free stats

අලු‍ත උපන් දරුවාව වසංගත රෝගයන්ගෙන් මුදවා ගැනී‌ම සදහා විවිධ වයස් කාණ්ඩයන් වලදී එන්නත් ලබාදෙයි. මේ අනුව දරුවෙකුට ඉපදුණ පසුව මුලින්ම ලබා දෙනුයේ බී.සී.ජී එන්නතයි. මේ අනුව දරුවෙකු උපතේ සිට වයස අවුරුදු 12 වන තෙක් විවිධ වසංගත රෝගයන්ගෙන් මුදවා ගැනීම සදහා එන්නත් ලබා දෙනු ඇත.

දරුවාට දෙවන එන්නත ලබා දීම ස’දහා මව දරුවාව මාතෘ සායනය වෙත රැගෙන යා යුතුය. ඒ අනුව දරුවාට එන්නත් දීමට පෙර ළමා වර්ධන සටහන් පොත වෛද්‍යවරයාට පෙන්වීය යුතුය. දරුවාට එන්නත් ලබා දීමේදී මාසයක පරතරයක් තිබීම අනිවාර්ය වේ.
ප්‍රතිශක්තිය වෙනස් කරන ඖෂධ අධිමාත්‍රාවෙන් දී ඇත්නම් සති හයක් ගතවන තෙක් හෝ එන්නත් ලබාදීම සුදුසු නැත.

දරුවාට ‍උණ ඇත්නම් එන්නත් ලබානොදේ.

දරුවාට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් එය ඒන්නත් ලබා දිමට ගැටලු‍වක් නොවේ.

දරුවාට මාසයක් වැනි කාලයක් තුලදී ෆිට් එක සෑදී ඇත්නම් එවිට ද එන්නත් ලබා දෙන්නේ නැත. දරුවාගේ වර්ධන සටහන් පොත වෛද්‍යවරයාට පෙන්විම අනිවාර්යය වන්නේ මේ හේතුව නිසාය.

දරුවා ගේ මළ පහ බුරුලට යන්නේ නම් එවන් විටක මුඛ මාර්ගයෙන් ලබා දෙන පෝලියෝ වැනි ඒන්නත් ලබා නොදේ.

එන්නත් විදීමේදී නියමිත දිනයටම එය ලබා දිය යූතු නැත. එන්නත ලබා දිය යුතු දිනයට සතියකට පෙර හෝ පසුව එන්නත ලබාදීම කළ හැකියි.

එන්නත දිමට පැය භාගයකට කලින් දරුවාගේ බර අනුව පැරසිටමෝල් නියම මාත්‍රාව ලබා දීමෙන් දරුවාට‌ ඒන්නත ලබා දිමේදී ඇතිවන වේදනවා අවම කර ගත හැකිය. ඒසේම දරුවා මව්කිරි බොන විටදී එනම් මවගේ තනපුඩුව උරන විටදී පැරසිටමෝල් දිය හැකිනම් වේදනාව අවම කර ගැනීමට එය හොදම හේතුවකි.

දරුවා යම් ආහාර පානයක් අසාත්මිකතාවක් පෙන්වයි නම් හෝ උපන් බර නියමිත තත්ත්වයෙන් යුක්ත නොවේ නම් හෝ නොමේරු දරුවෙකු ලෙස බිහිව ඇත් නම් එය දරුවාට එන්නතක් ලබා දීම නතර කිරීමට හේතුවක් නොවේ. දරුවාට නියමිත එන්නත් ලබා නොදෙන්නේ නම් ඒ බව එන්නත් පිළිබද විශේෂඥවරයෙකු තීරණය කළ යුතු දෙයකි.

එන්නත් ලබා දෙන විට දරුවාව මගේ ඇග‌ට තුරුළු කර අල්ලා ගත යුතුයි. දරුවාගේ කලව තදින් අල්ලා නොගැනීමෙන් එන්නත් කටුව කිප පලකට ඇනී ගැටයක් ඇතිවිය හැක. මෙය දරුවාට වේදනා ගෙන දෙන තත්ත්වයකි.

