free stats

යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකභාවය පමණක් නොව රටක ආර්ථික සාමාජික හා සංස්කෘතිමය දියුණුව රදා පවතින්නේ එම රටේ පුද්ගලයින්ගේ ළමා කාලයේ හැදියාව මතයි.මේ නිසාම තමයි සෑම ආගමික නායකයෙකුම දරුවන්ගේ ළමා කාලයේ වැදගත්කම කථා කළේ පෘසෝ කියන අධ්‍යාපනික දාර්ශනිකයා කියනවා දරුවෙකුට ළමයෙක් ලෙස වැඩෙන්න අයිතිය දෙන්න කියලා. යම් පුද්ගලයෙකු මිනිසෙකු වීමට පෙර දරුවෙකු විය යුතුයි කියලා ඔහු කියනවා. දරුවන් පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කළ මනෝ විද්‍යාඥ ජිම් පියාජි දරුවන්ගේ මනෝ විද්‍යාත්මක කරුණු රුසක් සොයා ගත්තා. ඔහු කියනවා දරුවන් හිතන්නේ වැඩිහිටියන් හිතන විදිහට නෙවෙයි කියලා. දරුවන් ගැන පියාජි කියපු දේ විශිෂ්ඨයි කියලා අයින්ස්ටයින් කියනවා. දරුවෝ පිළිබද කථිකාව අවුරුදු ගානක පුරාම පැවතිය දෙයක් කියලා රටක අනාගතය ඒ රටේ සදචාරය ආර්ථිකය තීරණය වෙන්නේ එම රටේ දරුවන් හැදෙන්නේ මොනවගේ පරිසරයකද කියන කාරණය මතයි.

අප රටේ රියඅනතුරු අපචාර මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ස්ත්‍රී දූෂණ ක්‍රමයෙන් වැඩිවෙනවා නම් එහෙම වෙන්නේ මිනිසුන්ගේ ආවේගපාලනය කර ගැනීමට නොහැකි වන නිසා බව හෙලිවෙනවා. පුද්ගලයෙක් ලොකු මහත්වෙලා තමන්ගේ සිතට නැගෙන ආවේග පාලනය කර ගන්න බැරි නම් තමන්ගේ සිතට නැගෙන තරහ තවත් කෙනෙකුට හානියක් නොවන සේ හිරකර ගැනීමට නොහැකි නම් ඉලක්කයට වැඩ කර ගන්න බැරිනම් ජීවිතයේ අරමුණක් නැති නම් පොදු සමාජ සම්බන්ධතාවන් හසුරුවීමට නොහැකි නම් පොඩි ගැටලුවක් හෝ දරාගැනීමට නොහැකිව සියදිවිනසා ගැනීමට පෙළඹෙනවා නම් අත්පා කපා ගන්නවා නම් මෙවැනි හැසිරීමක මූලාරම්භය ඇතිවෙන්නේ ළමා කාලයේ කියලා.

ස්නායු විද්‍යාඥයෝ සොයාගෙන තිබෙනවා දරුවෙකු ඉපදෙනකොට මොලයේ ස්නායු සෛල බිලියන 100ක් තියෙනවා කියලා. මේ ස්නායු තියෙන්නේ කුඩා කුඩා කෙදි වශයෙන් ළමයෙකු ඉපදෙනකොට මොළයේ හුගාක් කොටස් හැදිලා නැහැ. පසුකාලයේදී තමයි ඒ කුඩා ස්නායු එකින් එකට සමබන්ධවෙලා මොළය හැදෙන්නේ. දරුවෙක් ඉපදෙන කොට මොළයෙන් සියයට 80ක්ම හැදිලා නැහැ. දරුවෙක් ඉපදිලා මුල් අවුරුදු තුනේදී විශාල කොටසක් හැදෙනවා. චිත්තවේග පාලනය සමාජ සම්බන්ධතා හැසිරිම කුසලතා දරුවෙකුට අවශ්‍ය භාෂාව මොළයේ තිබෙන වැදගත්ම කොටස් ටික හැදෙන්නේ මුල් අවුරුදු 5දී. අපි මේ කාලේ ළමයාගේ මොළයට වැරදි උත්තේජනයන් දුන්නොත් දරුවාගේ ප්‍රජනනය හැගීම් පාලනය කර ගැනීම. අනාගතයේදී සමාජ සම්බන්ධතාවන් හසුරුවන ආකාරය චිත්තවේග පාලනය යන මේ සියලුම දේවල් විනාශ වෙනවා. ඒ නිසා ළමා කාලය ඉතා වැදගත් ලෙස පවත්වාගෙන යා යුතු වෙනවා.

ඇත්තෙන්ම දරුවන්ට මානසික පීඩනයක් දැනෙන්නේ නැතිද?

ස්නායු මනෝ වෛද්‍යවරුන් පවසන පරිදි මානසික පීඩනය යනුවෙන් හදුන්වන්නේ අප ජීවන අභියෝගයන්ට මුහුණ දෙන විට ඇතිවන මානසික ගැටලු ඒ කියන්නේ කේන්ති යනවා නම් පොඩි දේවල් ලොකුවට හිතනවා නම් යමක් කෙරෙහි අවදානයක් යොමු කරන්න බැරිනම් මේක තමයි මානසික පීඩනය කියලා කියන්නේ.

දරුවන්ට ඇතිවන මානසික පීඩනය ගැන කථා කරන කොට එය කොටස් තුනක් යටතේ කථා කරන්න පුලුවන්.

