free stats

මුල්වර පිළිසිද ගත් බව දැනගත් විට සිත මනා සතුටකින් පිරී ඉතිරී යයි. විවාපත්ව ටික කලක් ගිය විට පිලිසිද ගැනීම් හා පෙරමග සළකුණු ගැන විමසිලිමත් වීම කාගේත් සිරිතය. දරුවෙකු පිළිසිද ගත්තත් ඇතැම් යුවතියන්ට ඒ ගැන පෙරමග සළකුණු වේලාසන නොදැන්නට ඉඩ තිබෙයි. එහෙත් දැන් දැන් දරුවෙකු පිළිසිද ගත්විට ඒ බව වෛද්‍යවරයෙකු වෙත යාමටත් පෙර සිටම දැනගැනීමට හැකි උපකරණ කට්ටල වෙළද පලේ තිබේ. මෙම උපකරණ කට්ටල ගත යුත්තේ ඔසප් වීම නතර වු දිනයේ සිටය.

පිළිසිද ගැනීමත් සිදු වූ විට ඔබගේ ශරීරයෙන් හියුමන් කොරියොනික් ගොනඩොට්‍රොපින් නම් හෝමෝනය පිට වෙයි. මෙම හෝමෝනය බහුලව පිටවන්නේ උදෑසනය. එබැවින් උදෑසන මුල්ම මුත‍්‍ර මෙම පරීක්ෂණ කට්ටලය යොදාගෙන පරීක්ෂා කිරීමෙන් ගැබ්ගෙන ඇත්ද යන සුබ ආරංචිය ඔබට ලබා ගත හැකිය. එහෙත් මෙම පරීක්ෂණ වලද නොමග යැවෙන අවස්ථා නැතුවා නොවේ. එසේ වන්නේ ඇතැම් විට උපකරණයේ ප‍්‍රතිඵල සටහන් වීමට තරම් හෝමෝන ප‍්‍රමාණයක් සාධක නොවුනහොත්ය.

ඔබගේ ඔසප් වීම තවත් සතියකින් ඔබගේ ඔසප් වීම තවත් සතියකින් සිදු නොවුනහොත් නැවත එම පරීක්ෂණය සිදුකරන්න. එසේම ගැබ් ගැනීමක්නොවන අවස්ථාවකදී, ගැබ් ගැනීමක් ලෙස සාවද්‍ය වාර්තාවක් ලැබීමටද ඉඩ තිබේ. එයට හේතුව (hydatidiform mole) තත්ත්වයකි.

 වෛද්‍ය සහය

නිවසේ දී කළ පරීක්ෂණ ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, නිශ්චිත පරීක්ෂණයක් කර ගැනීම සදහා වෛද්‍යවරු, රෝහල්, ක්ලිනික් සහ නොයෙකුත් වෛද්‍ය සේවාවන්ගේ සේවාවන් ලබාගත හැක. ඔබ නිවසේදී කරනු ලබන පරීක්ෂණයම කළ ද, ඒ සම්බන්ධ පුහුණුව ලැබූ වෘත්තිකයන්ගෙන් ලබා ගන්නා වාර්තා වඩාත් නිවැරදි වේ. ඇතැම් විට ඔබේ ලේ දහරාවේ ඇති නියත HlAG ප‍්‍රමාණය මැනගැනීම සදහා ලේ පරීක්‍ෂණයක් ද කරන්නට ඉඩ ඇත. ගැබිණි කාලසීමාව පුරාවට මෙම HlAG ප‍්‍රමාණ වෙනස්වන නිසා ගැබ් ගැනීමට අදාල දින නිශ්චිතවම තීරණය කිරීම සදහා මෙම පරීක්ෂණ ඉවහල් වේ. ඔබ ගැබ්ගෙන මාසයක් දෙකක් ගත වු විට, ඔබේ උදරය ස්පර්ශකර පිරික්සීමෙන් ඔබේ ගැබිණි තත්ත්වය ගැන පැවසීමට වෛද්‍යවරයාට හැකියාව තිබේ.

ගර්භාෂය තරමක් උඩට ඉස්සී ඇති බවකුත්, තරමක් විශාල වී ඇති බවත් සාමාන්‍ය තත්ත්වයට වඩා මෘදු බවක් ද දැනෙන්නට පටන් ගනු ඇත.

