free stats

වර්තමාන සමාජය විසින් සනීපෙන් සිටින දරුවක-ු ලෙස සලකන්නේ බර වැඩි දරුවකුය. එනම් පෘෂ්ඨිමත් දරුවකු (චබී) සිටීනම් එම දරුවා සනීපෙන් සිටිනවා යැයි අම්මලා සහ මිත්තනියන් ඉතා සතුටින් සිටී. එම නිසා පෘෂ්ඨිමත් බව අඩු දරුවන් සිටින අම්මලාගේ සහ මිත්තනියන්ගේ බලාපොරොත්තුවද හැකි තැරම් විවිධාකාර ආහාර වර්ග නිතරම ආහාරයට ලබා දී පෘෂ්ඨිමත් තත්ත්වයට පත්කර ගැනීමයි.

එහෙත් වෛද්‍ය විද්‍යාවට අනුව දරුවකු සෞඛ්‍ය සම්පන්නව සිටීම ලෙස විග්‍රහ කරනුයේ උසට සරිලන බරක් හෝ වයසට සරිලන නිසි බරක් තිබීමයි. එය මන්ද පෝෂණ තත්ත්වයක් හෝ අධිබර හා ස්ථූලතාවය නොවන බව ඔබ විසින් වටහා ගත යුතුය.

එනම්, ළමා සෞඛ්‍ය වර්ධන සටහනේ බර සළකු-ණු කළ විට රෝස පාට තීරුවේ සිටී නම් හෝ ඔබගේ දරුවාගේ උසට සරිලන බර රෝසපාට තීරුවේ තිබේ නම් එම දරුවා අධි බර හෝ ස්ථූලතාවයෙන් පෙලිය හැකිය.

එම ස්ථූලතාවය නිසා දරුවාට ළදරු කාලයේදී මෙන්ම පාසැල් කාලයේදීත්, තරුණ අවධියේත්, වැඩිහිටියකු ලෙසත් විවිධ සෞඛ්‍යමය හා සමාජීය ප්‍රශ්න රැසකටම මඟ පෑදිය හැකිය.

එහිදී කුඩා දරුවකු ලෙස කය වෙහෙසා කරන සෙඨල්ලම් කිරීමට අකමැති වේ. ඒ අනුව රූපවාහිනිය නැරඹීම ආදී කය වෙහෙසා කරන කටයුතු වලට කැමැත්තක් දක්වයි. එසේම අධි ස්ථූලතාවයට දරුවා පත්වීම නිසා පෙර පාසලේදීත් දරුවා අනෙකුත් දරුවන්ගේ උසුළු විසුළුවලට ලක්වීමද සිදු වේ.

තවද, පෙර පාසලේදී ක්‍රීඩා සඳහා සාභාගිවීමේදී, තම මිතුරු මිතුරියන් සමඟ ක්‍රීඩා කිරීමේදීත් නිසි තරඟකාරීත්වයක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා විය හැකිය. මෙවැනි අවස්ථාවලදී කුඩා දරුවා මානසිකව අසරන තත්ත්වයකට පත්විය හැකිය.

බෙල්ලෙහි ඇති තරබාරුකම නිසා රාත්‍රී කාලයේදී නිසි නින්දක් නොලැබීයාමේ අවධානමට ලක් වීමට දරුවාට සිදු වේ. මෙවැනි දරුවන් රාත්‍රී කාලයේදී නින්දෙන් ගොරවන අතර එම ගෙරවීමත් සමඟ අවදි වී යළිත් නින්දට යයි. මෙම අවස්ථාවේදී නිසි නින්දක් නොලැබී යාමෙන් දරුවා දිවා කාලයේදී නිදිමත බවක් පෙන්වයි. මෙය පාසලේදී තම මිතුරු මිතුරියන් මෙන්ම ගුරුවරුන්ගේ උසුළු විසුළුවලට ලක්විය හැකි කාරණාවකි. මේ නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කිරීමත් අපහසු වේ. අවසානයේ දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩපණ වීමටද මේ තත්ත්වය හේතුවිය හැකිය.

කුඩා කල සිටම මෙසේ පෘෂ්ඨිමත් වීම නිසා තරුණ විය එළබෙත්ම දියවැඩියාව අධික කොලෙස්ටරෝල්, හෘදයාබාධ, හන්දි ආබාධ, මඳ සරු භාවය, මෙන්ම මානසික ව්‍යාකූලතාවයට ද හේතු විය හැකිය.

එමනිසා දෙමාපියන් ලෙස ඔබගේ වගකීම වනුයේ දරුවා කුඩා කාලයේදී හැකි තරම් ආහාර කෑමට ලබාදීම නොව දරුවාට අවශ්‍ය ප්‍රමාණයට සමබර ආහර වේලක් ලබා දීමයි. මීට අමතරව දරුව කය වෙහෙසා කරන ව්‍යයාම යොමුකළ යුතුය. රූපවාහිනිය, පරිගණකය වැනි කය නොවෙහෙසා කරන කටයුතු සඳහා ගත කරන කාලය සීමා කිරීමටද වැදගත් වේ.

දරුවා දිනපතාම ව්‍යායාමයෙහි යෙදීම ඉතා වැදගත්ය. මෙය දරුවාට පමණක් නොව පවුලේ සියලු දෙනා අනුගමනය කිරීම දරුවාගේ මෙන්ම ඔබගේත් සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගෙන යාමට උපකාරී වනවා ඇත.

නිරෝගීව සිටින දරුවකු යනු කවරකුදැයි මෙම ලිපිය කියවීම තුළින් අවබෝධ වන්නට ඇත. එම නිසා දරුවා පෘෂ්ඨිමත් කිරීම පසෙකලා දරුවාට සමබර ආහාර වේලක් ලබා දී නිරෝගී දරුවකු රටට දායාද කිරීම සෑම මවකගේම පියෙකුගේම යුතුකමයි.

ශික්‍ෂණ රෝහල කරාපිටිය
ළමා රෝග පිළිබඳ විශේෂඥ
වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අරුණද සිල්වා මහතා

සටහන සිල්ජා ජයසේකර