free stats

දරුවෙකු ලැබෙන්න ඉන්න මවක් මොනතරම් නම් ආරක්ෂා වෙනවාද? ඇය ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් වෙනවා. අදින ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා. පළඳිව පාවහන් ගැන සැලකිලිමත් වෙනවා. කොටින්ම ඇවිදින පිළිවෙල , වැඩපළ කරන පිළිවෙල ඇගේ ඉරියව් පවත්වාගෙන යන ආකාරය ගැන පුදුම විදිහට කල්පනාකාරී වෙනවා. ඇත්තෙනම් මවක් වෙන්න පෙරුම් පුරන කාන්තාවක් මෙතරම් ආරක්ෂාකාරී වන්නේ ඇයගේ කුස තුල වැඩෙන දරුවාට හානියක් නොවී නිරෝගීව මෙලොවට බිහිකර ගැනීමටයි.

එහෙත් ඔබ දන්නවාද? ඔබ වඩාත් ප්‍රිය කරන ඔබේ ඇස් පිනවන මල් වර්ග, ඔබ බුදුන් වැදීමට උපයෝගි කර ගන්නා මල් වර්ග, මානසික සුවය ඇතිකර ගැනීමට යැයි සිතා ගෙවත්තේ ලස්සනට වගාකරන මල් වර්ගයන්, විසිතුරු පැළ වර්ගයන් ඔබට මෙන්ම ඔබගේ කුසතුල වැඩෙන දරුවාටද හානිකර තත්ත්වයන් ඇති කරන බව. ඔබව සදාකාලික රෝගීන් බවට පත්කරන බව පුදුමයි නේද? ඒත් ඇත්තයි.

විශේෂයෙන්ම ඇතැම් ශාක විවිධ කාගුණික තත්ත්වයන් යටතේ ශරීරයට අහිතකර විවිධ වයිරස් හා බැක්ටීරියාවන් පිටකරමින් ඔබව රෝගී කරනවා පමණක් නොව ඔබගේ කුසතුල වැඩෙන දරුවා ද රෝගියෙකු බවට පත් කරනවා. විශේෂයෙන්ම අරලිය වර්ග විවිධ කාලගුණික තත්ත්වයන් යටතේ විවිධ මාරාන්තික විස කාරකයන් නිකුත් කරමින් අපව රෝගීන් බවට පත් කරයි. මෙම විස ආග්‍රහණය වීමෙන් මිනිසා ක්ෂණයකින් රෝගීන් නොවුවද ඔහුව ටිකෙන් ටික රෝගියෙකු බවට පත්කරන අතරම මරා දැමීමට ද හැකියාව පවතී.

අරලිය කියන්නේ ලස්සන මලකි. එයින් අමුතු සුවඳක් ද හමයි. මේ ලස්සන සුවඳ මල් වර්ගය බුදුන්ට පුජාකිරීමට බොහෝ දෙනෙක් කැමතියි වගේම බොහෝ දෙනෙක් පූජා කරති. එහෙත් බොහෝ විස නිකුත්කරන අරලිය ශාකය ගැබිණි මව්වරුන්ට ආග්‍රහණය කිරිම තබා එම ශාකයේ වැදී හම සුළඟ හෝ වැදීමට සුදුසු නොවේ.

තවද අප හැමගේම ගෙවත්තේ ලස්සනට වගා කරන වතුසුද්ද ශාකය ද මාරාන්තික විෂ වර්ගයන් නිකුත් කරන ශාකයකි. වතුසුද්ද ශාකය නියඟලා වර්ගයට අයත් වූවකි. වතුසුද්ද කියන ශාකය ප්‍රභේද ගණනාවක්ම තියනවා. මේ සියලු‍ම ප්‍රභේදයන්ගේමාරාන්තික විෂ රසායනිකයන්ගෙන් යුක්තය. ග්‍රෑම් 800 ප්‍රමාණයක් ශරීර ගත වුණොත් නියත වශයෙන්ම මරණයට පත්විය හැකිය. ගර්භණී මවක් නම් වතුසුද්ද ගසක් ආසන්නයට හෝ යාම ඉතාමත් අවදානම් තත්ත්වයකි.