 ගැබිණි බව සහතික වූ ප‍්‍රතිඵල

ඔබ ගැබ් ගෙන සිටින බවට ස්ථිරව සහතික කෙරෙන වාර්තාවක් ලැබුනු විගස ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔහු හෝ ඇය ඔබේ දරුවා ප‍්‍රසූතිය දක්වා අවශය සියලූ දේ රිසි පරිද්දෙන් සිදුකර ගැනීම සදහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරනු ඇත. දරුවා නිරෝගීව වැඩෙන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ, ඔබේ දින චර්යාවේ ඔබ කළ යුතු වෙනස්කම්, ඔබේ ආහාර සැකසුම, ව්‍යායාම යනාදි සෑම දෙයක්ම පිළිබදව ඔබට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත. ඔබේ ගැබ් ගැනීම සැලසුම් කරන ලද්දක් නොවේ නම්, ඔබ ගැනත් ඔබේ උපදින්න සිටින බිළිදාගෙත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමට කාලය මෙයයි.

දරැ ප‍්‍රසූති දිනය

කෙසේ වෙතත් නිශ්චිතවම නියමිත දිනට දරුවන් උපත ලබන්නේ සියයට පහක් පමණක් බව මතක තබා ගන්න. ඔබේ අපේක්ෂිත දිනයට සති දෙකකට කලින් හෝ සති දෙකක් පමාවී දරු ප‍්‍රසූතිය ස්ථිරවම සිදුවන බව සිතාගැනීිම වඩාත් හොදය. නිවුන් දරුවන් වැඩිහරියක්ම උපදින්නේ නියමිත දිනට කලින්ය.

අහාර අප‍්‍රිිිිිියතාවය

ගැබිණියකගේ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා මුල් ගැබිණි අවධියේ දී ආහාර අප‍්‍රිිිිිියතාවය ඇති කිරීමට ඉඩ ඇත.

පියයුරු වෙනස්වීම

ප්‍රොජෙස්ටරෝන් (Progesterone) මට්ටම ඉහළයාම මගින් පියයුරු බර වීම, තදවීම සහ මෘදු වීමක් වැනි කිරි නිපදවීමට පියයුරු සුදානම් වන ලක්‍ෂණ ඇතිවන අතර, තන පුඩු තරමක් තද පැහැයට හැරෙයි.

ගැබිණි රෝගී තත්ත්වයන්

HlAG (Human chorionic goídotropin) අගය ඉහළ යාම, ආහාර ජීර්ණ පද්ධතියේ පේශි ඉහිල්වීම, ආමාශයේ ඇසිඞ් වැඩිවීම සහ ගද සුවද කෙරෙහි අධිසංවේදී වීම නිසා ඔක්කාරය (බඩ දැගලිල්ල)  සහ වමනය ඇති කරවයි.

විඩාබරබව

දරුවාගේ ප‍්‍රධාන අවයව සහ වැදාමහ ආදිය සදහා මවගේ ශක්තිය යෙදවෙන නිසා මවට දැඩි විඩාබවක් දැනෙයි.

සංවේදීබව

හෝමෝන වෙනස්වීම නිසා ගද සුවද පිළිබද තියුණු සංවේදී බවක් ඇතිවිය හැකිය. දුම්වැටි දුම හෝ කෑම පිසින විට

ඇතිවන සුවද වුවද ඔබ තුළ  අප‍්‍රිිිිිියතාවය බවක්, අසනීප ගතියක් ඇති කළ හැක.

නිතර මුත‍්‍ර බර ඇතිවීම

ගැබිණි හෝමෝන විශේෂයෙන් Relaxing හෝමෝනය, ගර්භාෂයේ ඇතුළු ඔබේ සියලූම මාංශ පේශි ලිහිල් කරවයි. වකුගඩු හරහා ලේ ධාවනය වැඩිවීම නිසා මුත‍්‍ර නිපදවීම වැඩිවේ. ඔබේ පටක සහ අවයවයන් වල ක‍්‍රිිිිිිිිිිියාකාරිත්වය වැඩිවීම නිසා ඔබේ සිරුර තුළ ද්‍රාවන වර්ග බහුලව ඇති වේ.

යෝනි ශ‍්‍රාවයන් වැඩිවීම

හෝමෝන වෙනස්වීම නිසා යෝනි මාර්ගයෙන් පහවන ශ‍්‍රාවයන් වැඩිවීමක් ඇති වේ.

PREGNANCY –
THE COMPLETE GUIDE FROM
PLANNING TO BIRTH නම්
කෘතියෙන් උපුටාගන්නා ලදී

මයිකල් ආන්ජලෝ ප‍්‍රනාන්දු