ. එන්නතක් ලබාදීම මගින් කොන්දෙන් පහළ කොටස අප‍්‍රාණික වන අතර එය යථා තත්ත්වයට පත්වීමට පැය 6ක පමණ කාලයක් ගතවේ. මෙම කාලය තුළ මුත‍්‍රාශය පවා අඩපණ වීම සිදුවන බැවින් මුත‍්‍රා ඉවත් කිරීමට කැතීටරයක් යොදානු ලබයි. ෆෝසෙප් ක‍්‍රමයට සිදුකෙරෙන ප‍්‍රසූතිවලදී පමණක් මෙම ක‍්‍රමය යොදාගන්නා අතර ඒ සදහා පුහුණු නිර්වින්දන වෙවද්‍යවරයෙකු අවශ්‍ය වේ.

 ඕනෑම මවකට දරු ප‍්‍රසූතියේදී ඇතිවන වේදනාවන් අවම කරගැනීමට අවස්ථාව මෙම ක‍්‍රම හරහා ලබාගත හැකි අතරම මෙවැනි ක‍්‍රම භාවිතය තුළින් අනවශ්‍ය ශල්‍යකර්ම මගහරවා ගැනීමටත් සාමාන්‍ය දරු ප‍්‍රසූතිය වෙත යොමු වීමට අවස්ථාව උදාවීමෙන් පසුකාලීනව ඇතිවන විවිධ සංකූලතාවයන්ගෙන් බැහැරවීමටත් ඒ තුළින් නොයෙකුත් වාසි අත්කර ගැනීමටත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගින් අද වන විට මව්වරුන්ට හැකියාව ලැබී ඇත.

වෛද්‍ය චාමින්ද මාතොට
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල
රාගම