උදරාබාධ එහෙමත් නැත්නම් බඩේ අමාරු කියන්නේ ඕනම කෙනෙකුට ඇතිවන රෝග ලක්ෂණයක්. මේ අතරින් කාන්තාවන්ට පමණක් විශේෂ වුණු ඔසප් වේදනාව සමඟ ඇතිවන බඩේ අමාරුවක් තිබෙනවා. නමුත් මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඔය කියන උදරාබාධ ගැන නම් නෙවෙයි. ගර්භණී සමයට පමණක් ආවේණික මෙවැනි රෝග තත්ත්වයන් තිබෙනවා. මේ කියන සාමාන්‍ය උදරාබාධ ඕනම එකක් ගර්භණී සමයේ ඇතිවෙන්න පුළුවන්. නමුත් වඩාත් වැදගත් වන්නේ ආවේණික සහ නොවන සියලු උදරාබාධ පිළිබඳව දැනගෙන සිටීමයි.
මේ අතරින් අතින් අල්ලන විටත් දැඩි වේදනාවක් දැනෙන උදරාබාධ ඉතාම භයානකයි. මේ තත්ත්වය නිකන්ම බඩේ වේදනාවක් දැනෙනවාට වඩා සැලකිලිමත් වියයුතු තත්ත්වයක්. වෛi ප්‍රතිකාර සඳහා යන්නට පෙර උදරාබාධය දැනෙන ආකාරය පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වනවා.
රිදෙන පැත්ත
රිදෙන තැන
වේදනාවේ ස්වරූපය, එනම්
කඩින් කඩ ඇතිවන වේදනාව, දිගටම පවතින වේදනාව, එන්න එන්න වැඩිවෙන වේදනාව, අඩුවෙමින් යන වේදනාව, යන ස්වරූපයන් පිළිබඳව අවබෝධය ඉතාම වැදගත්. බොහෝ දෙනෙක් වෛද්‍යවරයාට තම වේදනාව පැහැදිලි කරනවිට
“අම්මෝ මැරෙන්න තරම් රිදෙනවා, කකියනවා, ඉවසන්න බෑ” වැනි කතා කියනවා. මේ නිසා වෛද්‍යවරයාට ඔබේ තත්ත්වය නිසි පරිදි හඳුනාගන්න බැහැ. වේදනාව ඇතිවන ආකාරයෙන් රෝග තත්ත්වය අනුමාන කරන්න පුළුවන්. මේ නිසා නිවැරදි තොරතුරු ලබාදීම වෛද්‍යවරයාටත් ඔබටත් පහසුවක් වනවා. වැඩියෙන් ලෙඩ කියන්න ගියාම නැති ලෙඩවලට බෙහෙත් බොන්න වෙන්නෙත් ඔබටමයි.
මීළඟ වැදගත් කරුණ වෙන්නේ උදරාබාධය ඇතිවෙන්නේ, වැඩිවෙන්නේ හෝ අඩුවෙන්නේ මොන විදියේ ක්‍රියාකාරකම් කලාම ද කියන කාරණය.
සාමාන්‍ය කාර්යයක නිරත වෙනකොටත් රිදෙනවද
වැසිකිලි ගියාම අඩුවෙනවද එහෙම නම් ඒ බඩ වැල ආශ්රිත රෝගයක ලක්ෂණයක්, මුත්‍රා පිට කලාම අඩුවෙනවද එහෙම නම් ඒ මුත්‍රා මාර්ගය සම්බන්ධ රෝගයක ලක්ෂණයක්, ඉස්සරහට නැමුනාම අඩු වෙනවද එහෙනම් ඒ අගන්‍යාසය සම්බන්ධ රෝගයක ලක්ෂණයක්, විදියට හඳුනාගන්නවා. ඒ නිසා එවැනි විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.
ඒ වගේම කලින් මෙවැනි උදරාබාධයක් තිබුණ ද, ඒ කොයි පැත්තට වෙන්නද, කැක්කුම වෙනත් ඉන්ද්‍රියකට පැතිරෙනවද, කියන එකත් මතකයේ තබාගත යුතු කරුණක්. උදාහරණයක් විදියට යටි බඩ රිදෙනවා නම්, හැමතිස්සෙම මුත්‍රා පිටවෙනවා නම්, මුත්‍රා ගියාම සනීපයක් දැනෙනවා නම්, ඒ තත්ත්වය මුත්‍රා ආසාදනයක් ලෙස හඳුනාගන්න පුළුවන්.
බඩේ මුදුනෙන් එන වේදනාවක් පපුව දක්වා යනවා නම් එය ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් විදියට හඳුනාගන්නවා. උදරාබාධය බුරිය වටා ගිහින්, බඩේ දකුණු පැත්තට යනවා නම් ඒ තත්ත්වය ඇපෙන්ඩික්ස් තත්ත්වයක්. උණ, වමනය, කෑම විස වීම, බඩ බුරුලට යාම සමඟ උදරාබාධයක් එනවා නම් ඒ කෑම විසවීමක් වෙන්න පුළුවන්.