  1. ධනාත්මක මානසික ආතතිය

දරුවෙකුගේ මොළයේ ස්නායු පද්ධතිය මනාව වැඩීමට දරුවෙකුට එක්තරා අන්දමකට පීඩනය අවශ්‍යයයි. දරුවෙකු තමන්ගේ මව ලග ඉදලා මොන්ටිසෝරි යනවිට ඒක අලුත් පරිසරයක්. එතන දරුවාට අලුත් උත්තේජනයක් ලැබෙන ස්ථානයක්. දරුවා මුලින්ම මොන්ටිසෝරියට ගිය දවසට දගලනවා අඩනවා බිම පෙරළෙනවා අම්මගේ ඇගේ ඇතිල්ලෙනවා ගෙදර යන්න ඔනේ කියලා අඩනවා. මොළයේ ස්නායු පද්ධතිය වැඩීමට සෑම දරුවෙකුටම මේ වගේ උත්තේජනයක් අවශ්‍යයයි.

මේක අපි කියනවා දරුවාට ධනාත්මක පරිසරයක් කියලා. ධනාත්ම පරිසරයක් කියන්නේ නිතර නිතර අභියෝගාත්මක අද්දැකීම් ලැබෙන කොට මොළය හොදට වැඩෙනවා. දරුවෙකුට පඩියක් නගින්න අවශ්‍යයයි. වැලි ටිකක් පස් ටිකක අල්ලන්න අවශ්‍යයයි. නමුත් අද ඒවා මානසික ආතතියන්. මොකද අපේ වැඩිහිටියන් දරුවන්ට ඒ දෙවල් කරන්න දෙන්නේ නැහැ. දරුවා පඩියක් නැංගොත් ගහකට නැග්ගොත් වැඩිහිටියන් කෑ ගහනවා. වැටෙයි ඔය වැඩේ කරන්න එපා කියනවා. එතකොට කොහොමද ළමයෙක් ජීවිතයට ඒ වගෙ අත්දැකීමක් ලබා ගන්නේ.

  1. අතර මැදි මානසික පීඩනය –

මේය ධනාත්මක මානසික ආතතිය තරම්ම සරල නැහැ. අම්මා රෝහලේ තමන්ගේ ලගින්ම සිටිය තාත්තා පිටරට යනවා තමන්ගේ සහෝදරයා හිටි හැටියේම නැතිවෙනවා තමාට බොහෝ සේ ආදරය කළ සීයා මැරෙනවා. මේවගේ දේවල් දරුවන්ට එකවරම දරාගන්න අමාරුයි. ඒ වගේ මානසික පීඩනයකදී දරුවන්ගේ මානසික පීඩනය බොහෝ සේ බිදවැටෙනවා. මෙවන් අවස්ථාවකදී දරුවන්ගේ මානසික පීඩනය යළි ඇති කරන්න වැඩිහිටියන් විදිහට අපි ඔවුන් ළගින්ම ඉන්න ඕනේ.

  1. දූලක මානසික ආතතිය

දරුවෙකුට යම් දෙයක් ගැන නිතර නිතර කියා දෙස් නගනවා නම් තමන්ගේ දරුවා පහත් කොට අන්දරුවන් ඉදිරියේ නිතර නිතර කථා කරනවා නම් ළමයාට පහත් වචනයෙන් සැර පරුෂ වචනයෙන් නිතර කථා කරනවා නම් දරුවාට ආදරයක් නැතිනම් මෙවන් දරුවන් නිතරම දූලක මානසික ආතතියට ලක්වෙනවා.

දරුවන්ට මෙවැනි පීඩනයන් දිගින් දිගටම එල්ල වුණොත් චර්යාවේ බුද්ධියේ මොළයේ මානසික වර්ධනයේ විශාල ගැටලු ඇතිවෙලා සමාජ ප්‍රශ්න ගණනාවක් ඇතිවීමට හේතුවෙනවා. දරුවාගේ මොළයට එක දිගට යම් පීඩනයක් එල්ල වුණොත් මොළයේ විශාල වෙනසක් ඇතිකරන්න සමත් වෙනවා.

යමෙකුගේ ආවේග පාලනයකරන්නේ සමාජ සම්බන්ධතා ඇති කරගන්නේ සිතුවිලි හසුරුවා ගන්නේ යම් දෙයක් සැලසුම් කරන්නේ ඉලක්කයට වැඩ කරන්නේ නළලකොටසේ තිබෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ ගුණාත්මකභාවය අනුවයි.

දරුවෙකුට දිගින් දිගටම දූලක මානසික පීඩනය ඇතිවෙනකොට මෙම කොටස් වෙනස්කම් සිදුවෙනවා.

අපරාධකාරයෝ දූෂණයන්ට සම්බන්ධ වූ පුද්ගලයින්ගේ මොලය පෙට් ස්කෑනයකින් පරික්ෂා කිරීමේදී හදුනාගෙන තියෙනවා නළල කොටසේ ක්‍රියාකාරිත්වය වෙනසකට ලක්වී තිබෙන බව. මොවුන් කුඩා කාලයේදී දූලක ආතතියට ලක්වී තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

ළමා ස්නායු රෝග විශේෂඥ
මනෝ උපදේශක
මනෝ චිකිත්සක
වෛද්‍ය චමින්ද විරසිරිවර්ධන

  සටහන ශ්‍රියානි විජේසිංහ