දරුවාට එන්නත දුන් පසුව පැය භාගයක් පමණ ඒම ස්ථානයේ රදවා තබාගැනීමෙන් සිදුවිය හැකි ඇසාත්මිකතා මගහරවා ගත හැකිය.

එන්නත දීමෙන් පසුව දරුවාගේ අතපය දරදඩු වේ නම් අත්පා ගැහෙන්නේ නම් එන්නත දුන් ස්ථානයේ යම් වෙනසක් සිදුවන්නේ නම් වහාම වෛද්‍යවරයා එ බව දැනුම් දිය යුතුය.
එන්නත විදීමෙන් පසු දින දරුවා නෑවීම හෝ එන්නත ලබාදුන් ස්ථානය තැවිමක් නොකළ යුතුය.

එන්නත ලබා දුන් පසු දිනයේම නෑවිම සුදුසු නොවේ.

එන්නත දුන් වේලාව, දිනය, බැජ් අංකය, කාණ්ඩ අංකය, ආදිය විස්තර ඇතුලත් ස්ටිකරයක් එන්නත් කුප්පියේ ඇති බැවින් එම ස්ටිකරය ළමා වර්ධන සටහන් පො‌තේ අලවා ගැනීමට අමතක නොකළ යුතුය.

දරුවාට ලබා දෙන එන්නත්වල ජීවීගුණය රදවා ගැනිමට නම් ඒවා නියමිත උෂ්ණත්වයේ තබන්නේ ද යන්න සැලකිලිමත් විම වැදගත් වේ.

එන්නත ලබා දිම සදහා මාතෘ ළමා සායනයන් වෙත දරුවා රැගෙන ගිය පසුව දරුවාගේ බර , හිසේ වට ප්‍රමාණය, වයසට බුද්ධි වර්ධනය සිදුව තිබෙන්නේද යන්න පිලිබදව මෙහිදී සොයා බැලේ. ( මාස 4 වන විට දරුවාගේ ඔලු‍ව කෙලින් කර ගැනීමට පටන් ගෙන තිබිය යුතුය. මාස 6දී මව උදව්කල විට වාඩිවී සිටීමට හැකි විය යුතුය. මාස 9න් පසුව දරුවා හොදින් හදුනන අය වෙත පමණක් දරුවා සමීප වේ.)

ඒසේම ඔබ දරුවාට එන්නත ලබා දීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත රැදී සිටිය ද පැය භාගයකට වඩා වැඩි වේලාවක් රැදි සිටීමෙන් වළකින්න. මන්ද සායනය වෙත පැමිණී අනෙක් දරුවන්ට වෛරස් රෝග තිබිය හැකිය. ඒසේ වුවහොත් ඔබගේ දරුවාටද ඒය වැළදීමේ අවදානමක් පවතී. එහෙත් අපේ සමහර මව්වරුන් දරුවාට ඒන්නත් ලබා දීමෙන් පසුව සායනය තුළ නිකරුණේ කාලය ගත කරනවා ඔබ දැක ඇත. ඒහිදී සිදුවන්නේ සායනයට පැමිණි අනෙක් ළමුන්ට වෛරස් රෝගයක් ඇත්නම් ඒය ඔබගේ දරුවාටද වැලදීමේ අවදානමක් ඇතිවීමයි. ඒසේ වුවහොත් බොහෝ දෙමාපියන් සදහන් කරනු‌යේ දරුවාට ඒන්නත් දීම හේතුවෙන් කිසියම් වෛරස් රෝගයක් වැළදුණු බවය.

රාගම ශික්ෂණ රෝහලේ
නවජන්ම හා ළදරු ඒකකයේ
ළමාරෝග විශේෂඥ වෛද්‍ය
සංජීව තෙනන්කෝන්

සටහන- ශ්‍රීයානි විජේසිංහ