free stats

දරුවන්ට ආදරය හා සෙනෙහස දැක්වීම දෙමාපියන් හැටියට අපට ඉතාම ස්වභාවිකවම කළ හැකි දෙයකි. දැනට සිදු කර ඇති සංකීර්ණ අධ්‍යනයන්ට අනුව අම්මාගේ ආදරය දරුවාගේ මොළයේ වර්ධනයට බෙහෙවින් හේතුවේ. ඔබේ දරුවාට දක්වන අසීමිත ආදරය ඔහුට අනාගතයේදී හපන්කම් පෙන්වන්න මහත් සේ ආධාර වන බව ඇත්තකි. කුඩා කාලයේ සිට මව්වරුන්ගෙන් ලැබෙන ආදරය හා සෙනෙහස නිසා ඔවුන් හුරුබුහුටි හපනුන් බවට මෙන්ම ඉගෙනීමටත් දක්‍ෂ වන්නේය.

ඇමරිකාවේ ශාන්ත ලුවිස් නගරයේ පිහිටා ඇති වොෂින්ටන් විශ්වවිද්‍යාලෙය් වෛද්‍ය පාසැල මගින් පැවැත්වූ අධ්‍යනයකින් මේ බව පැහැදිලි වී තිබෙනවා.

එම අධ්‍යනයට අනුව මව්වරුන් විසින් ඇති දැඩිකළ රැකබලා ගත් පාසැල් යන වියේ පසු වූ දරුවන්ගේ මොළය විශාල හිපෝ කැම්පසයක් සහිත වන්නේය. හැඟීම්, මතකයන් ආදිය මෙහෙය වන මෙම හිපෝ කැම්පසය විශාල වීම නිසා එම දරුවන්ට ඉගෙනීමේ කටයුතු වලට අවශ්‍ය මතක තබා ගැනීමේ ශක්තිය තීව්‍ර වන බවත් මානසික ආතතියට මුහුණ දිය හැකි ශක්තියක් හිමිවන බවත් මෙම අධ්‍යයනය මඟින් හෙළිකර ඇත. මොළය පිළිබඳව ගනු ලබන ඡායාරූප වලට අනුව මවගේ ආදරය හා සෙනෙහස නිසා ඔහුගේ හිපෝ කැම්පසය සියයට 10 කින් විශාල වීම සිදු වී ඇත. එසේම මෙම තත්ත්වයට පත්ව සිටින දරුවන් වැඩිවියට පත්වීම මෙම පර්යේෂකයින් ගේ විශේෂ අවධානයට යොමු වී ඇති අතර පෙර ළමා වියේදී දෙමව්පිය සෙනෙහස ඔවුන්ගේ මොළයේ සෙසු අංශ කෙරේ බලපාන අන්දම කෙරේ විශේෂ අවධානයක් එම අධ්‍යයනය සිදු කල පර්යේෂකයින් දෙමව්පියන්ට මෙම උපදෙස් යොමු කොට තිබේ.

දරුවා රැක බලා ගැනීම මෙන්ම සහාය වීමද ඔබ විසින් කළ යුතුය. ඔබගේ දරුවාගේ පෙර ළමා වියට ආධාර වන ගුරුවරයා නිතර හමු වී දරුවාට සහය විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරන්න. නිවසේදී ඔහුට හිමිවන ආදරය, සෙනෙහස හා සහයෝගය පංතියේදී ද ලැබිය යුතු වේ. නිවසත් පාසැලත් ආදරය කැටිවුනු ස්ථාන බවට පත්වීම අවශ්‍ය වේ.

ඔබගේ ආදරය ඉතාම වැදගත්


දරුවන්ගේ හැසිරීම් ප්‍රශ්න ඇතිවීම වැළැක්වීමට මව සමඟ ඉතාම උණුසුම් එසේ දැඩි සම්බන්ධයක් පැවතිය යුතුය. දෙමාපියන් ආදර්ශයට ගැනීම දරුවන් විසින් කරනු ලබන නිසා දරුවන් සමඟ ඉතාම කිට්ටු සබඳතාවයක් නොපැවැත්වුව හොත් ඔවුන් ඔබව ආදර්ශයට ගැනීම අත්හරිනු ඇත. එවිට ඔවුන් වැඩිහිටි අවධියට පා තැබූ පසු එම සබඳතාවයේ හොඳ පැත්ත ආදර්ශයට ගැනීම අමතක කරනු ඇත.

කැඩපතක දකින ලෙස දරුවන්ට හුරු කිරීම.


පර්යේෂණ වලට අනුව ඔබගේ චිත්ත ස්වභාවය ඔබගේ හැසිරීම් හා දරුවන් රැක බලා ගන්න ආකාරය අනුව දරුවන් තුළ ස්ථාපිත කිරීමට හැකිවේ. හොඳට හෝ නරකට සාමාන්‍යයෙන් දෙමව්පියන්ගේ චිත්ත ස්වභාවයන් අනුකරණය කිරීමට දරුවන් පුරුදු වී සිටිනවා. තවත් අයුරකින් පැහැදිළි කළහොත් ඔබ සිනහ වන විට දරුවාද සිනාසෙනවා. එවිට ඔහුගේ මොළය සිනහ වීමට අවශ්‍ය ලෙස හැඩගැසෙනවා.

විශේෂිත කාල පරාසයක් දරුවා සමඟ ගත කරන්න.


විශේෂිත කාල පරාසය යනු දරුවා ඇති දැඩි කිරීමටත් ඔහු සමඟ නිදහසේ කථ බහ කිරීමටත්, යොදා ගනු ලබන කාලයයි. දරුවන් හා දෙමාපියන් අතර අර්ථවත් බැදීමක් ඇති වන්නේ මෙම විශේෂිත කාල සීමාව තුළදීයි. මේ අයුරින් දරුවන් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ එමගින් ඔවුන් ඉතාම සතුටු එසේම ආත්ම විශ්වාසයක් හා වගකීම් සහිත වැඩිහිටියන් බවට පත්කරලීම සඳහායි. කෙතරම් වැඩකටයුතු පැවතියද ලැබෙන හැම අවස්ථාවකදීම දරුවා බදාගෙන වැළඳ ගනිමින් ඔවුන් ගැන අවධානය යොමු කරන බව වටහා ගන්නවා සේම ඔවුන්ගේ සිත් තුළ අමුතු උත්තේජනයක් ඇති කරනු ලබනවා.

දෙවියන්ට හැමතැනම එක්වර සිටිය නොහැකි නිසා ඔහු විසින් අම්මාවරු මවා තිබෙනවා.. ”
යුදෙව් ප්‍රස්ථා පිරුලක්.

ශාන්ත ලුයිස් හී වොශින්ටන් විශ්ව විද්‍යාල වෛද්‍ය පාසල ඇමරිකාවේ සරසවි පාසල් අතර හයවෙනි ස්ථානය දිනාගත් විශ්ව විද්‍යාලයකි. 2015 වසරේ පමණක් එහි පර්යේෂණ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 613ක් වියදම් කර තිබේ.