දරුවෙකු බිහිකළ මවකට සති 6කින් පසුව නැවත ලිංගික සබදතාවන් පැවැත්විය හැකිය. ඒ අනුව ඇය නැවත ගැබ්ගැනීමේ අවස්ථාවද පවතින බැවින් ඇය නිවස බලා යාමට පෙර පවුල් සැලසුම පිළිබදව දැනුවත් කර ඇයට සුදුසු සැලසුම්ක්රමය ලබා දීමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ වගකීමකි. එයට හේතුව දරුවන් අතර නිසි පරතරයක් පවතින්නේ නම් එය දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද සිතට සතුට සමාදානය පමණක් නොව කයට සෞඛ්‍ය වාසි රැසක්ම හිමිකර දීමට සමත් වන බව වෛද්‍ය විද්‍යානූකූලව පැහැදිලි කර දී තිබේ.
මවකට දරුවන් නිසි පරතරයකින් යුතුව බිහිකිරීමේ වගකීම ඇය හා ඇගේ සැමියාට පමණක් හිමි නොවන්නකි. එහි යම් වගකීමක් පැවරෙනුයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටය. ඔවුන් පවුල් සැලසුම පිළිබදව මාතෘ සායනයට පැමිණෙන සියලු මව්වරුන්ව දැනුවත් කළ යුතුය. මන්ද මවක් පවුල් සැලසුම පිළිබදව නිසි දැනුමක ලබා ගන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙනි.
කාන්තාවක් දරුප්‍රසූතියක් සිදුකර නිවස බලා යාමට පෙර පවුල් සැලසුම් ක්‍රම පිළිබදව ඇයට පුළුල් දැනුමක් ලබා දීමටත් ඇයට ගැලපෙන පවුල් සැලසුම් ක්‍රමය පිළිබදව දැනුවත් කර එය ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යුහුසුළු වය යුතුය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම වගකීම් නිසි පරිදි ඉටුනොකිරීමේ ප්‍රතිපලය වන්නේ පලමු දරුප්‍රසූතියෙන් පසුව මාස 4න් හෝ 5 ඇය නැවතත් ගැබ්ගැනීමය. මෙවන් තත්ත්වයකදී මවත් කිරිබොන දරුවාත් පමණක් නොව කුසතුළ වැටෙන දරුවාටද සිදුවන්නේ අයපහතක. මේඅනුව කුමන තරාතිමේ මවක් දරුප්‍රසූතිය සදහා පැමිණිය ද දරුවා බිහි කිරීමෙන් පසුව සිදුකර ගන්නා වූ පවුල් සැලසුම ක්‍රමය පිළිබදව දැනුවත් කිරීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ වගකීමකි.
දරුවෙකු ලැබීමෙන් පසුව බොහෝ මව්වරු විශ්වාස කරනුයේ සති තුනක් යන තෙක් ගැබ් ගැනීමක් සිදු නොවන බවය. එහෙත් එහි කිසිදු සත්‍යයක් නැත. එහෙත් දිවා කාලයේදී අවම වශයෙන් පැය 4ට වරක් හා රාත්‍රී කාලයේ පැය 6ට වරක් මව්කිරි දෙන මවක් නම් දරුවෙකු පිළිසිද නොගනු ඇත. එහෙත් මවක් දරුවාට නිසි පරිද මව්කිරි ලබා නොදෙන්නේ නම් දරුවා ඉපදි මාස 2ක් පමණ කාලයක් ගතවීමේදී ඩිම්බ පිටවීම සිදුවේ.
මාස හතරක පමණ දරුවෙකු නිවසේ සිටින මවක් නැවත ගැබ්ගැනීමක් සිදු වුවහොත් ඇය කුමක් කළ යුතුද? ලංකාවේ පවතින නීතියට අනුව ඇයට ගබ්සාවක් කර ගත නොහැකිය. මෙවන් අවස්ථාවක එම මව මුහුණ දෙන ගැටලු වලට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මුළුමනින්ම වගකිව යුතුය. දරුවෙකු ප්රසූත්ිකර මව්වරුන් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කථා කළ යුතුය. ඇය දරු ප්‍රසූතියෙන් පසුව භාවිත කරන පවුල් සැලසුම කුමක්ද? ඒ පිළිබද විස්තර එයින් මවට හා දරුවාට සිදුවිය හැකි බලපෑම් මව තෝරා ගන්නා පවුල් සැලසුම් පිළිබදව ඇය මනා අවබෝධයක් ලබා දීම එයින් යම් අතුරු ආබාධයන් ඇති වන්නේද එසේ වුවහොත් කල යුත්තේ කුමක්ද යනාදිය පිළිබදව මවවරුන්ව දැනුවත් කිරීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ වගකීමකි” ඔවුන්ට නිසි දැනුමක් ලබා නොදෙනතාක් ඒ සදහා වන නැඹුරුව අවම වනු ඇත.
හෘද රෝගී මවක් ගැබ් ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වන්නේය. ඇය බරපතල අවදානම් තත්ත්වයක පසු වන අයෙකි. යම් හේතුවකින් හෘදරෝගී මවක් දරුවෙකු බිහිකළා යැයි සිතමු. ඇය නැවත වරක් ගැබ් ගතහොත් මරණයට පත්වීමේ දැඩි අවදනමක් තිබේ. මෙම අවදනම් තත්ත්වය පිළිබදව මව දැනුවත් කර ඇය දෙවන වර ගැබ්ගැනීම වැලැක්වීම සදහා ඇයට පවතින ජීවිත අවදනම පිළිබදව දැනුවත් කර ස්ථීර පවුල් සැලසුම් ක්‍රමයක් හදුන්වා දීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ වගකීමකි.
මවක් යම කායික රෝගයකින් පෙළෙන්නේ නම් ඇයව එම රෝගය සම්බන්ධයෙන් දැනුවත් කර උචිත පවුල් සැලසුම් ක්‍රමයක් හදුන්වා දීය වැදගත්ය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සිටින අයගෙන් සිදුවන අතපසුවීම හේතුවෙන් පවුල් සැලසුම් සේවාවන් ලබා ගැනීමට බොහෝ කාන්තාවන්ට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතු කාලය එළඹ ඇත. එසේ නොවුණහොත් රැකගැනිමට හැකිව තිබෙන ජීවිත අපට රැකගැනීමට නොහැකිවනු ඇත.
සටහන – තාරකා ළිදකුඹුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය අතුල කළුආරච්චි