අංශු මාත්‍රාවක ප්‍රමාණයක් ශරීර ගත වූ විට එනම් මාස ගණනාවක් පුරා ඇල්පෙනෙති තුඩක ප්‍රමාණයක් ශරීර ගත වුවහොත් ඇතිවිය හැකියි. ගැස්ට්‍රයිටිස් තත්ත්වය වැළැක්විය නොහැකියි. කොන්දේ සහ බෙල්ලේ වේදනාවන් ඇතිවේ. සමස්ථ ස්නායු පද්ධතියම වේදනාවකට පත්වෙයි. අවසානයේදි මවට හා දරුවාට සිදුවිය හැකි හානි විශාලය. වතුසුදු කියන ශාකයේ වැදී එන සුළඟයක් හුස්ම ගැනීමට ගැබිනි මව්වරුන්ට සුදුසු නොවේ.

වතුසුදු ගසේ ප්‍රභේද අටක් පවතිනවා මේ අටම මාරාන්තිකයි. දරුවෙකුගේඅතේ කිරි ගෑවුණොත් මෙය නියපොතු හැලීමට වුවද හේතුවක් වන්නේය. මෙහි කුලය කනේරුය. උතුරු ඉන්දියාව සහ ඇමරිකාව නිජබිම කරගත් ශාකයක් ශාකය ශ්‍රි ලංකාවට සහ ආසියානු අප්‍රිකානු කලාපය තුල ව්‍යාප්ත කිරිමේ අරමුණ වුයේ රෝගී දරු පරපුරක් ඇති කිරිකිරීම බවට මත පළ වේ.

දරුවෙකුගේ අතේ වතුසුදු කිරි ගෑවි වාර 6,7 සබන් ගා සේදුවත් විස අයින් නොවේ. මෙහි පුංචි පුංචි විස ශරීර ගතවෙීමෙන් ලේ ධාතුව හා ස්නායු පද්ධතිය කුළ ක්‍රමානුකූලව විවිධ රෝගතත්තවයන් ඇතිකරයි. ඇසේ සුද ඇති කිරීමට තරම් මේ වතු සුද්ද ශාකය විශ සහිතය. වතුසුද්ද ශාකය අපේ රටේ පැඟිරි කුලයේ ශාක විනාශ කර දැමීමට හේතු වූ බව මේ වන විට හෙළිදරව් වි පවතී.

ශ්වසන පද්ධතියට වයිරස්, බැක්ටීරියා, දිලීර හා මයිටාවන් ඇතුළු කරන ශාක වර්ගයන් තියෙනවා. ඒ ශාක වර්ගවලට උදාහරණයන් තමයි ඇලෝකීරියා, සයිප්‍රස් ෂැගෝෆාම් විශේෂයේ තවත් බොහෝ ශාක වර්ගයන් තියෙනවා. ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන මේ ශාක වර්ග බොහෝ දෙනෙකු තම ගෙවත්තේ සිටුවා ගැනීමට පෙළඹි තිබේ.

මේ සමහර ශාක වලින් වයිරස් බැක්ටීරියා පිට කර එය ගුවනේ පා කර හරීයි. මේවා පුද්ගලයෙකුට ශ්වසන ආබාධ ඇස්වල දුර්වලාතා හා පිළිකාවන් ඇති කිරීමට හේතුවක් වේ. ගර්භනී මවකට මෙය ආග්‍රහණය වුවහොත් කුසතුළ වැඩෙන දරුවාට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.

කොවිඩ් වසංගතයක් සමග මේ වන විට විශාල වශයෙන් අලවි වන ශාකයක් ලෙස “සැන්සවේරියා” නැතහොත් “ ස්නෙක් පොයිසන්” ශාකය හදුන්වා දිය හැකිය. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් පිටකරන බව අගවමින් බොහෝ දෙනෙකු සදහන් කළද මෙම ශාකයෙන් ඇත්ත වශයෙන්ම පිට කරන්නේ නයි විසයි. මේ නිවෙස් තුල තියා ‌ගෙවත්තේ හෝ තබා ගැනිමට කිසිසේතම සුදුසු නොවේ.

අපිව ලෙඩ කරන අපේ පෝෂණය නැති කරන අපේ සිතුවිලි වෙනස් කරන විස්මිත විනාශකාරී ශාක බොහෝමයක් අපි අපේ ගෙවත්තේ ජීවත්වීමට ඉඩ ලබා දී තිබේ. එසේ නම් බොහෝ විට ඔබ
නොදැනුවත්වම ගෙවත්තට කැන්දාගෙන තිබෙන විශකාරක ශාක වර්ගයන් ගලවා විනාශ කිරීමට අදම කටයුතු කිරීම වැදගත් නොවන්නේද?

සටහන – ශ්‍රියානි විජේසිංහ

පරිසර හා මානව හිතකාමී ජාතික සංගමයේ සභාපති
පරිසර ගවේෂක – පී.එම්. එදිරිසිංහ මහතා