free stats

වෙළඳපලට එන විවිධ විටමින් වර්ග අරගෙන බොන්න වගේම ඇගේ ගාන්නත් පෙළබෙන අපේ බොහෝ දෙනා එයින් ඇතිවෙන අතුරු ආබාධ පිළිබඳව සැලකිලිමත් වන්නේ නැහැ. නමුත් කිසිදු අතුරු ආබාධයක් නොමැතිව අවශ්‍ය පෝෂණය ලබාගන්නට පුළුවන් ඉතාම වටිනා පෝෂකයන් දෙකක් තිබෙනවා. විටමින් E සහ ඔලිව් තෙල් වලින් සමට සහ කෙස්වලට ලබාගත හැකි ප්‍රයෝජන අතිවිශාලයි. පුංචි පැටවුන්ගේ සමට වගේම හිසකෙස් වලටත් ඔලිව් තෙල් සහ විටමින් E හොදින්ම ගැලපෙනවා. මෙම ආලේපන දෙවර්ගයම ස්වාභාවික ආලේපන නිසා පැටියා ගේ සමට වගේම හිසකෙස්වලට මනා පෝෂණයක් ලැබෙනවා මෙන්ම පැටියාට සිසිලක් දැනෙනවා.

සමට ඔලිව් තෙල්

පැටියාගේ සමේ ඔලිව් තෙල් ගල්වලා සෙමින් සම්බාහනය කරන්න පුළුවන්. එයින් පැටියාගේ සමට සිසිලක් දැනෙනවා. ලප කැලැල් ඉවත් වෙලා සම පැහැපත් වෙනවා වගේම දද කුෂ්ඨ ඇතිවීමත් වළක්වාගන්න පුළුවන්. මෙවැනි සම්බාහනයකට පස්සේ පැටියාට සුව නින්දකුත් ලැබෙනවා. ඒ වගේම පැටියාගේ සම සිනිඳු කරමින් දීප්තිමත් කරන්නටත් ඔලිව් තෙල්වලට පුළුවන්කම තිබෙනවා. පැටියාගේ මතුපිට සම විතරක් නෙවෙයි ඇතුළත තිබෙන පටකවලට පවා මේ පෝෂණය බලපානවා.

හිසකෙස් සඳහා විටමින් E

පැටියාගේ හිස කෙස්වලට වඩාත්ම හොඳින් ගැලපෙන ආලේපනයක් ලෙස විටමින් ෑ හඳුන්වාදෙන්න පුළුවන්. විටමින් E මඟින් පැටියාගේ හිසකෙස්වලට වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්න හැකියාව තියෙනවා. පැටියාගේ හිසකෙස් ඉක්මනින් වර්ධනය වෙන්න ඒ වගේම ශක්තිමත් වෙන්නත් විටමින් E වඩාත් සුදුසු වනවා. ඒ වගේම හිසේ ඇතිවන සම ගැලවීම මෙන්ම පොතු ගැලවීම වගේ ගැටලුත් සුව කරගන්න පුළුවන්. පැටියාට සනීපවත් සුව නින්දක් ලැබෙන්නත් මේ සත්කාරය හේතුවෙනවා.