නමුත් මේ තත්ත්වයන් ගර්භණි නොවන කාන්තාවන්ටත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණි සමයටත් ඇතිවෙන්න පුළුවන්. කොයි කාලෙදි ඇතිවුණත් ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයි.
දැන් අපි බලමු ගර්භණී සමයට පමණක් ආවේණික උදරාබාධ මොනවද කියලා.
ගැබිනි සමයේ මුල් කාලයේ ඒ කියන්නේ මුල් සති 12 දී ඇතිවන උදරාබාධය භයානක තත්ත්වයක්. දරු ගැබට හානියක් වුණා කියන්න පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. වරින් වර එන උදරාබාධයක් එක්ක රුධිරය පහවීමකුත් තියෙනවා නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවා. ඒ වගේම පැලෝපීය නාලවල ඇතිවන දරු උපත්වලදී ත් (ෑජඑදචසජ චරුටබ්බජහ) වලදීත් අධික උදරාබාධ තත්ත්වයක් ඇතිවිය හැකියි. අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මඟින් ඒ බව සනාත කරගන්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ ඉක්මනින් රෝහල්ගත වීමයි.
ගර්භණි සමයේ දෙවන ත්රයිමාසිකයේ අඩු දිනවලින් දරුවා බිහිවීම සිදුවුවහොත් අධික උදරාබාධයක් ඇතිවනවා. මේ අවස්ථාවේ තුනටිය හරහා කඩින් කඩ ඇතිවන කැක්කුමක් හඳුනාගන්න පුළුවන්.
අවසාන මාස තුනක කාලයේ ප්‍රසූතිය ආසන්නයේ ඇතිවන්නේ ප්‍රසව වේදනාවයි. නමුත් දෙවන සහ තුන්වන කාර්තුවේ ්චරමචඑසදබ දf එයැ චක්ජැබඒ නම් තත්ත්වයක් ඇතිවනවා. මෙහිදි සිදුවන්නේ නිසි ස්ථානයේ පිහිටා ඇති වැදෑමහ ගැලවීම හා ගර්භාෂය තුළ සිදුවන රුධිර වහනයයි. මේ අවස්ථාවේ උදරය අල්ලන්න බැරි තරම් අධික වේදනාවක් ඇතිවනවා. ෆයිබ්‍රොයිඩ් තත්ත්වය තිබෙන අයට ගර්භණි වීමේ දි ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල වීම හා නරක් වීම නිසාත්, ඩිම්බ කෝෂ ගෙඩි ඇතිවීම හා ඒ නිසා ඩිම්බ කෝෂ ඇඹරීමෙනුත් අධික වේදනා සහිත උදරාබාධ මතුවනවා. ඩිම්බ කෝෂ පිළිබඳ තත්ත්වයේ දී නම් වමනය ඇතිවන්නත් පුළුවන්. කලින් අවස්ථාවේ සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකළ මවක් නම් මේ වතාවේ අවසාන කාර්තුවේ ප්‍රසූතිය ආසන්න වන විට ගර්භාෂයට දැමු සිසේරියන් මැහුම ඇදීම නිසා වේදනාවක් ඇතිවිය හැකියි. අත තියන විටත් රිදෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.
ශ්‍රෝණි මේඛලාවේ අස්ථි බඩ යටින් සහ යෝනි මාර්ගයට උඩින් සවිවනවා. මේ අවස්ථාවේ ඇවිදින විට තුනටිය රිදෙන්න පුළුවන්. දරු ප්‍රසූතිය සඳහා අස්ථි බුරුල් වන විට දැනෙන්නෙත් මේ ආකාරයෙන්මයි. ඒ තත්ත්වය භයානක නැහැ. මෙය හඳුන්වන්නේ ඔයැ ක්දජජහං නමින්. එහිදි වේදනාව කකුල දිගේ දුවනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්.
සැලකිය යුතුයි
මෙවැනි කිසිඳු උදරාබාධයක් සඳහා නිවසේ දී කළ හැකි ප්‍රතිකාර කියලා යමක් නැහැ. මේ සඳහා වෛi ප්‍රතිකාර ගැනීම අනිවාර්යයයි. උදරාබාධයක් කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නෙවෙයි. ඕනම භයානක රෝගයක පෙර නිමිත්තක් විදියට උදරාබාධයක් මතුවෙන්න පුළුවන්. වෛද්‍ය උපදේශයෙන් තොරව බෙහෙත් ලබාගැනීම කලලයට හානිකර විය හැකියි.
විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ද
සටහන චාපා හංසිනි ආටිගල